Press ESC to close

Grand Theft Auto 5 Review

Plot

2004 වර්ෂයේදී Michael Townley, Trevor Philips සහ Bradley Snider යන තිදෙනා උතුරු Yankton ප්‍රාන්තයේ Ludendorff හිදී බැංකු මංකොල්ලයක් සිදුකරයි. මෙහිදී Trevor බැංකුවේ ආරක්ෂක නිලධාරියෙක්ට වෙඩිතැබීම නිසා සැලසුමක් අනුව සිදුවූ මංකොල්ලය plan B එකක් වෙත යොමුකිරීමට ඔවුන්ට සිදුවේ.මුදල් රැගෙන getaway car එකකින් පොලීසියෙන් බේරි පලායන ඔවුන්ගේ driver අතරමගදී පොලිස් වෙඩිපහරින් මියයයි.ඉන්පසු වාහනයේ පාලනය තම අතට ගන්නා Michael ටද කලබලයට එය පාලනය කරගත නොහැකිව වාහනය අනතුරට ලක්වේ. Getaway chopper එක සොයායන ඔවුන්ට මුහුණදීමට සිදුවන FIB ambush එකත් සමග වෙඩිවැදීමෙන් Bradley මියයයි. ඉන්පසු Michael ටද වෙඩිවදින අතර ඔහු Trevor ට පලායන ලෙස පවසයි(මෙහිදී Michael විසින් FIB agent, Dave Norton සමග ගිවිසගත් ආකාරයට මෙම සිදුවීම සිදුවන අතර මෙය Michael විසින් setup කළ දෙයකි. Trevor ව FIB එකට හසුකරදී FIB අපරාධ පොතෙන් ඔහුගේ නම මකාගැනීම සඳහා ඔහු මෙසේ ගිවිසුමක් ආරම්භ කරයි). Fail වුනු බැංකු මංකොල්ලයෙන් පසු පලාගිය Trevor ද මියගිය බව සැලකූ Michael, ඔහුද මියගිය බවට ප්‍රචාරය කිරීම සඳහා fake funeral එකක්ද සංවිධානය කරයි.

Get Your Site Up with A2 Hosting

වසර 9කට පසු Michael De Santa නමින් නම වෙනස්කරගෙන Los Santos නගරයේ Amanda නම් stripper සමග විවාහ වී නව ජීවිතයක් ඔහු ගතකරමින් සිටී.ඔහුට Franklin Clinton ව මුණගැසෙන්නේ මේ අතරතුරේදීය.අනුන්ගේ වාහන සොරකම් කර ඒවා modify කර විකුණන car salesman කෙනෙකුගේ job එකක් run කරමින් සිටි Franklin මීළඟට සොරකම් කිරීමට තැත්කරන්නේ Michael ගේ පුතාගේ මෝටර් රථයයි.එහිදී Michael ට හසුවන Franklin පසුව ඔහුගේ හොඳම මිතුරෙකු බවට පත්වේ.

පසුදිනක නිවසට පැමිණෙන Michael ට දක්නට ලැබෙන්නේ ඔහුගේ wife ඇයගේ tennis coach සමග cheat කරන අයුරුයි.මෙයින් කෝපයට පත් Michael එම මොහොතේ Michael ගේ නිවසට පැමිණෙන Franklin ද සමග පලාගිය tennis coach ව හඹාගොස් ඔහු සැඟවෙන මන්දිරය ඔහුගේ නිවස යැයි සලකා එය විනාශකර නැවත ඔහුගේ නිවසට පැමිණේ.එම මොහොතේ Michael ව සොයාඑන Martin Madrazo නම් drug dealer පවසන්නේ Michael විනාශකළ මන්දිරය ඔහුගේ බවයි.මෙහිදී අවිආයුධ රැගෙන පැමිණි Madrazo ගෙන් Michael ට පහරකෑමටද සිදුවේ. Madrazo තම කල්ලියත් රැගෙන එතනින් නික්මෙන්නේ Michael ඔහුට ණය වූ මුදල ගෙවාදමන ලෙස අණකරමිනි. මෙම සිදුවීමෙන් පසුව එම විශාල මුදල සොයාගැනීමට Michael, Franklin ගේ හා Michael ගේ පරණ මිතුරෙකු වූ Lester Crest ගේද උදව් ඇතිව jewellery store එකක් මංකොල්ලකෑමට තීරණය කරයි.

පසුදින මෙම මංකොල්ලය පිළිබඳ පුවත දැනගන්නා Trevor තේරුම්ගන්නේ මෙය Michael ගේ වැඩක් බවයි. Los Santos නගරයෙන් බැහැරව ඔහු ජීවත්වූයේ වසර 9කට පෙර Michael මියගිය බව සිතාගෙනය. මෙම පුවත දැනගැනීමෙන් පසු Trevor, Michael ව හමුවීමට පැමිණෙන අතර Trevor ගේද පැමිණීමත් සමග Michael ගේ අපරාධ දිවිය නැවත ආරම්භ වේ.ඉතින් එතනින් පසු මිතුරන් තිදෙනාගේ අනාගතය කෙසේවේවිද?තම අපරාධ දිවියත් සමගම ඔහුගේ පවුල් ජීවිතය ගතකිරීමට ඔහුට හැකිවේවිද?මෙම ප්‍රශ්නවලට පිළිතුරු සොයාගැනීම ක්‍රීඩක ඔබට භාරයි.

