Home Tech News Shape shifting Malware එකක් ගැන තොරතුරු හෙලිවෙයි
Tech News

Shape shifting Malware එකක් ගැන තොරතුරු හෙලිවෙයි

Share
blank
Share

Web browser එක හරහා තොරතුරු සොරාගන්නා Shape shifting Malware එකක් ගැන Microsoft සමාගම තොරතුරු අනාවරණය කර තිබෙනව.

Mozilla Firefox, Microsoft Edge, Google Chrome වැනි විශාල User Base සහිත Web browser වලට Ads වැනි ක්‍රමවේද හරහා ඇතුලත් වී User Click කල විට Browser Addon එකක් ලෙස Install වෙමින් ඒ හරහා පරිශීලකයාගේ තොරතුරු සොරා ගැනීම මෙහි Pattern එකයි.

මෙහි තාක්ෂණික තොරතුරු සංකීර්ණ උවත් Adrozek Malware එක සරල උපක්‍රම කීපයක් හරහා පරිශීලකයාගේ Web Browser එකට ඇතුලත් වී ඒ හරහා මේ වනවිට වැඩියෙන්ම භාවිතා වන Browser තුලින් Location, Passwords වැනි දේ ලබාගැනීම හා Search Results තුලට Malicious Scripts හරහා Ads එකතු කිරීම – (Dynamic Link Libraries) DLL වෙනස් කර Browser එකේ Security Controls වෙනස් කිරීම මේ හරහා සිදුවෙන බවයි Microsoft 365 Defender Research කණ්ඩායම වාර්ථා කරන්නෙ.

මෙම Adrozek Attacks වලින් බේරීමට Widows 10 හි ඇති Microsoft Defender Antivirus එක Up to date කර On තත්වයේ පවත්වා ගැනීම පමණක් ප්‍රමාණවත් බවයි Microsoft 365 Research Team එක පවසන්නෙ. කෙසේ වෙතත් අනවශ්‍ය Ads මත Click කිරීම වැනි දේවල් වලින් වැලකීම හරහාද මෙවැනි Malware Attacks වලට ගොදුරු වීමේ අවධානමෙන් ගැලවීමට උදව් වෙනව.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

2 Comments

Leave a Reply

Related Articles

නවතම Galaxy XR Headset එක ගැන දැනගමු

Samsung සමාගම විසින් ඔවුන්ගේ නවතම Galaxy XR headset එක එලි දැක්වුවා. දැනටමත්...

Windows 10 ඇත්තටම ඉවරද, ඊලගට මොකද කරන්නෙ…?

ලොව පුරා මිලියන ගණනක් පරිශීලකයන් විසින් භාවිතා කරන ලද Windows 10 මෙහෙයුම්...

ලොව පළමු Robot Smartphone එක Honor වෙතින්

ජංගම දුරකථන ඉතිහාසයේ නව හැරවුම් ලක්ෂයක් එක් කරමින් Honor සමාගම නවතම සංකල්පයක්...

අලුතෙන් Redesign උනු YouTube

Google විසින් YouTube video player එකට අලුත්ම redesign එකක් නිකුත් කරලා තියෙනවා....