මීට පෙර ලිපියකින් අපි ඔබට ලංකාවෙ අපේම නිර්මානයක් වෙන RDMNS ඇප් එක ගැන තොරතුරු ගෙන ආවා. එහි අපි එම ඇප් එකෙන් දුම්රිය ගමන් ගන්නා ඔබට භාවිතා කලහැකි ප්‍රයෝජනවත් විශේෂාංග ගැන ඔබව දැනුවත් කලා. මේ කියන්න යන්නෙ ඒ වගේ එම ඇප් එකට එක්කල තවත් එක් විශේෂාංගයක් ගැනයි.
දැන් ඔබට RDMNS ඇප් එක හරහා දුම්රිය ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමේ හැකියාව තිබෙනවා. මීට දින කිහිපයකට කලින් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් මාර්ගගතව දුම්රිය ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමේ හැකියාව ලබාදුන්නා. ඒ සදහා Pravesha නමින් වෙබ් අඩවියක් ඔවුන් දියත් කරනු ලැබුවා. එම වෙබ් අඩවිය හරහා ඔබට ලංකාවේ ඕනෑම දුම්රිය ස්ථාන දෙකක් අතර දුම්රිය ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමේ හැකියාව ලබාදී තිබෙනව.

ඉතින් මේ Pravesha වෙබ් අඩවියෙන් ප්‍රවේශ පත්‍ර ලබාගැනීම දැන් RDMNS ඇප් එක හරහාත් සිදුකරගන්න පුලුවන්. දැන් මේ අප්ඩේට් එක සියලුම Android සහ Apple දුරකතන සදහා ලබාදී තිබෙනවා. ඒවගේම දැන් මෙම ඇප් එක Huawei දුරකතන සදහාත් බාගත කරගැනීමේ හැකියාව ලබාදී තිබෙනවා.
 













Leave a comment