Press ESC to close

intel Gaming Graphic Card එක intel Xe HPG

intel සමාගම තමන්ගෙ පළමු Gaming Graphic Card එක ගැන තොරතුරු 2021 මාර්තු මස 26 වෙනිද නිකුත් කිරීමට සූදානම් වෙනව. ඔවුන්ගෙ නවතම Teaser Video එකක් හරහා මේ තොරතුරු ලබා දී තිබුන.

කවුරුත් නොහිතපු මොහොතක intel සමාගම තමන්ගෙ Xe series එකේ HPG – High performance Gaming Graphics Card එක ගැන නිල වහයෙන් තොරතුරු නිකුත් කරන්න සූදානම් වෙලා.

Get Your Site Up with A2 Hosting

මේ Teaser Video එක තුල Codes දෙකක් අඩංගු වෙනව.

මේ Codes වලින් එකක් හරහා අපට මෙන්න මේ – https://xehpg.intel.com/ වෙබ් පිටුවට යන්න හැකිවෙනව. මෙහි දැනට සදහන් කර ඇත්තේ 2021 මාර්තු මස 26 වෙනිදා නැවත පැමිණ රහස් කේතයක් Secret code එකක් ඇතුලත් කරන ලෙසටයි.

මේ intel HPG ගැන මින් පෙර ප්‍රකාශයක් කල intel Graphic Devision හි ප්‍රධානී Raja Koduri පැවසුවේ intel HP Gaming Graphic Card එක AMD Radeon සහ Nvidia Graphics සමග කරට කර සටන් කල හැකි මට්ටමේ පවතින බවයි.

Pcguide

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *