Press ESC to close

මොනවද මේ NFT කියන්නෙ?

Cryptocurrency වලට ඇතිවුන විශාල අවධානයෙන් පස්සෙ ඒ විදිහම අලුතෙන්ම ඇතිවුන ප්‍රවණතාවයක් තමයි NFT කියන්නෙ. NFT ලෝකයට හඳුන්වලා දීල අවුරුදු කිහිපයක් වුනත් පසුගිය මාස කිහිපයේ ඒක විශාල වශයෙන් ප්‍රසිද්ධ වුනා. සමහර NFT වල වටිනාකම ඩොලර් මිලියන ගණනක්. NFT ගැන හොඳ infographic එකක් බලන්න පුලුවන් Expensivity වෙබ් අඩවියෙන්, එම වෙබ් අඩවියට අනුව 2021 මුල් මාස 6 තුලදි NFT ඩොලර් බිලියන 2.5 ක් වගේ අති විශාල මුදලක වෙලඳපොලක් ඇති කරල තියනවා. Twitter වල නිර්මාපක Jack Dorsey විසින් ඔහුගෙ පළමු tweet එක NFT එකක් ලෙස වෙන්දේසි කරා, ඒ NFT එක අලෙවි වුනේ ඩොල‍ර් මිලියන 2.5 ක මුදලකට. මේ කරුණු වලින් පැහැදිලි වෙන්නෙ හැමෝම NFT trend එකේ තමන්ගෙ කොටස ලබාගන්න දැන් තරඟ කරනව කියලයි. හැකියාව තියෙනවනම් ඔයාටත් NFT design කරල විකුණන්න පුලුවන්.

NFT කියන අකුරු තුනෙන් කියන්නෙ “Non-Fungible Tokens” කියන එක. ඒව චිත්‍ර, ගීත සහ වීඩියෝ වැනි දේවල් නියෝජනය කරන digital assets විශේෂයක්. “Non-fungible” කියන්නෙ ඒ දේ වෙන කිසිම විදියකින් replace කරන්න හැකියාවක් නෑ කියන එකයි. NFT වල තියන එකිනෙකට වෙනස් unique data එක් එක් item වල හිමිකාරීත්වය තහවුරු කරගන්න එක පහසු කරවනවා.

Get Your Site Up with A2 Hosting

NFT වලදි එක් එක් artwork වල හිමිකාරීත්වය ගැන digital සහතිකපත් නිර්මාණය කරල විශේෂ විදිහකට “tokenized” කරල තියෙන්නෙ. මේ token එක මිලදී ගැනීමට හෝ විකිණීමට හැකියාව තියනවා. ඒ artwork එකේ NFT එකේ අයිතිය කාටද තියෙන්නෙ කියන එක සඳහන් වෙන්නෙ “blockchain” කියල හඳුන්වන කාටත් බලන්න පුලුවන් ලෙජරයක. ලොව පුරා විහිදිල තියන පරිගණක දහස් ගණනක් මේ ලෙජරය නඩත්තු කිරීම සහ තහවුරු කිරීම සිදු කරන නිසා මේ වාර්තා ව්‍යාජ ලෙස සකස් කිරීම සිදු කල නොහැකි දෙයක්.

NFT භාවිතා කරන්නෙත් cryptocurrency වලට භාවිතා කරන programming concepts ම තමයි. NFTs සාමාන්‍යෙන් භාවිතා කරන්නෙ Ethereum blockchain එක. නමුත් වෙනත් blockchains පවා ඔවුන්ගෙම NFTs වලට සහය දක්වනවා.

NFT මිලදී ගන්නේ කොහොමද?

ඔයාට NFT මිලදී ගන්න අවශ්‍යනම් මුලින්ම NFT සහ cryptocurrencies ගබඩා කරගන්න පුලුවන් digital wallet එකක් අවශ්‍ය වෙනවා. ඊට පස්සෙ NFT මිලදී ගන්න ඕන වෙන “Ether” වගේ cryptocurrency විශේෂයක් අවශ්‍යයි. ඔබ NFT මිලදී ගන්න සූදානම් වෙන NFT සපයන්නා මත අවශ්‍ය cryptocurrency එක වෙනස් වෙන්න පුලුවන්. සරලවම credit card එකක් භාවිතයෙන් crypto මිලදී ගත හැකි Coinbase වගේ platforms කිහිපයක්ම දැන් තියනවා. ඊට පස්සෙ ඔයා විශ්වාසී NFT marketplace එකක ගිණුමක් හදාගෙන ඒකට crypto wallet එක සම්බන්ධ කල යුතු වෙනවා. NFT marketplace සියල්ලක්ම වගේ crypto වලින් ගෙවීම් පිළිගන්නවා, විශේෂයෙන් Ethereum මාධ්‍යයෙන් කරන ගෙවීම්.

ප්‍රසිද්ධ NFT වෙලඳපොලවල්.

විශ්වාසී ලෙස NFT මිලදී ගන්න පුලුවන් marketplaces කිහිපයක්ම තියනවා. කිසි වෙලාවක NFT මිලදී ගන්න විශ්වාසයක් නැති වෙබ් අඩවි වලට යන්න එපා, ඒව බොහෝ දුරට scams. අනිවාර්‍යයෙන් මතක තියාගන්න හොඳ පිලිගැනීමක් තියන marketplace එකකින් අවශ්‍ය NFTs මිලදී ගන්න. පහල සඳහන් කරල තියෙන්නෙ දැනට ප්‍රසිද්ධ සහ පිලිගන්න NFT marketplaces තුනක්.

  1. OpenSea.io
  2. Rarible
  3. Foundation

ඔබ NFT මිලදී ගත යුතුද?

ඔබට මුදල් විශාල ප්‍රමාණයක් තියෙන නිසාම NFTs මිලදී ගැනීම එච්චර නුවණට හුරු වැඩක් නෙවෙයි. අනාගතය ගැන අනාවැකි කියන්න තරම් තවම දත්ත මදි නිසා NFT කියන්නෙ අවදානම් සහගත ආයෝජනයක්. උත්සහ කිරීම සඳහා NFT වලට කුඩා මුදල් ආයෝජනයක් සිදු කිරීම එතරම් ප්‍රශ්නයක් නොවුනත් විශාල මුදලක් එකවර ආයෝජනය කිරීම කිසිසේත්ම අනුමත කරන්න බෑ. NFTs වල මිල සම්පූර්ණයෙන්ම තීරණය වෙන්නෙ යම්කිසි පුද්ගලයෙක් කොපමණ මුදලක් ඒ NFT එක සඳහා වියදම් කිරීමට සූදානම්ද කියන කාරණය මත. ඔයා ඩොලර් 100කට NFT එකක් මිලදී ගත්තොත් ඒක කාලෙකට පස්සෙ මුල් මුදලට වඩා ඉතා වැඩි මුදලකට හෝ ඉතා අඩු මුදලකට විකුණන්න සිදු වෙන්න පුලුවන්. ඒක සම්පූර්ණයෙන්ම රඳා පවතින්නෙ ඒ NFT එකට ඇතිවෙන ඉල්ලුම මතයි. ඒ හින්ඳ ඔයා NFT මිලදී ගන්න බලාපොරොත්තු වෙනවනම් ඔයාගෙම research එකක් කරල ඒක ගැන හොඳින් තේරුම් ගත්තට පස්සෙ මුදල් ආයෝජනය කරන්න.

Pasindu Ruwandeniya

An internet kid who loves open-source software and new technologies.

Comments (1)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *