Home Tech News Elon Muskගේ Neuralink මිනිස්සුන්ට පරීක්ෂා කිරීම ඇරඹෙයි.
Tech News

Elon Muskගේ Neuralink මිනිස්සුන්ට පරීක්ෂා කිරීම ඇරඹෙයි.

Share
blank
Share

අතීතයේ ඉදලම මේ පැවතගෙන ශිෂ්ටාචාරයත් එක්ක මේ වෙනකොට ලෝකය තාක්ෂණයත් එක්ක ගොඩක්ම වේගෙන් වර්ධනය වීගෙන එනවා. මේකට හොඳම උදාහරණයක් තමයි Elon Muskගෙ Neuralink project එක.

ඉතින් මේ Neuralink project එක ගැන මේ වෙනකොටත් ගොඩක් දෙනෙක් දන්නවා.මේකෙන් වෙන්නෙ අපේ මොලයට Brain Computer Interface එකක් තියෙන ඉතා කුඩා computer chip එකක් එකතු කරන එකයි. ඉතින් මේක එකතු කරාම අපේ මොලයට එන දත්තය මේ Chip එකෙන් ගබඩා කර ගන්නවා.

මේක හැම කෙනෙක්ටම අලුත් දෙකක් වගේ දැනුණට මේකට මුල්ම අදහස ආවේ මීට දශක 5කට පමණ පෙර 1970 ගනන් වලය.මේ ගැන මුලින්ම පරීක්ශන කරේ ජාක් වීඩා කියන විද්යාඥයාය. ඒ වුනාට මේ කාලෙ පහසුකම් අඩු නිසා මේක විද්‍යා පරීක්ෂනයකට විතරක් සීමා වුනා.

ඒත් මේ වෙද්දී දියුණුවත් එක්ක Elon Musk’s මේ උපකරණ නිශ්පාදන කරන්න පටන් අරගෙන තියෙනවා. මෙයාල කියන විදියට මේකෙන් ජීවත කාලෙම වුනත් අංශභාග රෝගයෙන් පෙලෙන කෙනෙක්ව වුනත් මේකෙන් සුවපත් කරන්න පුලුවන් වෙනවා.

මුලින්ම මේක වදුරො පාවිච්චි කරගෙන පරීක්ෂන කරත් මේ වෙනකොට ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වෙන අයගෙන් මේක පරීක්ෂා කරන්න පටන් අරගෙන තියෙනවා. මේකට හොඳිම උදාහරණෙ වෙන්නෙ 2024 ජනවාරි 29 Elon Musk’s නිකුත් කරපු X එහෙමත් නැත්තම් Twitter පණිවිඩයයි. මේකෙ තියෙන විදියට මිනිස් අත්හදා බැලීමක් සාර්ථක වුනා කියනවා. මේ පරික්ෂණයෙදි මොලේ දත්ත කියවන උපාංග මොලේට සවි කරල තියෙනවා. එකෙන් හොඳින් නියුරෝන පණිවිඩ ලැබුණා කියල මේකෙ සදහන් වෙනවා.

ඉතින් මේ තාක්ෂණයේ දියුණුවත් එක්කම රෝගීන්ට විතරක් නෙමෙයි සාමන්‍ය මිනිස්සුන්ටත් පාවිච්චි කරන්න පුලුවන් විදියට මේක හදන්න වැඩි කාලයක් යන එකක් නෑ කියල හිතන්න පුලුවන්. හැබයි මේ මොනා වුනත් හැම දත්තයක්ම හැම දැනුමක්ම එකවර මොලයේ ගබඩා එක අපිට හිතකර බලපෑමක් ඇති කරයිද නැත්නම් අහිතකර බලපෑමක් ඇති කරයිද කියල අපිට හිතාගන්න අමාරුයි.

Share

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...