Press ESC to close

SD card තෝරා ගමු

SD card එහෙමත් නැත්නම් Secured Digital card කියන්නෙ ඉතා කුඩා ඉඩක වැඩි data Capacity එකක් ගබඩා කරන්න පුළුවන් ලෙස නිපදවපු Flash memory chip එකක්. Digital camera, smart phone, tab වගේම laptop වලත් SD card භාවිතා වෙනව. ඒත් හැම SD card එකක්ම හැම Device එකකටම හරියන්නෙ නැහැ. මේ නිසා SD card එකක් මිලදී ගන්න කලිං පහත කරුනු ගැන අවධානය යොමු කරන්න වෙනව.

Form factor – ප්‍රමාණය

Get Your Site Up with A2 Hosting

Standard size SD card – 32mm x 24mm

Mini SD card – 21.5 mm x 20 mm

Micro SD card – 15 mm x 11mm

ලෙස සම්මත ප්‍රමාණ 3ක් යටතේ SD card නිෂ්නාදනය වෙනව.

Speed class

SD cards වල දත්ත ලියන කියවන වේගයන් අනුව speed class 4කට වෙන් කරන්න පුළුවන්. 2,4,6 සහ 10 ලෙස වර්ග කරල තියෙන class වලින් වේගය අඩුම class 2 එක. Class 2 SD card එකක් sd video recording එකකට හරිගියත් දැනට තියෙන smart phone වල තිබෙන HD video recording rapid Photo shooting සහ SD card එකට Apps install කරල use කරනව   වගේ අංග සදහා ගැලපෙන්නෙ class 10 SD card එකක්.

SD card එකක වේගය එහි කවරයෙ වගේම කාඩ් එක මතත් Print කරල තියෙනව. එහෙම ලකුණු කරල නැතුනම් ඒ SD card එක ඉතා පරණ speed class 2 වඩා Slow එකක් වෙන්න පුළුවන්.

2016 වෙද්දි UHS – Ultra High Speed SD card කාණ්ඩයකුත් නිකුත් වෙලා තියෙනව. Class 1 සහ class 3 ලෙස නිකුත් වන මෙම SD card සුදුසු DSLR camera වගේ අධික වේගයෙන් Data read write කරන්න අවශ්‍ය Device වලටයි.

Capacity – ධාරිතාවය

සාමාන්‍යයෙන්SD card එකක් 2GB වල සිට 64GB 128 GB දක්වා විවිද වලින් මිලදී ගන්න පුළුවන්. එක් එක් Device එකේ සදහන් කරල තියෙනව ඒ Device එක Support කරන උපරිම capacity එක. ඒ කියන්නෙ ගන්න පුවවන් ලොකුම card එක ගන්න කලින් එය තමන්ගෙ Device එක Support කරනවද කියල බලන්න වෙනව.

තමන්ගෙ Device එකට SD card එකක් මිලදී ගන්න කලිං සම්මත ප්‍රමාණය Form factor, ධාරිතාවය Capacity සහ වේගය speed class ගැන දැනගෙන ගියොත් එය ඉතා පහසු තීරණයක් වේවි.

Pcguide

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Comments (3)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *