Home Tech News social media Clubhouse විසින් voice rooms තුළ chat කිරීමේ පහසුකම හඳුන්වාදේ
social mediaTech News

Clubhouse විසින් voice rooms තුළ chat කිරීමේ පහසුකම හඳුන්වාදේ

Share
blank
Share

Clubhouse සේවාව 2020 වසරෙ නිකුත් වුන සජීවී audio chat සඳහා වෙන් වුන සමාජ ජාලයක්. අලුත් අදහසක් එක්ක ආපු නිසා Clubhouse ඉතා වේගයෙන් ලෝකය පුරා ජනප්‍රිය වුනා. පස්සෙ මේ අදහස Twitter, Facebook සහ Reddit වගේ වෙනත් සමාජ මාධ්‍ය‍ත් අනුකරණය කරමින් ඔවුන්ගේම සජීවී audio chat සේවාවන් පවා හඳුන්වාදෙනු ලැබුවා. මේ වෙනකොට Clubhouse විසින් ඔවුන්ගේ සේවාවට කාලයකට පස්සෙ කරන ලොකුම update එක හඳුන්වාදෙන්නයි යන්නේ. ඒ ඔවුන්ගේ voice chat rooms වලදි users ලට text chat වලින් ප්‍රතිචාර දක්වන්න හැකියාව ලබාදීලයි.

මේ ගැන දැනුම් දුන්න නිල blog සටහනේ හැටියට මේ පහසුකම හඳුන්වා දෙන එකේ අරමුණ වෙලා තියෙන්නෙ users ලට තමන් සහභාගී වෙන සංවාදයට voice භාවිතයෙන් වගේම text භාවිතයෙනුත් සහභාහී වීමේ හැකියාව ලබාදීම. “In-Room Chat” නමින් හඳුන්වන මේ පහසුකම Zoom හෝ Skype වගේ සේවාවන් වල භාවිතා වෙනව වගේම live room තුල ඇති chat area එකක්.

Voice rooms වල moderators ලට හැකියාව තියනව අවශ්‍යනම් messages මකල දාන්න. ඒ වගේම voice room එකක් ආරම්භ කරන්න කලිනුත් text chat පහසුකම සක්‍රීය හෝ අක්‍රීය කිරීමට තෝරන්න පුලුවන්. මීට අමතරව Clubhouse විසින් ප්‍රකාශ කරල තියනව audience එකටත් අනවශ්‍ය chats report කිරීම සිදුකිරීමෙන් moderators ලට සහය වෙන්න පුලුවන් කියල, කොහොම උනත් ශ්‍රාවකයින් සිය ගණනක් හෝ දහස් ගණනක් සිටින rooms වල text chats, moderate කරන එකනම් ලේසි පහසු කාර්‍යයක් වෙන එකක් නෑ.

text chat සක්‍රීය වුන rooms හඳුනා ගැනීමේ පහසුව සඳහා පහළ වම් කෙලවරේ icon එකකින් සටහන් කරල තියනවා. room එකක් අවසන් වුනාට පස්සෙත් ඒ room එකේ replay එකක් අහන කෙනෙක්ටත් ඒ අවස්ථාවේ කරපු text chats බලන්න හැකියාව තියනවා. Clubhouse බලාපොරොත්තු වෙන විදිහට මේ පහසුකමෙන් voice rooms පවත්වන අයට ඉක්මනින් ශ්‍රාවකයන්ගෙ අදහස් විමසීමට සහ ප්‍රශ්න ඇසීමට අවස්තාව සලසල දේවී.

Share
Written by
Pasindu Ruwandeniya

An internet kid who loves open-source software and new technologies.

1 Comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...