Home Tech News Explained ලෙවකන්න පුළුවන් අළුත් Display technology එක
ExplainedTech News

ලෙවකන්න පුළුවන් අළුත් Display technology එක

Share
blank
Share

රූපවාහිනි තිරයෙන් හෝ පරිගණක තිරයෙන් හෝ රූප පෙන්වනවාට අමතර වශයෙන් රසද දැන්විය හැකි නව තාක්ෂණික යෙඳුමක්, ජපානයේ විද්‍යාඥයෙක් විසින් ඉදිරිපත් කර තිබෙනව. එය නම් කොට තිබෙන්නේ, ටේස්ට් ද ටීවී (TTTV – Taste the TV) ලෙසයි.

මෙම නව උපාංගය තනා තිබෙන්නේ ඕනෑම රසක් කෘත්‍රිමව උපදවිය හැකි රසායන ද්‍රව්‍ය දහයකින් යුත් පද්ධතියකින්. මෙම මූලික රසායන ද්‍රව්‍ය නොයෙක් අනුපාත වලින් මිශ්‍ර කර, විවිධ රස මවන්න පුලුවන්. චොකලට් පෙත්තක රූපයක් තිරයෙන් පෙන්වන විට, චොකලට් රසය ඇති කිරීමට උචිත සේ විවිධ අනුපාතවලින් යුක්තව තැනුණු ද්‍රාවණය යන්ත්‍රයේ ඇති Spray තිරය මතුපිටට විදිනව. සාමාන්‍ය පරිගණක හෝ රූපවාහිනි හෝ තිරයක් මත අතුරා ඇති සෞඛ්‍ය ආරක්ෂිත ප්ලාස්ටික් ආවරණයක් මතට විදින මෙම ‘ටොනික් එක’ දිව ගා බලන්න පුලුවන්. එවිට චොකලට් රසය දැනෙනව.

මේ ආකාරයට නොයෙක් රස මැවිය හැකි බව මෙහි නිර්මාතෘ, ජපානයේ මීජි විශ්ව විද්‍යාලයේ මහාචාර්ය හොමෙයි මියෂිටා, පවසා තිබෙනව. ‘කොවිඩ් වසංගත කාලයේ ගෙදරට සිරවී සිටින අයට, වටපිට සමාජයත් සමඟ සම්බන්ධතා ඇති කර ගන්නට උදව් කිරීම මගේ අරමුණ වුණා’ හේ කියා තිබෙනව. බොජුන් හල් වෙත ගොස්, අලුත් කෑම වට්ටෝරු අනුව තැනූ කෑම රස බැලීමට ඇති බාධාව මින් ඉවත්ව යන බව මහාචාර්ය මියෂිටා මතක් කර තිබෙනව.

මෙම ටේස්ට් ද ටීවී උපකරණයේ මූලාකෘතිය අත්හදා බැලීම පිණිස, මීජි විශ්ව විද්‍යාලයේ සිසු සිසුවියෝ තිස් දෙනෙක් සහභාගී වී තිබෙනව. ඒ සෑම දෙනාම පොදුවේ පිළිගනු ලැබූයේ, තිරයෙන් පෙන්වන ආහාරයේ රස කෘත්‍රිම වමැවීමට මෙම උපකරණය සමත් ව ඇති බවයි. එක් සිසුවියක් චොකලට් රූපය පෙන්වන විට ලැබෙන ටොනික් ’ එකෙහි රස බලා තිබෙනව. එය තවත් රස කර බැලූ ඇය, මේකේ රස මිල්ක් චොකලට් වගේමයි’ යැයි කීවාය. හරියට චොකලට් සෝස් වගේ රසයි’ ඇය රස විග්‍රහ කළාය.

මෙම යන්ත්‍රයේදී දැනට යොදා ගන්නා මූලික රස දහය තවත් වැඩි කර, ඕනෑම රසක් ප්‍රතිනිර්මාණය කළ හැකි රසායන ද්‍රාවණය සකසා ගැනීමට දැන් පර්යේෂකයෝ වෙහෙසෙනව. ඉන් පසුව පරිගණක තිරයෙන් පෙන්වන රූපයක් හෝ රූපවාහිනියෙන් පෙන්වන වෙළෙඳ දැන්වීමක ඇති කෑම වර්ගයක හෝ රස නරඹන්නන්ට දැන ගන්න පුලුවන්. එසේම යම් කෑම වර්ගයක රසක් ප්‍රති නිර්මාණය කළ හැකි පරිගණක කේත, ඩවුන්ලෝඩ් කර ගත හැකි ෆයිල් වශයෙන් සකසන්න පුලුවන්. රූපයක්, ගීතයක් හෝ චිත්‍රපටයක් හෝ ඩවුන්ලෝඩ් කර ගෙන රස විඳින්නාක් මෙන් කෑම වර්ගයක රස ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කර ගන්නට එවිට පුළුවන්.

එය ටේස්ට් ද ටීවී උපකරණයක් ඇසුරෙන් ප්‍රතිනිර්මාණය කර රස විඳින්න පුලුවන්. එනම් රූපයක් ප්‍රින්ට්’ කර ගෙන බලන්නාක් සේ, මෙම රසද විඳින්න පුලුවන්.

ටේස්ට් ද ටීවී උපකරණයේ මූලික ක්‍රියාකාරී කොටස, රස සකසා විඳිනු ලබන නැසින්න සහිත උපාංගයයි. එය යම් නිශ්චිත ස්ථානයකට, එනම් තිරයේ දිව ගෑ යුතු ස්ථානයට ඉලක්ක කොට තිබෙන්නක්. ‘මෙතැන පාන් කෑල්ලක් තියා, ඒකට පීට්ස් රස හරි චොකලට් රස හරි විඳින්න පුළුවන් ක්‍රමයක් ගැන දැන් මං කල්පනා කරනවා’ යැයි මහාචාර්ය මියෂිටා පවසා තිබෙනව. ඉන් හැඟවෙන්නේ ඔහු දැන් සැරසෙන්නේ, සාමාන්‍ය කෑමවලට විවිධ රස එක් කර අමුතු කෑම මවා දෙන නව පන්නයේ උපකරණයක් තැනීමටයි.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...