Home Tech News Play Station 5 ඉන්දියාවට නිකුත් වෙයි
Tech News

Play Station 5 ඉන්දියාවට නිකුත් වෙයි

Share
blank
Share

2021 පෙබරවාරි මස 2 වනදා Play Station 5 Gaming Console Launch එක සිදුවීමට නියමිතයි. එලෙසම ජනවාරි මස 12 වනදා සිට PS5 එක Pre order කිරීමටත් පුළුවන් වෙනවා.

PS5 එක ඉන්දීය රුපියල් 49,990ත් ($684) වන අතර PS5 Digital Edition එකේ මිළ වෙන්නෙ ඉන්දීය රුපියල් 39,990ක් ($548). මේ මිළ ගණන් ලංකාවේ දී නම් පිළිවෙලින් රු 130,000 ක් සහ රු 100,000 ක් අතර අගයක් උවත් දැනට ලංකාවේදී මෙහි මිළ රු 240,000 ක් පමණ වෙනවා.

PS5 එක ඉන්දියාවේ Amazon, Flipkart සහ අනෙකුත් Retaiක Channels හරහා ලබාගැන්මට හැකිවන්නේ පෙබරවාරි 2 වනදාටයි.

PS5 සහ PS5 Digital Edition එක අතර ඇති ප්‍රධාන වෙනස වන්නේ Digital Edition එකේ Blu Ray Disc Drive එකක් නොමැති වීමයි. මේ නිසාම මිළේ වෙනසක් සහ පෙනුමෙන් Digital Edition එක Blu Ray එක සහිත Console එකට වඩා සිහින් වීම දකින්න පුළුවන්.

ඇමරිකාව කැනඩාව සහ අනෙකුත් යුරෝපීය රටවලට පහුගිය වසරේම PS5 නිකුත් උවත් ඉතාමත් ඉක්මනින් SOLD OUT වීම දැකගන්න ලැබුනා. මේ සමගම SONY සමාගම තමන්ගේ Play station consoles නිපදවීම සදහා අවශ්‍ය අමුද්‍රව්‍ය සැපයීම සහ ප්‍රවාහනය වැනි දෑ ගැන වැඩි අවධානයක් යොමු කල බව ප්‍රකාශ කලා.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

2 Comments

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...