Home Tech News PCIe 4 තාක්ෂණය සමගින් එන අති වේගවත් GIGABYTE SSD
Tech News

PCIe 4 තාක්ෂණය සමගින් එන අති වේගවත් GIGABYTE SSD

Share
blank
Share

අපි හැමෝම HDD, SSD, USB Drive විදිහට Storage Device පාවිච්චි කරනව, ඉතින් මේ හාඩ් ඩිස්ක් වල විවිද ආකරයෙ මාදිලි තියෙනව. මේ කියන්න යන්නෙ මේ වෙනකොට ලෝකයේ Consumer level එකේ වේගවත්ම Storage device එක ගැන.

Gigabyte සමාගම විසින් වෙලදපලට නිකුත් කිරීමට නියමිත මෙම නිශ්පාදනය මෙතෙක් වෙලදපලෙ මිලදී ගැනීමට තිබෙන අනෙකුත් සියලුම NVMe උපාංග වලට වඩා වේගවත් වන බව තමා එම සමාගම කියන්නෙ. AORUS NVMe Gen4 SSD විදිහට නම් කරල තියෙන මේ SSD එක අලුත්ම PCIe 4 තාක්ෂණය යටතේ එන පරිගණක වල (දැනට මේ PCIe 4 තාක්ෂණය හදුන්වා දෙන්නෙ RYZEN 3 වෙනි පරම්පරාව සහ X570 Motherboard එක්ක) භාවිතා කරල දැන් තිබෙන වේගවත්ම Storage Transfer Speeds ලබාගන්න පුලුවන් කියල Gigabyte සමාගම ප්‍රකාශ කලා.

සාමාන්‍ය SSD / NVMe සහ මෙම අලුත් PCIe 4 SSD එකේ දත්ත ලිවීම හා කියවීමේ වේගයන් පහත පරදි දක්වන්න පුලුවන්.

SSD ModeRead Speed
SATA540MBps
NVMe3500MBps
NVME PCIe 45000MBps

මේත් සමගම Multimedia වැඩ කරන අයට සහ Gaming / Streaming කරන අයටත් තවත් වේගවත් ලෙස තමන්ගෙ කටයුතු කරන්න අවස්ථාව ලැබෙනව. ඒ වගේම AMD සමාගමේ X570 Motherboard මේ අලුත්ම PCIe 4 තාක්ෂණය සමග එන නිසා ඒ අලුත්ම Motherboard නිකුත් කරන්නත් gigabyte සමාගම සූදානම් වෙලා ඉන්නව.

Play Station Gaming Console එක නිෂ්පාදනය කරන SONy සමාගම තමන්ගෙ අලුත්ම PS5 එක සදහාත් මෙම නවතම අධි වේගවත් NVME 4.0 පාවිච්චි කරන්න සූදානම් වෙනව කියල ආරංචි වෙනව.

Share
Written by
Lakshan-PCguide.lk

තාක්ෂණික ලිපිවලින් දායකත්වය ලබාදෙන ලක්ෂාන්, Gaming ගැන හොද අත්දැකීම් සහ දැනීමක් තිබෙන සාමාජිකයෙක්.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...