Press ESC to close

Google Maps වලට එරෙහිව Huawei Maps එලි දකී

ඇමරිකානු සම්බාධක හමුවේ Google Mobile Services සහ අනෙකුත් ප්‍රධාන සමාගම් සමග සම්බන්ධතා නැතිවීම Huawei සමාගමට තමන්ගේම Mobile OS එකක් සහ App නිෂ්පාදනය කිරීම ගැන අවධානය වැඩි කිරීමට හේතුවත් උනා.

මේ සම්භාධක නිසා Huawei සමාගමේ Smart Phones සදහා Google Mobile Services මෙන්ම Google Maps පහසුකම ලැබෙන්නේ නැහැ. Maps මත ගොඩනැගී තිබෙන බොහෝ සේවා අතරට Ride Hailing (UBER) වැනි Apps අයත් වීම නිසා huawei සමාගමේ නව Smart Phones වලට මෙය දැඩි තර්ජනයක් බවට පත්ව තිබෙනවා.

Get Your Site Up with A2 Hosting

huawei Petal Maps මේ සදහා චීන huawei සමාගමේ පිළිතුර වී තිබෙනවා. මේ වන විට චීනය ඇතුළු රටවල් 140ක Huawei Petal Maps නිකුත් වී තිබෙන අතර මෙය දැනට EMUI 11 Support කරන P40, Mate 30, Mate 40 Phones වලට ලබාගත හැකියි.

Petal Maps මේ වනවිටත් Google Maps සමග තරග කල හැකි මට්ටමේ විශේෂාංග සමග නිකුත් වී ඇතත් තවමත් Stable මට්ටමක නැති බවට වාර්ථා වෙනවා. navigation Support කිරීම නිසා Google Maps මෙන්ම මෙය Directions ලබාගැනීමට භාවිතා කල හැකියි. එමෙන්ම Google Maps interface එක ආකාරයටම නිර්මාණය වී ඇති නිසා මෙය භාවිතා කිරීමේදී අළුතින් හැඩගැසීමට ඇති දේවල් අඩු වෙනවා.

Google Maps වෙනුවට එක්වන මෙය Huawei Devices වලට පමණක් නිකුත් වුවහොත් එය භාවිතා කරන පිරිස අඩුවීමක් හරහා ජනප්‍රියත්වය අඩු වීමක් බලාපොරොත්තු විය හැකි අතර Google Play Store සදහා නිකුත් උවහොත් වැඩි පිරිසක් අතරේ භාවිතාව හරහා Google Maps වෙනුවට ලබාගත හැකි ජනප්‍රිය App එකක් බවට පත්වීමටද ඉඩකඩ තිබෙනවා.

Pcguide

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *