Home Tech News මිනිස් මොළය ප්‍රතිනිර්මාණය කරන Blue Brain Project
Tech News

මිනිස් මොළය ප්‍රතිනිර්මාණය කරන Blue Brain Project

Share
blank
Share

මිනිසාගේ මොළයේ ඩිජිටල් ආකෘතියක් නිර්මාණය කිරීමේ වැඩසටහනක් ස්විට්සර්ලන්ත ආණ්ඩුව විසින් මෙහෙයවනු ලබනවා. එය හඳුන්වන්නේ බ්ලූබ්‍රේන් ව්‍යාපෘතිය (The Blue Brain Project) ලෙසයි. එය යටතේ ස්නායු සෛලයක් ක්‍රියා කරන අයුරු නිරුපණය කරන ගණිතමය ආකෘතියක් හෙවත් ඇල්ගොරිදමයක් තැනීමට එහි පර්යේෂකයෝ දැන් සමත්ව සිටිනවා. ඇල්ගොරිදමයකින් මෙහෙයවන එම ක්‍රමය හඳුන් වන්නේ, තලමිතික නියුරෝන සංස්ලේෂණය (Topological Neuron Synthesis) වශයෙන්. ස්නායු සෛලය හෙවත් නියුරෝනය යනු මොළයේත්, ස්නායු පද්ධතියේත් ඇති ක්‍රියාකාරී කුඩාම ඒකකයයි.

මොළයේ ඩිජිටල් ආකෘතියක් යනු, කෘත්‍රිම මොළයක්. එනම් ජීවමාන මොළයක ඩිජිටල් ප්‍රතිරූපණයක්. සාමාන්‍ය මොළයකින් කරන වැඩ සියල්ල කළ හැකි මාදුකාංග සහ දෘඩාංග සැකැස්මකි. එවැනි සැකැස්මක් ක්‍රියාත්මක කිරීම පිණිස අත්‍යවශ්‍ය වෙන්නේ කාර්යක්ෂම සහ නිවැරදි විධාන සැකැස්මක්. තලමිතික නියුරෝන ඇල්ගොරිදමය එවැනි එකක්. එය යොදා ගෙන නියුරෝන සකසා ගැනීම, තලමිතික නියුරෝන සංස්ලේෂණය ලෙස හදුන්වනවා.

මේ යටතේ දැන් නියුරෝන මෘදුකාංග ආකෘති දසදහස් ගණනක් නිර්මාණය කොට තිබෙනවා. එනම් මේවා පරිගණක වැඩසටහන්ය. මේ එක් පරිගණක වැඩසටහනක් වෙන් කොට ගතහොත් එය ක්‍රියා කරන්නේ ස්නායු සෛලයක් ක්‍රියාත්මක වෙන ස්වරූපයටයි. ස්නායු සෛලයක් ආවේග ලබා ගන්නේ කෙසේද, ඒවා සම්ප්‍රේෂණය කරන්නේ කෙසේද, අනෙක් ස්නායු සමඟ සම්බන්ධතා පවත්වා ගත්නේ කෙසේද යනාදී මූලික ස්වරූප සියල්ල මෙමගින් ප්‍රතිනිර්මානය කරන්න පුලුවන්.

මෙසේ යම් උපකරණයක් හෝ ජීවී පද්ධතියක් ගොඩනැංවී ඇති ස්වරූපය හෙවත් ඉංජිනේරු ලක්ෂණ, වෙනත් තැනකදී යම් ක්‍රමයකට ඉදිරිපත් කිරීම හඳුන්වන්න්නේ ප්‍රතිවර්ත ඉංජිනේරු කටයුතු ලෙසයි. මෙසේ ප්‍රතිවර්ත ඉංජිනේරු ක්‍රමයට දැන් සකසා තිබෙන එක් ස්නායු සෛල ඇල්ගොරිදමයක් ක්‍රියාත්මක කරවීමට එක් ලැප්ටොප් පරිගණකයක් බැගින් ඕනෑ කෙරෙනවා. එනිසා මොළයේ ක්‍රියාකාරිත්වය සම්පුර්ණයෙන්ම නැවත ක්‍රියාත්මක කොට බලන්නට ලැප්ටොප් පරිගණක බිලියන ගණනක් ඕනෑ කෙරෙනවා. ඒ මිනිස් මොළයේ නියුරෝන බිලියන 86 ක් පමණ තිබෙන නිසා.

එ නිසා මෙම වැඩ සඳහා යොදා ගත හැක්කේ සුපිරි පරිගණකයි. සුපිරි පරිගණකයක් දැන් තිබෙන වේගවත්ම ලැප්ටොප් පරිගණකයකටත් වඩා මිලියන වාරයක් වේගවත්. බ්ලුබ්‍රේන් ව්‍යාප්ෘතිය වෙනුවෙන් මෙසේ අයිබී එම් සමාගමේ බ්ලූජින් සුපිරි පරිගණකය, යොදා ගෙන අත්හදා බැලීම් කර තිබුනා. බ්ලූජින් සුපිරි පරිගණකයට තත්පරයකදී ගණනය කිරීම් ට්‍රිලියන 280ක් සම්පූර්ණ කරන්න පුලුවන් වුනා.

මේ වෙන විට බ්ලූබ්‍රේන් ව්‍යාපෘතිය යටතේ මීයෙකුගේ සම්පූර්ණ මොළයේ ඩිජිටල් ත්‍රිමාන ආකෘතියක් තනා අවසන්ය. බ්ලූබ්‍රේන් සෙල් ඇට්ලස් නම් එය, දැන් වෙනත් පර්යේෂකයින්ගේ
පරිශීලනය පිණිස නිදහස් කර තිබෙනවා. මීයාගේ මොළය මිනිස් මොළයට වඩා කුඩා මෙන්ම සංකීර්ණ බවින් අඩු වුවත්, ස්නායු ක්‍රියාකාරිත්වය අතින් සමානයි. එබැවින් මෙම ගොඩනැංවීමේ ක්‍රමය ඔස්සේ ගොස් මිනිස් මොළයද ගොඩ නැංවිය හැකි බව බ්ලූබ්‍රේන් ව්‍යාපෘතියේ නිර්මාතෘවරයා මෙන්ම ප්‍රධානියාද වෙන, ස්විට්සර්ලන්තයේ ෆෙඩරල් තාක්ෂණ ආයතනයේ මහාචාර්ය ඊශ්‍රායෙල ජාතික හෙන්රි මාක්‍රම් පවසනවා.

මෙවැනි මිනිස් මොළ ආකෘතියක් ඇති විට එය ඇසුරෙන් පර්යේෂණ පවත්වා මොළයේ රෝග සියල්ලම පාහේ සුව කළ හැකි ක්‍රම සොයා ගත හැකි බව පර්යේෂකයෝ පෙන්වා දෙනවා.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...