Home Tech News software Software Issue එකක් නිසා Tesla වාහන 321000 නැවත කැදවයි
softwareTech Newsvehicles

Software Issue එකක් නිසා Tesla වාහන 321000 නැවත කැදවයි

Share
blank
Share

Tesla සමාගම විසින් මෘදුකාංග දෝ‍ෂයක් නිසා වාහන 321000 වෙලදපොලෙන් ඉවත් කරගෙන තිබෙනව. මෙම දෝෂය නිසා වාහනයේ taillights අනිසි ලෙස ආලෝකමත් වීමක් සිදුවෙල තියනව. මේ ආකාරයට වෙළදපොලෙන් ඉවත් කරගත් මාදිලි අතර 2023 Model 3 මාදිලිය සහ 2023 Model Y යන මාදිලි අයත් වෙනව.

දෝෂ නිසා වාහන නැවත කැදවීම නොහොත් recall කිරීමේදී වාහන සියල්ලම නිෂ්පාදකයා වෙත ලබාගත්තත්, EV වල දෝෂ බොහොමයක් Software හරහා නිවැරදි කිරීමට හැකි නිසා මෙය Soft recall එකක් ලෙස හැදින්විය හැකියි. මෙහිදී Software Update එකක් හරහා දෝෂය නිවැරදි කෙරෙනවා.

Tesla සමාගම පවසන්නේ වාහනයේ එක් පැත්තක හෝ දෙපස පිටුපස විදුලි පහන් වාහනය පනගන්වන විට ඇතිවන දෝෂයක් නිසා නැවත නැවත දැල්වීමක් සිදුවන බවයි. NHTSA (National Highway Traffic Safety Administration) පවසා තිබුනේ රාත්‍රී කාලය තුල වාහනය අනතුරට ලක් වීමේ අවධානය වැඩි බවයි. නමුත් Tesla සමාගමට තවමත් එවැනි අනතුරු පිලිබදව වාර්තා වී නොමැති බවයි සදහන් වෙන්නෙ.

Tesla සමාගම වැඩිදුරටත් පවසා තිබුනේ over-the-air (OTA) software update එකක් මගින් මෙම දෝෂ නිරාකරනය කරන බවයි.

මෙය electric වාහන නිපදවන සමාගම් වලින් කරන ලද 19වන නැවත කැදවීමයි. පසුගිය සතියේ Tesla සමාගම විසින් Model X වාහන 30000 අඩු වේගයකින් සිදුවන ගැටීම් වලදීත් airbag ක්‍රියාත්මක වීමේ ගැටලුවක් නිසා නැවත කැදවීමක් සිදුකර තිබෙනව. ඒවගේම එම සමාගම විසින් මීටපෙර Model X සහ S වාහන 40000 පමන ගැටිති සහිත මාර්ග හරහා ධාවනය කිරීමේදී හෝ වළක වැදීමෙන් පසු power steering නැතිවීම හේතුවෙන් වෙළදපොලෙන් ඉවත් කරගෙන තිබෙනව.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...