Home Tech News දරුවන්ටම නිම කර ඇති LEGO SPIKE රොබෝ තැනුම් කට්ටලය
Tech News

දරුවන්ටම නිම කර ඇති LEGO SPIKE රොබෝ තැනුම් කට්ටලය

Share
blank
Share

ලෙගෝ ගොඩනැගීමේ කට්ටල (Lego building blocks) අතරින් ලොව ජනප්‍රියතම කට්ටලය, ස්පයික් ප්‍රයිම් රොබෝ සැකසුම් කට්ටලයයි. ලොව පුරා විකුණන මෙම රොබෝ ගොඩනැංවීමේ කට්ටලය අවුරුදු හයට වැඩි දරුවන් වෙනුවෙන් සැලසුම් කර තිබෙනවා.

මෝටර් තුනක්, සංවේදක හෙවත් සෙන්සර්ස් තුනක් මෙන්ම ඒවා සවි කළ හැකි බ්ලොක් එකකින් ස්පයික් ප්‍රයිම් කට්ටලය සමන්විත වෙනවා. මෙම මධ්‍යම උපාංගය ස්මාට් හබ් (Smart Hub)
ලෙස හඳුන්වනවා. මීට අමතරව LED බල්බ පුවරුව, චලනය වෙන උපාංගයක ආනතිය දැන ගන්නා විභ්‍රමණේක්ෂයක් හෙවත් ජයිරස්කෝප් එකක්, බ්ලූටූත් බ්ලොක් මෙන්ම චාර්ජ් කළ හැකි බැටරියක්ද තිබෙනව. මේ සියල්ල තනි පෙට්ටියක අසුරා තිබෙනවා.

මෙහි ඇති ගඩොල් හෙවත් බ්‍රික්ස් හඳුන්වන්නේ ටෙක්නික් බ්‍රික්ස් (Technic Bricks) වශයෙන්. මන්ද ඒවා යොදා ගෙන තාක්ෂණික මෙවලම් තැනිය හැකි නිසයි. එසේ තැනිය හැක්කේ රොබෝ යන්ත්‍රයි. නොහොත් වැඩ කරන්නට භාවිතා කළ හැකි රොබෝ තනන ආකාරය පිළිබඳ විස්තර සටහන්ද මෙහිදී සපයනවා. සාමාන්‍යයෙන් සැලසුම් කර ඇත්තේ මිනිත්තු 45 කදී තනා නිම කළ හැකි රොබෝ උපාංගයයි. දෙන විධාන අනුව ගමන් කරන රොබෝ තැනීම දක්වා වුවත් කෙළි බඩුවල සිට අත් පා ඇති වැඩ කරන්නට මෙහි පහසුකම් තිබෙනවා. ඒවා අනුගමනය කර රොබෝ යන්ත්‍ර තනන දරුවාට අනාගතයේදී තාක්ෂණඥයෙක් වෙන්නට ඉන් පිටිවහලක් ලැබෙනවා පමණක් නොව ඔහුගේ තර්කන හැකියාව පුළුල් වෙනවා.

මෙසේ සකසන රොබෝ යන්ත්‍ර ක්‍රියාත්මක කළ යුත්තේ පරිගණකයකට එය සම්බන්ධ කරමින්. එවිට උපාංගය ක්‍රියාත්මක කරවන වැඩසටහනක් සැකසිය යුතුයි. ඒ වෙනුවෙන් තැනූ ඇප් එකක් තිබෙනවා. එය යොදා ගෙන වැඩසටහන් සැකසිය යුත්තේ කේත ටයිප් කරමින් නොව ග්‍රැෆික් කේත සටහන් යොදා ගෙනයි. මේවා ස්ක්‍රැච්(Scratch) ක්‍රමලේඛ භාෂාවෙන් සකසා ඇති ඒවායි. එනිසා මෙම ස්පයික් ප්‍රයිම් කට්ටලය පාවිච්චි කරන විට ස්කෑච් පරිගණක භාෂාව ගැනද දැනුම ලැබෙනවා.

ඕනෑම අයෙක්ට වීඩියෝ ක්‍රීඩා, රොබෝ වැඩසටහන් මෙන්ම ඇනිමේෂන් පවා පහසුවෙන් නිර්මාණය කර ගන්නට ඉඩ සලසා දෙන පරිගණක ක්‍රමලේඛ භාෂාව ස්ක්‍රැච් ය. ළමයි වෙනුවෙන්ම තැනූ
ලොව පළමු රූප මාදිලි ක්‍රමලේඛ භාෂාව (Visual Programming Language) මෙයයි. ස්ක්‍රැච් ක්‍රමලේඛ භාෂාවෙන් වැඩ කරන්නට එම භාෂාව ගැන කලින් ලත් දැනුමක් ඕනෑ කරන්නේ නැහැ. සාම්ප්‍රදායික ක්‍රමලේඛ භාෂාවල එන තාක්ෂණික ගතියෙන් පිරි ඉන්ටෆේස් (interface) එක වෙනුවට මෙහි තිබෙන්නේ මෙහෙයුම් පද්ධතියක මෙන් ග්‍රැෆිකල් ඉන්ටෆේස් එකක්.

ස්ක්‍රැච් යනු සංකීර්ණ ප්‍රෝග්‍රැමිං ලැන්වේජ් එකක්ද නොවේ. බ්ලොක්ස්වලින් යම් ඉදිකිරීමක් කරන්නාක් මෙන් අවශ්‍ය ග්‍රැෆික් කොටස් එක් කොට තමන්ට ඕනෑ තාලයේ වැඩසටහනක් සැකසිය හැකි පන්නයේ එකක්. එනිසා මෙම ස්පයික් ප්‍රයිම් කට්ටලය පාවිච්චි කරන්නන්ට ඒ ඌරුව අනුව යමින්ම වැඩසටහන් ගොඩ නංවා ගැනීමට ස්කෑච් පරිගණක භාෂාව උදව් කරනවා.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...