Home Tech News Phones Google Maps වලට එරෙහිව Huawei Maps එලි දකී
PhonessoftwareTech News

Google Maps වලට එරෙහිව Huawei Maps එලි දකී

Share
blank
Share

ඇමරිකානු සම්බාධක හමුවේ Google Mobile Services සහ අනෙකුත් ප්‍රධාන සමාගම් සමග සම්බන්ධතා නැතිවීම Huawei සමාගමට තමන්ගේම Mobile OS එකක් සහ App නිෂ්පාදනය කිරීම ගැන අවධානය වැඩි කිරීමට හේතුවත් උනා.

මේ සම්භාධක නිසා Huawei සමාගමේ Smart Phones සදහා Google Mobile Services මෙන්ම Google Maps පහසුකම ලැබෙන්නේ නැහැ. Maps මත ගොඩනැගී තිබෙන බොහෝ සේවා අතරට Ride Hailing (UBER) වැනි Apps අයත් වීම නිසා huawei සමාගමේ නව Smart Phones වලට මෙය දැඩි තර්ජනයක් බවට පත්ව තිබෙනවා.

huawei Petal Maps මේ සදහා චීන huawei සමාගමේ පිළිතුර වී තිබෙනවා. මේ වන විට චීනය ඇතුළු රටවල් 140ක Huawei Petal Maps නිකුත් වී තිබෙන අතර මෙය දැනට EMUI 11 Support කරන P40, Mate 30, Mate 40 Phones වලට ලබාගත හැකියි.

Petal Maps මේ වනවිටත් Google Maps සමග තරග කල හැකි මට්ටමේ විශේෂාංග සමග නිකුත් වී ඇතත් තවමත් Stable මට්ටමක නැති බවට වාර්ථා වෙනවා. navigation Support කිරීම නිසා Google Maps මෙන්ම මෙය Directions ලබාගැනීමට භාවිතා කල හැකියි. එමෙන්ම Google Maps interface එක ආකාරයටම නිර්මාණය වී ඇති නිසා මෙය භාවිතා කිරීමේදී අළුතින් හැඩගැසීමට ඇති දේවල් අඩු වෙනවා.

Google Maps වෙනුවට එක්වන මෙය Huawei Devices වලට පමණක් නිකුත් වුවහොත් එය භාවිතා කරන පිරිස අඩුවීමක් හරහා ජනප්‍රියත්වය අඩු වීමක් බලාපොරොත්තු විය හැකි අතර Google Play Store සදහා නිකුත් උවහොත් වැඩි පිරිසක් අතරේ භාවිතාව හරහා Google Maps වෙනුවට ලබාගත හැකි ජනප්‍රිය App එකක් බවට පත්වීමටද ඉඩකඩ තිබෙනවා.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...