Home Games PUBG Lite දැන් ලංකාවටත් පුලුවන්
GamesTech News

PUBG Lite දැන් ලංකාවටත් පුලුවන්

Share
blank
Share

PUBG එහෙමත් නැත්නම් Player Unknown Battlegrounds කියන්නෙ මුළු ලෝකයම ඉතාමත් සුළු කාලයක් තුල ආක්‍රමණය කරපු පරිගණක ක්‍රීඩාවක්. මේ ක්‍රීඩාවේ Mobile Version එකක් වගේම දැන් Low end PC වල ගහන්න පුලුවන් PUBG Lite Version එකකුත් නිකුත් වෙලා.

2017 PUBG එහෙමත් නැත්නම් Player Unknown battle Grounds නිකුත් වෙලා මුළු ලෝකයෙම ජනප්‍රිය වෙද්දි PUBG හදපු කොරියානු Blue Hole සමාගම 2018 දි Mobile Phone වල ගහන්න පුලුවන් PUBG Mobile Version එක වෙළදපළට නිකුත් කරනව. PC Version එක වගේ මුදල් ගෙවල ගන්න නැති උනත් PUBG Mobile එක තුල Upgrades ලබාගන්න වෙනම Micro transactions තියෙනව.

මේ විදිහට PUBG PC Version එක සහ Mobile Version එක හරහා මිලියනයකට වැඩි Players ල ප්‍රමාණයක් එකතු උනත් ආසියාතික රටවල් වල PUBG PC Version එකට සම්බන්ධ වීම අඩු නිසා මේ සදහා PUBG Lite කියල වෙනම Version එකක් නිකුත් කරන්න Blue Hole සමාගම පියවර අරන්. PUBG Lite කියන්නෙ PUBG PC Full game එක සහ PUBG Mobile කියන game දෙකේම සංකලනයක් කියන්න පුලුවන්.

PUBG PC version එකේ තියෙන සම්පූර්ණ Game play mechanism එක ඒ විදිහටම ඉදිරිපත් කරල intel HD 4000 වගේ ඉතාමත් අඩු පහසුකම් තියෙන PC එකකත් Play කරන්න පුලුවන් විදිහට Graphics Quality එක optimize කරපු Beta එකක් විදිහට 2019 ජුලි මාසෙ වෙද්දි ලංකාවෙ අපටත් Play කරන්න මේක හදල තියෙනව.

PUBG Lite Game එකට හදපු අපේ Group එකට අදම එකතු වෙන්න – PUBGLiteSL

PUBG Lite Requirements

අවම පහසුකම්සම්මත පහසුකම්
OSWindows 7,8,10 - 64 bitWindows 7,8,10 - 64 bit
CPUCore i3 2.4GHzCore i5 2.8 GHz
RAM4GB8GB
GPUintel HD 4000 - DX 11GTX 660 / Radeon HD 7870 - DX 11
HDD4GB4GB
Download size2.5GB2.5GB

මේක Download කරගන්න – https://lite.pubg.com/download/ එකට යන්න.

 

 

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...