Home Tech News ලොව පළමු Software Patent හිමිකරු මියයයි
Tech News

ලොව පළමු Software Patent හිමිකරු මියයයි

Share
blank
Share

අද ලොව පරිගණක මෘදුකාංග වෙළෙඳපොළ, ඇමෙරිකානු ඩොලර් බිලියන 650කට වැඩියි. එය සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ විවිධ මෘදුකාංගවල අයිතිය පිළිබඳව පේටන්ට් බලපත්‍ර මඟින් කෙරෙන ආවරණය මතයි. එසේ නොවන්නට මෘදුකාංග සංවර්ධනය කිරීමට මුදල් ඇත්තේ නැත. උනන්දුවක් ඇති වෙන්නේද නැත.

මෙසේ පරිගණක මෘදුකාංග වෙනුවෙන්ද වෙනත් නව නිර්මාණ මෙන් පේටන්ට් බලපත්‍ර ලැබිය යුත්තේය යන තර්කය පෙරටු කොට ගෙන, වානිජ පරිගණක මෘදුකාංග කර්මාන්තය බිහි කිරීම වෙනුවෙන් වැඩ කළ පුරෝගාමියා, ඇමෙරිකානු පරිගණක ඉංජිනේරු මාටින් ගොත්ස් ය. වර්ෂ 1930 අප්‍රේල් 22 වැනිදා ඇමෙරිකාවේ බෲක්ලින් නුවරදී උපන්හේ, අවුරුදු 93ක් ආයු වළඳා, පසුගිය ඔක්තෝබර් 10 වැනිදා බ්‍රයිටන් නුවරදී මිය ගොස් තිබෙනව.

මාටින් ගොත්ස්, බෲක්ලින් තාක්ෂණ විද්‍යාලයෙන් පරිගණක විද්‍යා උපාධිය ලැබීමෙන් පසුව, 1958දී තවත් කීප දෙනෙක් සමඟ එක්ව, ඇප්ලයිඩ් ඩේටා රිසර්ච් (ADR) නම් සමාගම ඇරබා තිබෙනව. එහි අරමුණ වූයේ එකල භාවිතා කළ මේන්ෆ්‍රේම් වර්ගයේ පරිගණකවල ක්‍රියාත්මක කරවිය හැකි පරිගණක වැඩසටහන් සැකසීමයි. ඔවුන් මුලින්ම වැඩ කළේ, යුනිවැක් පරිගණක වෙනුවෙන් වැඩසටහනක් සැකසීමටයි. එහි භාවිතා කරන දත්ත වෙන් කළ හැකි වර්ගයේ වැඩසටහනක් මාටින් ගොත්ස් විසින් නිම කර තිබෙනව. ඔටෝෆ්ලෝ (Autoflow) නම් එය සැලකෙන්නේ ලොව පළමු වානිජ මෘදුකාංගය වශයෙන්.

එකල, දැන් මෙන් පොදුවේ කාටත් භාවිතා කළ හැකි පරිගණක වැඩසටහන් තිබුණේ නැහැ. පරිගණක නිෂ්පාදකයා විසින්ම එයට වැඩසටහන් ස්ථාපනය කර දෙනවා පමණයි. එනම් එය නොමිලේ ලබා දෙන්නක්. අනෙක් අතට පරිගණක භාවිතා කළේ විශේෂ වැඩවලට පමණක් නිසා එම වැඩට ගැළපෙන සේ ඒ ඒ පාරිභෝගිකයින් අපේක්ෂා කරන සේවා සැපයිය හැකි වැඩසටහන් සැකසුවා පමණයි.

එසේ නොවී, පරිගණක මෘදුකාංගයක් යනු බුද්ධිමය දේපොළක් විය යුතු යැයි ලොව මුලින්ම තර්ක කළ තැනැත්තා මාටින් ගෝත්ස්ය. ඔහු සිය පරිගණක වැඩසටහන් වෙනුවෙන් පේටන්ට් ඉල්ලුම් පත්‍රයක් සකස් කරන්නට කලින්ම, ඔටෝෆ්ලෝ වැඩසටහනේ ඇල්ගොරිදමය විස්තර වශයෙන් පෙන්වන සටහන් සකසා තිබෙනව.

මෘදුකාංගයක් යනු, අන් නව නිපැයුමක් මෙන්ම බුද්ධිමය හා-විතාවක් ඇසුරෙන් සැකසිය යුත්තක් බව පෙනෙන සේ එසේ රූප සටහන් ඇඳි ක්‍රමය, අදටත් භාවිතා වෙනවා. එහෙත් පේටන්ට් කාර්යාලය එය පිළි ගැනීමට මැලිවී තිබෙනව. එහෙත් කාරනය ඒත්තුගැන්වීමට මාටින් ගොත්ස් කාලාන්තරයක් තිස්සේ මහන්සි වුනා. අවසානයේදී වර්ෂ 1968දී ඔටෝෆ්ලෝ වෙනුවෙන් පේටන්ට් බලපත්‍රය ලැබී තිබෙනව.

ඉන්පසුව, 1969දී, පරිගණකවලින් සිය වැඩසටහන් වෙන් කරන ලෙස ඉල්ලා අයිබීඑම් සමාගමට එරෙහිව මාටින් ගොත්ස් විසින් නීතිමය ක්‍රියාමාර්ග ගනු ලැබුවා. එහි ප්‍රතිඵලය වශයෙන් 1970 පටන් අයිබීඑම් සමාගම සිය පරිගණක විකුණනු ලැබුයේ, ඔටෝෆ්ලෝ මෘදුකාංගය නැතිවයි. එය වෙන ම මිලදී ගත යුතු වුනා. එනම් අද තිබෙන වානිජ මෘදුකාංග කර්මාන්තය ඇරඹුණේ එදාය.

Reference – Link

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...