Press ESC to close

EA සමාගම විසින් එළිදක්වන්න සූදානම් වෙන Black Panther ක්‍රීඩාව

Marvel සමාගම විසින් එළිදක්වන්න සූදානම් වෙන නවතම පරිගණක ක්‍රීඩාව පිලිබදව පසුගිය දිනකදී නිවේදනය කරා. මෙය Marvel සහ Electronic Arts යන සමාගම් දෙකම එක්ව නිපදවා එළිදක්වන ක්‍රීඩාවක්.

මෙම ක්‍රීඩාව සංවර්ධනය කරන්නෙ EA සමාගමේ Arts studio එකක් වන Cliffhanger Games විසින්. Black Panther පාධක කරගත් මෙහි single-player ක්‍රීඩා විලාශයක් තිබෙන බව නිවේදනය කර තිබෙනව.

Get Your Site Up with A2 Hosting

මෙය action-adventure කාන්ඩයේ ක්‍රීඩාවක් බව වාර්තා වෙනව. Cliffhanger Games සමාගම පවසන ආකාරයට ඔවුන් මෙහි එන Wakanda දේශය, එහි තාක්ශනය සහ එහි සිටින වීරයන් ඇතුලු මුල් කතාවට අයත් සියල්ලක්ම නිවැරදිව නිර්මානය කරගෙන යනව.

එම සමාගමෙන් මීටපෙර එළිදක්වපු Middle-earth: Shadow of Mordor ක්‍රීඩාව සංවර්ධනය කල කන්ඩායමේ ප්‍රධානියා ලෙස ක්‍රියාකල Kevin Stephens විසින්ම මෙම Black Panther ක්‍රීඩාව නිර්මානය කරන කන්ඩායමේ ප්‍රධානියා ලෙසත් ක්‍රියාකරනව. ඒවගේම එම කන්ඩායමේ සිටින අනෙක් සාමාජිකයන් වන්නෙ Halo Infinite, God of War සහ Call of Duty යන පරිගණක ක්‍රීඩා නිර්මානය කල සංවර්ධකයන් විසින්.

කටකතාවලින් දැක්වෙන ආකාරයට EA Motive ස්ටුඩියො එක මගින් Iron Man පාධක කරගත් පරිගණක ක්‍රීඩාවකුත් නිර්මානය කරගෙන යනව. එයත් single-player, third-person සහ action-adventure කාන්ඩයේ ක්‍රීඩාවක් බවයි වාර්තා වෙන්නෙ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *