Home Games Pacific Drive පරිගණක ක්‍රීඩාව
Games

Pacific Drive පරිගණක ක්‍රීඩාව

Share
blank
Share

රහස් පර්යේෂණ කිරීම පිණිස භාවිතා කළ නමුත් දැන් අත්හැර දමන ලද ප්‍රදේශයකට, වාහනයකින් යන අයෙක් මුහුණ දෙන සිදුවීම් මාලාවක් පාදක කර ගෙන පැසිෆික් ඩ්‍රයිව් පරිගණක ක්‍රීඩාව නිර්මාණය කර තිබෙනවා.

ඇමෙරිකානු රජය විසින් හතළිහ දශකයේදී ඉතා රහසිගතව විද්‍යාත්මක අත්හදා බැලීම් කිරීම පිණිස භාවිතා කළ ප්‍රදේශයක් දැන් තහනම් කලාපයක් ලෙස පවත්වා ගෙන යනවා. ඊට හේතුව මෙම අත්හදා බැලීම් වලින් පසුව එම ප්‍රදේශයෙන් විවිධ අත්භූත සිදුවීම් නිරන්තරයෙන්ම වාර්තා වීමයි. මෙම කලාපය වටකොට ඉදි කර ඇති තාප්පය නිසා කිසිවෙක්ට පහසුවෙන් ඒ වෙත යන්න බැහැ.

එකෝමත් එක දවසක, මෙම තාප්පය අසලින් මෝටර් රථයකින් ගමන් කරමින් සිටින්නෙක් අද්භූත සිදුවීම් මාලාවකට මුහුණ දෙනවා. එහිදී තම වාහනය විනාශ වුවත් ඔහුගේ දිවි ගැළැවෙනව. සිහි එළවෙන විට ඔහු දැන ගන්නේ තමා සිටින්නේ අද්භූත කලාපයේ බවයි. එතැනින් එළියට එනු පිණිස ඔහු ඇවිදගෙන යනවා. තවමත් විදුලි සම්බන්ධතා තිබෙන නමුත් ප්‍රදේශය පාළුයි. බැලූ බැලූ අත පෙනෙන්නේ ගරා වැටුණු ගොඩනැගිලිය. තැන තැන අතහැර දමා තිබෙන විවිධ පන්නයේ මෝටර් රථය.

පැසිෆික් ඩ්‍රයිව් පරිගණක ක්‍රීඩාවේදී පරිගණක ක්‍රීඩකයා ක්‍රියාත්මක විය යුත්තේ මෙම කලාපයට ඇතුළු වෙන තැනැත්තා වශයෙන්. ඔහු කළ යුත්තේ මෙහි තිබෙන මෝටර් රථයක් අලුත්වැඩියා කර ගෙන කලාපයෙන් නික්මීමයි.

පරිගණක ක්‍රීඩාවෙන් ලබා දෙන මඟ පෙන්වීම් ඔස්සේ යමින්ද, ලබා දෙන ප්‍රහේලිකා විසඳීමෙන්ද මෝටර් රථය අලුත්වැඩියා කර ගත හැක. ඉන්පසුව, කලාපයෙන් ඉවත්වීම පිණිස මඟ සොයා ගමන් කළ යුතුයි. ඒ විවිධ අද්භූත සහ ත්‍රාසජනක අවස්ථාවලට මුහුණ දෙමින්.

මෙසේ යන්තම් සකසා ගත් මෝටර් රථයෙන් ගමන් කරන අතරවාරයේදී එය තව ටිකක් හොඳින් අලුත්වැඩියා කර ගත හැකි තැනක්හමු වෙනවා. මෙතැනදී මෝටර් රථයට මොනිටර් එකක් සවි කර ගත හැකි වෙනවා. එය සිතියමක් ඔස්සේ මග පෙන්වන්නක්. ගමන් කළ යුතු දිශා පිළිබඳ ඉඟි රොබෝ කට හඬකින් ලබා දෙනවා. ඒවා හොඳින් අවබෝධ කරගෙන එම කලාපයෙන් පිටවීමට හැකි මගක් සොයා ගත යුතුයි. පරිගණක ක්‍රීඩාව විසින් ලබා දෙන ඉඟි සහ මඟ පෙන්වීම් ඔස්සේ ගොස් මෙම වැඩ මෙහෙයවිය යුත්තේ පරිගණක ක්‍රීඩකයා විසින්.

පැසිෆික් ඩ්‍රයිව් පරිගණක ක්‍රීඩාවේ යොදා ගෙන තිබෙන ග්‍රැෆික් නිර්මාණ සහ සජීවීකරණ යථාරූපීබවින් ඉතා ඉහළයි. වටපිටාවේ හඬ, වහින අවස්ථාවලදී වාහනය මතට වතුර බිංදු වැටෙන හඬ පවා හොඳින් ඇසෙනවා. පරිසරයේ සුළං හමමින් ගහ කොළ සැළෙන හඬ පවා ඇසෙන පරිද්දෙන් පරිගණක ක්‍රීඩාව නිමවා තිබෙනවා.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

අඩුවට Games ගන්න Steam Winter Sale ආරම්භ උනා

PC ක්‍රීඩකයන් බොහෝ දෙනා බලා සිටින Steam Winter Sale වට්ටම් කාලය Valve...

ලබන අවුරුද්දෙ එන අලුත්ම Control Game එක

Control Resonant යනු 2019 දී පළමු Control ක්‍රීඩාව නිර්මාණය කළ Remedy Entertainment...

Red Dead Redemption 1 මොබයිල් සදහා නිකුත් වෙයි.

Rockstar Games හි ජනප්‍රිය Red Dead Redemption ක්‍රීඩාව 2025 දෙසැම්බර් 2 වන...

නොමිලේ Play කරන්න පුලුවන් අලුත්ම Game එක

Where Winds Meet යනු පැරණි චීනය කෙන්ද්‍ර කරගෙන නිර්මාණය කර ඇති නව...