Gameplay

  • GTA 5 හිදී ඔබට missions complete කිරීම හා free roam කිරීම වැනි දේ 3rd person මෙන්ම 1st person ආකාරයෙන්ද සිදුකළ හැක. Map එක වන Los Santos නගරය මීට පෙර GTA ක්‍රීඩාවල maps වලට වඩා ප්‍රමාණයෙන් විශාලය.
  • GTA 5 හිදී ඔබට melee weapons, guns හා explosives භාවිතකළ හැකිය. එසේම විශාල Los Santos නගරයේ ගමන්කිරීමට විවිධ වාහන භාවිතකළ හැක.මෙහිදී ඔබට දුම්රිය,ජෙට් යානා,හෙලිකොප්ටර් ආදියද භාවිතකළ හැකිය.
  • ක්‍රීඩාවේ ප්‍රධාන චරිත 3ම ලෙස ඔබට ක්‍රීඩාකළ හැකිය.ඇතැම් missions එක් චරිතයක් ලෙස පමණක් ක්‍රීඩා කළ හැකි අතර ඇතැම් missions සඳහා චරිත 2ක් හෝ චරිත 3ම අවශ්‍ය වේ.මෙම චරිත 3 අතර මාරුවීම ක්‍රීඩාව තුළ in-game HUD එක මගින් කළහැකිය.මෙම චරිත 3ටම පිහිනීම කළහැකිය.එක් චරිතයක් crime එකක් සිදුකළහොත් ඔවුන්ගේ wanted level එක වැඩිවන අතර පොලීසියෙන් සැඟවී wanted level එක cooldown වනතුරු සිටීමෙන් එය නැතිකරගත හැක.චරිත 3ටම විවිධ skills ඇති අතර ඔවුන් තිදෙනාට ආවේණික වූ unique ability 3ක්ද ඇත.
  • Main missions වලට අමතරව විවිධ side missions ද අපට play කළ හැකි අතර විවිධ activities රාශියක්ද සිදුකිරීමට අපට හැකිය. සෑම චරිතයකටම smartphone එකක් ඇති අතර එමගින් මිතුරන්ට කථාකිරීම, missions ආරම්භ කිරීම හා in-game internet access ලබාගැනීම ආදිය කළහැක.අපට විවිධ Properties ද purchase කළහැකිය.එසේම අපගේ weapons හා vehicles ද upgrade කළහැකිය.විවිධ outfits, haircuts හා tattoos මගින් අපගේ චරිතවල පෙනුමද වෙනස්කළ හැකිය.
  • Los Santos explore කිරීමේදී විවිධ mysteries හමුවන අතර ඒවා ගවේෂණය කිරීමද ඔබට කළහැක. එසේම ක්‍රීඩාවේදී ඔබට විවිධ interesting easter eggs ද විශාල ප්‍රමාණයක් සොයාගැනීමට හැකිවේ.

System Requirements

SystemMinimumRecommended
CPUIntel Core 2 Quad CPU Q6600 @ 2.40GHz / AMD Phenom 9850 Quad-Core Processor @ 2.5GHzIntel Core i5 3470 @ 3.2GHz / AMD X8 FX-8350 @ 4GHz
GPUNVIDIA 9800 GT 1GB / AMD HD 4870 1GB (DX 10, 10.1, 11)NVIDIA GTX 660 2GB / AMD HD 7870 2GB
VRAM1GB2GB
RAM4GB8GB
Storage72GB72GB
OSWindows 10 64 Bit, Windows 8.1 64 Bit, Windows 8 64 Bit, Windows 7 64 Bit Service Pack 1, Windows Vista 64 Bit Service Pack 2*Windows 10 64 Bit, Windows 8.1 64 Bit, Windows 8 64 Bit, Windows 7 64 Bit Service Pack 1

Outro

2013දී නිකුත්වූ GTA 5 පරිගණක ක්‍රීඩාව open world action-adventure ගණයට අයත්වේ.විවිධ awards හා nominations විශාල ප්‍රමාණයකට හිමිකම් කියන මෙම ක්‍රීඩාව ලෝකයෙන්ම best-selling games අතරින් දෙවැනි ස්ථානයේ පසුවන්නේ release වීමෙන් පසු දැනට copies මිලියන 160ක් විකිණීම නිසාවෙනි.එසේම release වී පැය 24ක් ඇතුළත best-selling ක්‍රීඩාව වීම, action-adventure game එකක් සතු trailer එකක වැඩිම views ගණන,ඩොලර් බිලියනයක ආදායමක් වැඩිම වේගයකින් ඉපයූ පරිගණක ක්‍රීඩාව මෙන්ම entertainment property එක වීම වැනි Guinness ලෝකවාර්තාද රැසකට GTA 5 හිමිකම් කියයි. Game physics, game mechanics, environment details ආදිය ඉතාමත් realistic පරිගණක ක්‍රීඩාවක් වන GTA 5 එදාමෙදා තුර බිහිවූ හොඳම පරිගණක ක්‍රීඩාවලින් එකකි.

Eshan Amarasinghe

Eshan Loves Gaming and also writes about them, This will help you understand the game better and have an overall good experience.

Comments (1)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *