Home Games THE FINALS පරිගණක ක්‍රීඩාව
Games

THE FINALS පරිගණක ක්‍රීඩාව

Share
blank
Share

ද ෆයිනල්ස් යනු, ක්‍රීඩා කීපයක් එක් ක්‍රීඩාවක් තුළ දී ක්‍රියාත්මක වෙන ආකාරයට නිර්මාණය කළ පරිගණක ක්‍රීඩාවක්. මෙම පරිගණක ක්‍රීඩාව, අනෙක් බොහෝ පරිගණක ක්‍රීඩා මෙන් කතා තේමාවක්ම පාදක කර ගෙන ක්‍රියාත්මක වෙන එකක් නෙවෙයි. මෙය තරගාවලියක ස්වරූපයෙන් කණ්ඩායම් වශයෙන් ක්‍රීඩා කළ හැකි ක්‍රීඩා රටාවක් අනුව සැකසූවක්.

ඇමෙරිකාවේ ලාස් වේගාස් නුවරදී ක්‍රියාත්මක තරගාවලියක් මෙහි තිබෙනවා. විවිධ ඉලක්ක සහ කාර්යන් සහිත තරග මෙහි තිබෙනවා. ඒවා අතරින් තමන්ට කැමති ඉලක්කයක් තෝරා ගෙන ක්‍රීඩා කරන්න පුලුවන්. එම සෑම තරගයක්ම ක්‍රීඩා කිරීමට ලැබෙන්නේ කණ්ඩායමක් ලෙසින්. එක් එක් තරග අනුව කණ්ඩායමේ තරම වෙනස් වෙනවා. අවම වශයෙන් කණ්ඩායමකට තිදෙනක්වත් සිටිය යුතු වෙනවා. මෙහිදී ක්‍රීඩාවේ සරල මට්ටමේ සිට ඉහළ මට්ටමක් දක්වා අවස්ථා තෝරා ගැනීමට ඉඩ දෙනවා.

විවිධ කණ්ඩායම තෝරා ගන්නා විට, වර්ගවල අනු ක්‍රීඩා කීපයක් මෙම ක්‍රීඩාව තුළ ක්‍රියාත්මක වෙනවා. මෙයින් තමන්ට හොඳින් ක්‍රීඩා කළ හැකි ක්‍රීඩාව තෝරා ගත යුතුයි. මෙහි කෑෂ්අවුට් නම් ක්‍රීඩාවක් තිබෙනවා. ක්‍රීඩා කරන කණ්ඩායමට එහිදී ලැබෙන ඉලක්කය, එක් තැනකින් ලබා දෙන මුදල් ආරක්ෂිතව තවත් ස්ථානයක් වෙත ගෙන යාමයි. මෙහිදී එම මුදල් පැහැර ගැනීමට උත්සාහ කරන කණ්ඩායම් විනාශ කරමින් ඉලක්කය වෙත ගමන් කළ යුතුයි.

බෑන්ක් ඉට් යනු තවත් අනු ක්‍රීඩාවක්. කණ්ඩායමේ එක් එක් සාමාජිකයාට ලබා දෙන මුදල් ආරක්ෂා සහිතව ගෙන ගොස් බැංකුවක තැන්පත් කිරීම මෙහිදී ලබා දෙන ඉලක්කයයි. බැංකුව පිහිටි තැන සිතියමකින් පෙන්වනවා. එතැන් දක්වා ගමන් කළ යුත්තේ කොල්ලකරුවන්ට ප්‍රතිප්‍රහාර දෙමින්. පරිගණක ක්‍රීඩකයා යම් තරග කාර්යක් තෝරා ගන්නා විට, ඊට සහභාගි විය හැකි කණ්ඩායමද තෝරා ගත යුතුයි. තරගය අනුව කණ්ඩායමට අයත් විය යුතු සාමාජිකයින් ගණන කෙතෙක්ද යන්න ක්‍රීඩාව තුළින් දන්වනවා. තම තමන්ට ලැබුණ ඉලක්කය සපුරා ගැනීමට ගැළපෙන පුද්ගලයින් තෝරා ගත යුතුයි. මෙහිදී තමන්ට ඇවැසි විවිධ ආයුධ වර්ගද සමඟ ඒවා හැසිරවීමට සමත් අයද තෝරා ගත යුතුයි.

මෙසේ කණ්ඩායම තෝරාගත් පසුව ක්‍රීඩාව ආරම්භ වෙනවා. ත්‍රිමාන රූපී සජීවීකරණ සහිතව ද ෆයිනල්ස් පරිගණක ක්‍රීඩාව නිර්මාණය කර තිබෙනවා. දියුණු තාක්ෂණික අවි ආයුධ වර්ග රැසක් මෙම ක්‍රීඩාවේදී පෙන්වා තිබෙනවා. ඒවාගේ ත්‍රිමාන සජීවීකරණ ගැන විශේෂ අවධානය යොමු කර තිබෙනවා. මෙහි චරිත අතර කතා බහක් නැහැ. ආරම්භයේ සිටම ප්‍රහාර එල්ල කරමින් තම ඉලක්කය සම්පූර්ණ කර ගැනීමට වෙහෙසීමම පමනයි තිබෙන්නෙ. එහෙත් ක්‍රීඩාවේ යෙදී සිටින විට එය කෙසේ වෙන්නේදැයි දන්වන විස්තර ප්‍රචාරයක් පසුබිමින් ඇසීම විශේෂත්වයක්.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

අඩුවට Games ගන්න Steam Winter Sale ආරම්භ උනා

PC ක්‍රීඩකයන් බොහෝ දෙනා බලා සිටින Steam Winter Sale වට්ටම් කාලය Valve...

ලබන අවුරුද්දෙ එන අලුත්ම Control Game එක

Control Resonant යනු 2019 දී පළමු Control ක්‍රීඩාව නිර්මාණය කළ Remedy Entertainment...

Red Dead Redemption 1 මොබයිල් සදහා නිකුත් වෙයි.

Rockstar Games හි ජනප්‍රිය Red Dead Redemption ක්‍රීඩාව 2025 දෙසැම්බර් 2 වන...

නොමිලේ Play කරන්න පුලුවන් අලුත්ම Game එක

Where Winds Meet යනු පැරණි චීනය කෙන්ද්‍ර කරගෙන නිර්මාණය කර ඇති නව...