Home Tech News Explained PayPal වෙතින් හදුන්වා දෙන නවතම PYUSD stablecoin
ExplainedTech News

PayPal වෙතින් හදුන්වා දෙන නවතම PYUSD stablecoin

Share
blank
Share

PayPal විසින් ඔවුන්ගේම නව stablecoin එකක් හදුන්වා දීල තියනව. එය PayPalUSD (PYUSD) ලෙස තමයි නම් කරල තියෙන්නෙ. PYUSD සමඟින්, ඔබට පුද්ගලයාගෙන් පුද්ගලයාට ගෙවීම් සිදු කරන්න පුලුවන්. ඒවගේම PayPal සහ අනෙකුත් බාහිර wallets අතර PYUSD මාරු කිරීමෙ හැකියාවත් තිබෙනව. PayPal පවසන්නේ ඔබට PayPal මගින් සහය දක්වන මුදල් ඒකක PYUSD වෙත සහ ඉන් පිටතට පරිවර්තනය කළ හැකි බවයි.

එක්සත් ජනපද ආන්ඩුව තවමත් ස්ටේබල්කොයින් සහ වෙනත් ආකාරයේ cryptocurrency නියාමනය කරන්න උත්සහ කරනව. කොහොම වුනත් Tether සහ TerraUSD බිඳවැටීමත් සමඟ අප දුටු පරිදි, stablecoin සෑම විටම එතරම් ස්ථායී නොවන බව පෙනෙන්නට තිබෙනව.

PYUSD දැන් නිකුත් කර තිබෙන අතර PayPal ගිණුම් සහිත එක්සත් ජනපදයේ පාරිභෝගිකයින්ට ඉදිරි සතිවලදී මෙය බාවිතා කරන්න හැකිවෙනව. ඒවගේම එය ඉක්මනින්ම PayPal සතු Venmo යෙදුමෙන් ද ලබා ගැනීමේ හැකියාව තිබෙන බව එම සමාගම පවසා තිබෙනව.

PayPal තමන්ගේම stablecoin එකක් සෑදීමට ගත් තීරණය පුදුමයට කරුණක් නොවෙයි. PayPal දැනට පරිශීලකයින්ට Bitcoin, Bitcoin Cash, Ethereum සහ Litecoin ඇතුළුව යෙදුම තුළ cryptocurrencies මිලදී ගැනීමට, මාරු කිරීමට සහ විකිණීමට ඉඩ ලබාදෙනව. එය පසුගිය වසරේ නිව් යෝර්ක් BitLicense ලබා ගත් අතර එමඟින් ප්‍රාන්තයේ ගනුදෙනුකරුවන්ට cryptocurrency මිලදී ගැනීමට සහ විකිණීමට ඉඩ සලසා දෙනව. වඩාත් පුළුල් ලෙස, එක්සත් ජනපද රජය තමන්ගේම ඩිජිටල් මුදල් නිර්මාණය කරමින් සිටින බව දක්නට ලැබෙනව.

Stablecoin එක Ethereum මත ගොඩනගා ඇති අතර ගනුදෙනුකරුවන්ට නියාමනය කරන ලද blockchain යටිතල පහසුකම් සපයන නිව්යෝර්ක් හි පිහිටි සමාගමක් වන Paxos Trust Company විසින් තමයි නිකුත් කරල තිබෙන්නෙ.

අවසාන වශයෙන් PayPal සමාගමෙ CEO පවසා තිබුනෙ ඩිජිටල් මුදල් වෙත මාරුවීම සඳහා එක්සත් ජනපද ඩොලරය වැනි fiat මුදල්වලට ඩිජිටල් ලෙස දේශීය සහ පහසුවෙන් සම්බන්ධ වන ස්ථාවර ක්‍රමයක් අවශ්‍ය වෙන අතර ඒ සදහා මෙම PYUSD එක නිර්මානය කර ඇති බවයි.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...