Home Tech News Apple Intelligence සමග නිකුත් වෙන iOS 18.1
Tech News

Apple Intelligence සමග නිකුත් වෙන iOS 18.1

Share
Share

මාස කිහිපයකම ඉදන් beta version එකක් විදියට තිබුනු iOS 18.1 වල stable version එක ඔන්න දැන් නිකුත් කරන්න ඇපල් සමාගම සූදානම් වෙනවා. මෙයත් සමග iPadOS 18.1 සහ macOS Sequoia 15.1 සංස්කරණත් නිකුත් වෙනවා. මේ අප්ඩේට් එකත් එක්ක ඇපල් රසිකයන් බලාගෙන හිටපු ප්‍රධාන විශේෂාංගය වෙන Apple Intelligence පැමිනෙනවා. Apple Intelligence මගින් සිදුකරන්න පුලුවන් මූලික විශේෂාංග වන Writing Tools, අලුත් Siri UI එක, Clean Up tool, notification summaries, සහ තවත් බොහෝ දේ මෙයත් සමග පැමිනෙනවා.

ඔබටත් තිබෙන්නෙ iOS 18 සහය දක්වන දුරකතනයක් නම් තව දින කිහිපයකින් මේ අප්ඩේට් එක ලබාගත හැකිවෙනවා. Apple Intelligence මුලින්ම ලැබෙන්නෙ iPhone 15 Pro, iPhone 15 Pro Max, iPhone 16 model සියල්ලටම, iPad A17 Pro හෝ M-series chipset සහිත iPad, සහ සියලුම Apple Silicon Mac පරිගණක වලටයි. Apple Intelligence භාවිතා කරන්න ඔබ කල යුත්තෙ Settings වල Apple Intelligence & Siri කියන toggle එක ඔන් කිරීමයි.

AI විශේෂාංග වලට අමතර මේ අප්ඩේට් එකත් එක්ක අලුත් කරපු Control Center එකක්, Measure app, සහ phone calls රෙකෝඩ් කිරීමේ පහසුකමත් ලැබෙනවා. කෙසේ නමුත් අනෙක් Apple Intelligence විශේෂාංග වන Genmoji, Image Playground, Image Wand, සහ ChatGPT Integration මේ වසරේ අවසානයෙදි තමයි නිකුත් වෙන්නෙ. ඒවගේම iPhone 16 වලට පමනක් ලැබෙන Visual Intelligence පහසුකම iOS 18.2 සංස්කරණය සමග මේ වසරේ දෙසැම්බර් මාසයේදී නිකුත් වෙනවා.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

2 Comments

Leave a Reply to Pramuka RamanayakeCancel reply

Related Articles

අලුතෙන් ආපු ChatGPT Atlas AI Browser එක

OpenAI සමාගම විසින් පසුගියදා ChatGPT Atlas නමින් AI-powered web browser එකක් නිකුත්...

නවතම Galaxy XR Headset එක ගැන දැනගමු

Samsung සමාගම විසින් ඔවුන්ගේ නවතම Galaxy XR headset එක එලි දැක්වුවා. දැනටමත්...

Windows 10 ඇත්තටම ඉවරද, ඊලගට මොකද කරන්නෙ…?

ලොව පුරා මිලියන ගණනක් පරිශීලකයන් විසින් භාවිතා කරන ලද Windows 10 මෙහෙයුම්...

ලොව පළමු Robot Smartphone එක Honor වෙතින්

ජංගම දුරකථන ඉතිහාසයේ නව හැරවුම් ලක්ෂයක් එක් කරමින් Honor සමාගම නවතම සංකල්පයක්...