Home Games ඉදිරියෙදි එන Battlefield 6
Games

ඉදිරියෙදි එන Battlefield 6

Share
blank
Share

ඔන්න දැන් Battlefield 6 trailer එක නිළ වශයෙන් release වෙලා තියෙනවා. Trailer එකේ මුලදීම අහන්න ලැබෙන්නේ Bob Dylan ගේ “Masters of War” කියන classic ගීතය. හුඟක් slow-paced, haunting lyrics තියෙන ගීතයක්. ඒත් මේක ගලාගෙන යන්නේ trailer එකේ තියෙන drone attacks, පිපිරීම් සහ කඩාවැටුනු ගොඩනැගිලි වගේ extreme action visuals එක්ක! 

මේක සම්පූර්න gameplay trailer එකක් නෙවෙයි. මේක campaign cutscene වලින් පිරුණු trailer එකක්. ඒත් මේකෙ Battlefield series එකේ හැමෝම ආස වෙච්ච ඒ epic war feel එක එහෙම්ම ලබාදීලා තියනවා. මෙහි දකින්න ලැබෙනවා, urban warfare, close-quarter combat සහ high-tech military tools. මේක හරියට modern warfare battlefield එකක් වගේ! Trailer එකේ තියෙන එක scene එකක, Brooklyn Bridge වගේම විශාල නාගරික පරිසරයක් අධික ලෙස විනාශ වෙලා තියෙනවා.

EA Games කියන විදිහට, July 31 වෙනිදා Battlefield 6 multiplayer gameplay reveal එකක් පෙන්වන්න සූදානම්. ඒකෙන් පස්සේ අපිට full game mechanics, class system එක, සහ map design ගැනත් හොඳින් තේරුම් ගන්න පුලුවන් වෙයි. අදාල trailer එකෙන් ඒකට ඉගි ලබාදීලා තියෙනවා. නමුත් real gameplay footage එක තවම නෑ.

කොහොම උනත්, Bob Dylan ගීතය එක්ක explosives වලට මැදිවෙන soldiers, destroyed skylines, සහ වටපිටාවන්, Battlefield 6 trailer එක pure hype pack එකක්. මේකෙන් පරිශීලකයන්ට හොඳ cinematic preview එකක් දුන්නා. දැන් බලාපොරොත්තු තියෙන්නේ actual gameplay reveal එක වෙනකම්!

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

අඩුවට Games ගන්න Steam Winter Sale ආරම්භ උනා

PC ක්‍රීඩකයන් බොහෝ දෙනා බලා සිටින Steam Winter Sale වට්ටම් කාලය Valve...

ලබන අවුරුද්දෙ එන අලුත්ම Control Game එක

Control Resonant යනු 2019 දී පළමු Control ක්‍රීඩාව නිර්මාණය කළ Remedy Entertainment...

Red Dead Redemption 1 මොබයිල් සදහා නිකුත් වෙයි.

Rockstar Games හි ජනප්‍රිය Red Dead Redemption ක්‍රීඩාව 2025 දෙසැම්බර් 2 වන...

නොමිලේ Play කරන්න පුලුවන් අලුත්ම Game එක

Where Winds Meet යනු පැරණි චීනය කෙන්ද්‍ර කරගෙන නිර්මාණය කර ඇති නව...