Home Tech News Explained ඕනෑවට වඩා ඕනම නැති Smart Devices
ExplainedTech News

ඕනෑවට වඩා ඕනම නැති Smart Devices

Share
blank
Share

ඕනෑවට වඩා වැඩි කාලයක් තිස්සෙ Smart Phone භාවිතා කිරීමත්, laptops/ Desktops සහ Tabs භාවිතා කිරීමත් නිසා ලෝකයා ඉතා නරක විදියට රෝගාබාධ වලට ගොදුරු වෙමින් සිටින බව අනාවරණය වී තිබෙනව. මේ පිළිබඳව පුවත් වාර්තාවක් පළ කරමින් මහා බ්‍රිතාන්‍යයේ ඩේලි මේල් පුවත් සේවය පෙන්වාදී තිබෙන්නේ අද ලෝකයේ බොහෝ වැඩිහිටියන් නිදා ගන්නා කාලයට වඩා වැඩි කාලයක් Smartphone, Laptop, Desktops & Tab භාවිතා කරමින් සිටින බවයි.

සාමාන්‍යයෙන් පුද්ගලයෙක් දිනකට පැය 8යි විනාඩි 21 ක් පමණ නිදා ගන්නව. එහෙත් ඒ හා සමානව එනම් පැය 8 යි විනාඩි 41 ක් පමණ පරිගණක උපාංග සමඟ සිටිනව. තවත් විස්තර වශයෙන් ගත් විට සියයට 81 ක් පමණ දෙනා මුළු දවස පුරාම ස්මාට්ෆෝන් ක්‍රියාත්මකව තබනව. එසේම සෑම වැඩිහිටි මෙන්ම තරුණ දස දෙනෙක් ගෙන් හතර දෙනෙක්ම රාත්‍රියේ අවදි වෙන සෑම වාරයක් පාසාම ස්මාට්ෆෝනයට පණිවුඩ යනාදිය ලැබී තිබේදැයි කියා පරීක්ෂා කර බලනව.

උදෑසන ආහාර ගන්නට හෝ ඇද පැළැද ගන්නට හෝ වැය කරන කාලයට වඩා වැඩි කාලයක්, ස්මාට්ෆෝන් භාවිතා කර ඊමේල් හා පුවත් කියවා බැලීම සහ පණිවුඩ හුවමාරු කිරීම වෙනුවෙන් දැන් පුද්ගලයන් කාලය වැය කරනව. මෙසේ තාක්ෂණික උපාංග භාවිතා කිරීමට ඇබ්බැහි වී සිටීමත්, එනිසාම නින්ද නොලැබීමත්, බරපතල සෞඛ්‍ය ආබාධ ඇති කරවන්නට හේතු වෙන බව දැන් සොයා ගෙන තිබෙනව.

නිදා ගන්නා ඉරියව්වෙන් සිට හෝ ඇඳ මතට වී හෝ Emails, Messages පරීක්ෂා කිරීම, Social Networks භාවිතය යනාදී වැඩ කරන විට මොළය අවිවේකීව තිබෙනව. නින්දට සුදානම් වෙන විට මොළය ක්‍රමයෙන් වැඩ අඩු කරනව. එනම් එකින් එක අත හරිනව. ක්‍රමයෙන් නින්ද එන්නේ එවිටයි. එනම් නින්දට යන්නට කලින් යම් විවේක කාලයක් මොළය අපේක්ෂා කරනව. එය නොලැබෙන තාක් කල් නින්ද එන්නේ නැත. මෙහෙම නින්දට බාධා කළාම කාලයක් යන විට නින්ද නො යෑමේ රෝගය ඇති වෙන්නත් හැකි බව දැන් අනාවරණය වී තිබෙනව.

ඩේලි මේල් වාර්තාව පෙන්වා දී තිබෙන්නේ අද 80% ක් පමණ දෙනා ඇඳට වී නින්ද එන තෙක් Smartphones/ tabs, laptops භාවිතා කරමින් සිටින බවයි. මෙම Electronic Device Screen වලින් නික්මෙන (blue light) නිල් පැහැයට හුරු ආලෝකය විසින් මිනිස් සිරුරේ ස්වභාවික රිද්මය වෙනස් කරනු ලබනව.

සිරුරේ ජීව ක්‍රියා හෙවත් පරිවෘත්තීය ක්‍රියා නිසි පරිදි සිදු වී, මිනිසා නිරෝගීව තැබීම පිණිස පැය ගණනක නින්දක් අවශ්‍ය වෙනව. මෙසේ ඇවැසි තරමට නින්ද නොලැබෙන විට සිරුරේ ප්‍රති ශක්තිය අඩු වෙනව. එනිසා අධි රුධිර පීඩනය, දියවැඩියාව මෙන්ම හෘද රෝග ද පසුකාලීනව ඇති වෙන්නට පුළුවන්. දැනටමත් මෙම රෝගවලින් පෙළෙන්නන් වෙතොත් මේ නිසාම එම රෝගී තත්ව උත්සන්න වෙන්නට පුළුවන්.

මෙම අනතුරුදායක තත්ව වලින් ඈත්වීමට Smart Device භාවිතය අඩු කිරීම වගේම Blue Light Filter Modes On කරගැනීම, App Activity Time සීමා කිරීම සහ Sleeping Modes On වීම Schedule කිරීම සිදු කරන්න පුළුවන්.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...