Home Tech News Explained අළුත් Current Bill එක හැදෙන හැටි
ExplainedTech News

අළුත් Current Bill එක හැදෙන හැටි

Share
blank
Share

මෑත කාලයේ සිදුවූ විශාලතම විදුලි ගාස්තු වැඩි කිරීමත් සමගම 2022 අගෝස්තු අවසානයේ සිට විදුලි බිල ගණනය වන හැටි ගැන තමයි මේ විස්තර කරන්නෙ. මේ හරහා ඔයාගේ විදුලි බිලත් හරියටම ගණනය කරගන්න ඔයාටම පුළුවන් වෙනව. එහෙමනම් පරණ විදුලි බිල් කීපයක් අරගෙන ඒ ඒකක ගණනටම අළුතින් බිල හැදෙන හැටි ගැන බලමු.

ඉහත තියෙන්නෙ නව විදුලි මිල එක් එක් භාවිතාවන කාණ්ඩය අනුව මිළ තීරණය වන ආකාරයයි. මෙතනදි දක්වල තියෙන්නෙ

  • ඒකක 0 – 30 අතර නම්එක් ඒකකයක් රු 8ක් විදිහට ගණනය වීමක්. එයට රු 120ක් ස්ථාවර ගාස්තු ලෙස එක් වෙනව.
  • ඒකක 50ක් පාවිච්චි උනොත් පළමු ඒකක 30ට රු 8 ගානෙත් ඉතිරියට රු 10 ගානෙත් ගණනය වෙනව. එයට රු 240ක් ස්ථාවර ගාස්තු ලෙස එක් වෙනව.
  • ඒකක 60 – 90 නම් – ඒ කියන්නෙ ඒකක 60න් ඉහල පාවිච්චි උනොත් – අපි හිතමු ඒකක 70ක් කියල – එහෙමනම් ඒකක 90 වෙනකම් රු 16 බැගින් ගණනය වෙනව.
  • ඒකක 110ක් පාවිච්චි වෙනව නම් පළමු ඒකක 90 රු 16 ගණනෙත් ඉතිරි ඒකක 20 රු 50 බැගිනුත් ගණනය වෙනව. එයට රු 960ක් ස්ථාවර ගාස්තු ලෙස එක් වෙනව.

එහෙමනම් උදාහරණයක් විදිහට

ඒකක 175ක් පාවිච්චි කලොත් එන විදුලි බිල පහත ආකාරයට ගණනය කරන්න පුළුවන්

පළමු ඒකක 90 – රු 16 x 90රු 1440
ඉතිරි ඒකක 85 – රු 50 x 85රු 4250
ස්ථාවර ගාස්තුව 91 – 180 අතරරු 960
එකතුවරු 6650

ඒකක 250ක් පාවිච්චි වෙනවනම්

පළමු ඒකක 90 – රු 16 x 90රු 1440
දෙවෙනි ඒකක 90 – රු 50 x 90රු 4500
ඉතිරි ඒකක 70 – රු 75 x 70රු 5250
ස්ථාවර ගාස්තුව 180ට ඉහලරු 1500
එකතුවරු 12690

මෙන්න මේ විදිහට ඔයාගෙ නිවසෙත් පාවිච්චි වෙන සාමාන්‍ය ඒකක ගණන අනුව අළුත් විදුලි බිල ගණනය කරගන්න පුළුවන්.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...