Home Tech News Play Station 5 ඉන්දියාවට නිකුත් වෙයි
Tech News

Play Station 5 ඉන්දියාවට නිකුත් වෙයි

Share
Share

2021 පෙබරවාරි මස 2 වනදා Play Station 5 Gaming Console Launch එක සිදුවීමට නියමිතයි. එලෙසම ජනවාරි මස 12 වනදා සිට PS5 එක Pre order කිරීමටත් පුළුවන් වෙනවා.

PS5 එක ඉන්දීය රුපියල් 49,990ත් ($684) වන අතර PS5 Digital Edition එකේ මිළ වෙන්නෙ ඉන්දීය රුපියල් 39,990ක් ($548). මේ මිළ ගණන් ලංකාවේ දී නම් පිළිවෙලින් රු 130,000 ක් සහ රු 100,000 ක් අතර අගයක් උවත් දැනට ලංකාවේදී මෙහි මිළ රු 240,000 ක් පමණ වෙනවා.

PS5 එක ඉන්දියාවේ Amazon, Flipkart සහ අනෙකුත් Retaiක Channels හරහා ලබාගැන්මට හැකිවන්නේ පෙබරවාරි 2 වනදාටයි.

PS5 සහ PS5 Digital Edition එක අතර ඇති ප්‍රධාන වෙනස වන්නේ Digital Edition එකේ Blu Ray Disc Drive එකක් නොමැති වීමයි. මේ නිසාම මිළේ වෙනසක් සහ පෙනුමෙන් Digital Edition එක Blu Ray එක සහිත Console එකට වඩා සිහින් වීම දකින්න පුළුවන්.

ඇමරිකාව කැනඩාව සහ අනෙකුත් යුරෝපීය රටවලට පහුගිය වසරේම PS5 නිකුත් උවත් ඉතාමත් ඉක්මනින් SOLD OUT වීම දැකගන්න ලැබුනා. මේ සමගම SONY සමාගම තමන්ගේ Play station consoles නිපදවීම සදහා අවශ්‍ය අමුද්‍රව්‍ය සැපයීම සහ ප්‍රවාහනය වැනි දෑ ගැන වැඩි අවධානයක් යොමු කල බව ප්‍රකාශ කලා.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

2 Comments

Leave a Reply

Related Articles

මිනිසෙකු හා සමානව සංවාදයේ යෙදෙන ChatGPT 5.1

OpenAI විසින් නිකුත් කළ ChatGPT 5.1 මේ දිනවල ගොඩක් කතාබහට ලක්වෙන AI...

Chat Backup වලට අමතර ආරක්ශාවක් WhatsApp වෙතින්

WhatsApp වෙතින්, දැන් ඔයාලගේ chats ආරක්ශා කරගන්න තවත් විශේෂාංගයක් ලබාදීලා තියෙනවා. දැන්...

අලුතෙන් ආපු ChatGPT Atlas AI Browser එක

OpenAI සමාගම විසින් පසුගියදා ChatGPT Atlas නමින් AI-powered web browser එකක් නිකුත්...

නවතම Galaxy XR Headset එක ගැන දැනගමු

Samsung සමාගම විසින් ඔවුන්ගේ නවතම Galaxy XR headset එක එලි දැක්වුවා. දැනටමත්...