Home Tech News පර්‍යේෂකයින් පිරිසක් Bluetooth තාක්ෂණය භාවිතා කරමින් Tesla රථයක් Hack කරයි
Tech News

පර්‍යේෂකයින් පිරිසක් Bluetooth තාක්ෂණය භාවිතා කරමින් Tesla රථයක් Hack කරයි

Share
bluetooth-low-energy
Share

Unknown device එකක් known device එකක් ලෙස පෙන්වීමට හැකි Bluetooth Low Energy (BLE) හි දෝෂයක් පර්‍යේෂකයින් පිරිසක් විසින් සොයාගෙන තිබෙනවා. බොහෝ smart උපාංග තමන් සමීපයේ තිබෙන විශ්වාසදායක වෙනත් උපාංග හඳුනා ගන්න මේ BLE තාක්ෂණය භාවිතා කරනවා. මේ ක්‍රමයේ සාර්ථකත්වය පෙන්වන්න පර්‍යේෂකයින් පිරිස විසින් lock කරන ලද Tesla කාර් එකක් unlock කරල තිබෙනවා.

මේ අවධානම Tesla Model 3 සහ Tesla Model Y රථ වලට බලපෑවත් අන්තර්ජාලයේ පල වෙන වාර්තා වලට අනුවනම් වෙනත් වෙලඳනාම වල මිලියන ගණනක් වූ මෝටර් රථ සඳහාත් මේ අවධානම එලෙසම බලපානවා. පහළ තිබෙන වීඩියෝ එකෙන් බලන්න පුලුවන් පර්‍යේෂකයින් පිරිස විසින් කොච්චර ලේසියෙන් relay උපාංගයක් පිහිටුවල දුරකථනය සහ 2021 Tesla Model Y කාර් රථය අතර තිබෙන trusted connection එක සොරාගන්නවද කියන එක.

පර්‍යේෂකයින් විසින් විශ්වාසදායික උපාංගයේ සංඥාව අනුකරණය කිරීමට laptop එකකට සම්බන්ධ කරල තියෙන relay උපාංගයක් තමයි භාවිතා කරන්නේ. මේ අවස්ථාවේ Tesla රථයේ හිමිකරු RFID key card එක වෙනුවට භාවිතා කරන්නෙ තමන්ගෙ smart දුරකථනයයි. වීඩියෝ එකේ පෙන්වන විදිහට පර්‍යේෂකයා මේ උපාංගය කාර් එක ලඟට රැගෙන එන නමුත් මේ ක්‍රමයෙන් hacker කෙනෙක්ට ලෝකයේ අනෙක් පසක ඉඳන් උනත් මේ විදිහට කාර් එක unlock කරන්න සහ හසුරවන්න හැකියාව තියනවා. hackers ලට මේ අවදානම ප්‍රයෝජනයට ඇරගෙන BLE තාක්ෂණය සහිත smart locks වගේ දේවල් උනත් hack කරන්න පුලුවන්.

විශේෂම කරුණක් තමයි මේක BLE හි දෝෂයකටත් වඩා ලක්ෂණයක් ලෙස කියන්න පුලුවන්, පර්‍යේෂකයින් කියන විදිහට BLE සංවර්ධනය කරද්දි ආරක්ෂාව ගැන වැඩි සැලකිල්ලක් දක්වල නෑ. ඉතින් ඔවුන් කියන්නෙ මුලින් ආරක්ෂාව ගැන සලකල නැති තාක්ෂණයක ආරක්ෂාව පසුව වැඩි දියුණු කිරීම ඉතාම අසීරු කාර්‍යයක් බවයි.

Share

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...