Online payment එකක් chat එකක් වගේම error එකක් හරි යාලුවෙකුට යවන්න නැත්තම් save කරගන්න අවශ්‍ය වෙන වෙලාවල් එනවා. මේ වෙලාවට Windows Keyboard වල තියෙන  Print Screen button එක press කරාම ඒ වෙලාවේ screen එකේ තිබ්බ දේවල් වල snap shot 1 ක් වදිනවා .මෙක MS paint නැත්තම් Photoshop , Gimp වගේ program එකකට save කරගන්න පුලුවන්. මෙම පහසුකම ( Windows XP , Vista , 7 , 8.5 , 10 ) යන හැම මෙහෙයුම් පද්ධතියකම පවතිනව.  මේ ක්‍රමය මගින් ඒ වෙලාවෙ සම්පුර්ණ screen එකේ තියෙන දේවල් වදින එකත්, අනිවාර්යෙන් MS paint හෝ Photoshop වගේ program එකක් open කරගෙන ඒ මගින් save කරගන්න වෙන එකත් නවකයෙකුට ටිකක් සංකීර්ණයි.

 

Computer Shop ගැන ඔයාගෙ අත්දැකීම කියන්න එන්න shop rating

Windows 7 වලදි හදුන්වා දුන් Snipping tool එක

මේ tool එකේ විශේෂත්වය වෙන්නෙ තමන්ට අවශ්‍ය පෙදේස පමනක් එක step එකකින් save කර ගැනීමෙ හැකියාවයි. ඒ වගේම paint , Photoshop වගේ program open කරන්න අවශ්‍ය වෙන්නේ නෑ. Full desktop එකම හරි ඉන් කොටසක් හරි select කරාට පස්සේ ඒ මත notes ලියන්න අදින්න පුලුවන්. එ් එක්කම JPG හරි PNG හරි විදියට save කරන්න පුලුවන්.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here