Home Tech News Durex India පාරිභෝගිකයින්ගේ දත්ත පිටවෙයි !
Tech News

Durex India පාරිභෝගිකයින්ගේ දත්ත පිටවෙයි !

Share
durex-data-breach
Share

British Condum සන්නාමයට අනුබද්ධිත සමාගමක් වන Durex India සමාගමේ වෙබ් අඩවියේ ඇති වූ දෝෂයක් හේතුවෙන් සිය ගනුදෙනුකරුවන්ගේ නම්, ඇණවුම් විස්තර ඇතුළු ඔවුන්ගේ පෞද්ගලික තොරතුරු පිටවීමකට ලක්ව ඇතිබව වාර්තා වේ.ඒ අතර පාරිභෝගිකයන්ගේ සම්පූර්ණ් නම්, දුරකතන අංක ,ඊ-මේල් ලිපිනය ,නැව්ගත කිරීමේ ලිපිනය (Shipping Address) සහ ඇණවුම් විස්තර ඇතුළුව ඔවුන්ගේ සංවේදී පුද්ගලික තොරතුරු රාශියක් මෙලෙස පිටවූ දත්ත අතර වේ.

ආරක්ෂක පරීක්ෂකයෙකු වන Sourajeet Majumder විසින් මෙම දත්ත පිටවීමේ ගැටළුව සොයාගත් අතර, Durex India හි වෙබ් අඩවියේ ඇණවුම් පිටුවේ නිසි සත්‍යාපන ක්‍රියාවලියක් නොමැති බවත් පාරිභෝගික දත්තවෙත අනවසරයෙන් ප්‍රවේශ වීමට ඉඩලබාදෙන බව ඔහු සොයාගත්තේය. මෙලෙස බලපෑමට ලක්වූ ගනුදෙනුකරුවන්ගේ නිශ්චිත සංඛ්‍යාව නොදන්න නමුත්, සිය ගණනකගේ දත්ත පිටවී ඇතැයි අනුමාන කලහැකිය.

Source – X

Majumder වැඩි දුරටත් ප්‍රකාශ කරන්නේ සමාගමක් සමග සමීපව කටයුතු කරන පාරිභෝගිකයින්ගේ පෞද්ගලිකත්වය සහතික කිරීම ඉතා වැදගත් බවයි. එසේම මෙලෙස පිටවූ දත්ත හේතුවෙන් ගනුදෙණුකරුවන් සමාජ හිරිහැරවලට ගොදුරු විය හැකි බවටත් ඔහු අනතුරු ඇගවීය.මේ පිලිබදව ඔහු ඉන්දියාවේ පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයද (CERT-In)දැනුවත් කර තිබේ.

CERT-INDIA

Durex මව් සමාගම වන Reckitt ප්‍රකාශකයෙකු වන Ravi Bhatnaggar සමාගමේ ගනුදෙනුකරුවන්ගේ තොරතුරු සුරක්ෂිත කිසීම සදහා අදහස් දැක්වීමක් හෝ හෙලිදරව් කිරීම ප්‍රතික්ෂේප කර තිබේ.තවද Durex India විසින් සිය දත්ත පිටවීමේ දෝෂය ප්‍රසිද්ධියේ පිලිගැනීමට සහ තම ගනුදෙනුකරුවන්ගේ දත්ත සුරක්ෂිත කිරීමට සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට අපොහොසත්වීම ආරක්ෂක විශේෂඥයින්න්ගේ මෙන්ම පුද්ගලයින්ගේද විවේචනයට ලක්ව ඇත.

SourceTech Crunch / Perplexity Ai

Share
Written by
Minidu Shashimal Aluthge

Tech Enthusiast Author

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...