Home Tech News පරිශීලකයන් මිලියන 31ක දත්ත සමග හැක්වුනු Internet Archive
Tech News

පරිශීලකයන් මිලියන 31ක දත්ත සමග හැක්වුනු Internet Archive

Share
blank
Share

Internet Archive යන නම සමහරවිට ඔබ අසා ඇති. එය තමයි ලොව විශාලම digital library එක ලෙස හදුන්වන්නෙ. මෙම වෙබ් අඩවියෙන් ඔබට අවශ්‍ය ඕනෑම website එකක්, software application, music, audio, සහ print materials සොයාගන්න පුලුවන්. මෙය ආදායම් නොලබන සංවිධානයකින් පවත්වාගෙන යන්නක්. මෙහි digital files වලට අමතරව Wayback Machine නමින් තවත් විශේෂාංගයක් තිබෙනවා. මෙමගින් ඔබට දීර්ඝ කාලයක් තිස්සෙ පවත්වාගෙන ආ වෙබ් අඩවි වල පැරනි ස්වරූපයන් බලන්න පුලුවන්.

ඉතින් මේ Internet Archive වෙබ් අඩවිය ගැන අහන්න ලැබෙන්නෙ කනගාටුදායක පුවතක්. ඒ තමයි මේ වනවිට මේ වෙබ් අඩවිය හැක්වීමකට ලක්වෙලා තිබෙනවා. එයටත් වඩා ප්‍රධාන ගැටලුවක් වී තිබෙන්නෙ මේ වෙබ් අඩවියේ ලියාපදිංචි වී සිටි මිලියන 31ක පරිශීලකයන්ගේ දත්ත හැකර්කරුවන් අතට පත්වී තිබීමයි.

පසුගිය ඔක්තෝම්බර් 9 වැනිදා සිට මේ ආකාරයට මෙම වෙබ් අඩවියට පිවිසි පරිශීලකයන්ට දැකගන්න ලැබුනෙ මෙවන් පනිවිඩයක්. “Have you ever felt like the Internet Archive runs on sticks and is constantly on the verge of suffering a catastrophic security breach? It just happened. See 31 million of you on HIBP!” මෙහි සදහන් වන HIBP යනු Have I Been Pwned? වෙබ් අඩවියයි. මෙම වෙබ් අඩවියෙන් ඔබට ඔබේ email ලිපිනයක් ලබාදී එහි දත්ත ලීක් වී තිබේදැයි පරීක්ශා කර බලන්න පුලුවන්. එනම් එම email ලිපිනයට අදාල යම්කිසි තොරතුරක් මේ වනවිටත් dark web එකට නිකුත් වී තිබේදැයි පෙන්වනවා.

මෙම හැක්කිරීම සිදුකර තිබෙන්නෙ BlackMeta hacktivist group එක මගිනුයි. ඒ DDoS attack එකක් ලෙසයි. මෙම කණ්ඩායම ඔවුන්ගේ X ගිණුමේ සටහනක් තබමින් මේ හැකින් ප්‍රහාරයේ වගකීම බාරගෙන තිබෙනවා. ඔවුන් මෙම ප්‍රහාරයට හේතුව ලෙස දන්වා තිබුනෙ මෙම වෙබ් අඩවිය ඇමරිකානු වෙබ් අඩවියක් වීම සහ ඇමරිකාව විසින් ඊශ්‍රායල රජයට සහය දක්වනවා යන්නයි. ඒ වගේම මෙම ප්‍රහාරයේ දෙවන වටයකුත් තිබෙන බව ඔවුන් එහි සදහන් කර තිබෙනවා. මෙම හැකින් කණ්ඩායම මීට පෙර මේ වසරේ ජූලි මාසයේදී UAE Bank එක හැක් කර තිබුනා.

HIBP සමාගමේ සාමාජිකයෙකු සදහන් කර තිබුනේ මේ වනවිට BlackMeta කණ්ඩායම විසින් ඔවුන්ට Internet Archive’s authentication database එක ලබාදී ඇති බවයි. එහි දත්ත සොරාගෙන ඇති පරිශීලකයන් ගැන විස්තර අඩංගු වෙන නිසා එම පරිශීලකයන්ට මේ පිලිබදව දැන්වීම මේ වනවිට සිදුකෙරෙමින් පවතිනවා.

මේ ප්‍රහාරයට එරෙහිව සිදුකෙරෙමින් පවතින ක්‍රියාමාර්ග ගැන මෙම Internet Archive හි නිර්මානකරු වන Brewster Kale විසින් ඔහුගේ X ගිනුමේ යාවත්කාලීන සිදුකරමින් සිටිනවා. මෙවන් ප්‍රහාර වලින් පැන නගින ප්‍රශ්නය වන්නෙ ඉතාමත් ආරක්ශිත ක්‍රමවේදයක් ලෙස සැලකෙන 2FA එහෙමත් නැතිනම් 2 factor authentication පහසුකම ක්‍රියාත්මක තිබුනත් අපගේ දත්ත ඇත්තටම ආරක්ශිතද යන්නයි.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...