Press ESC to close

intel වෙනුවට Kirin වලින් වැඩ කරන Huawei PC එක

Huawei සමාගම ඔවුන්ගේ නවතම පරිගනක නිෂ්පාදනය වන Qingyun W515x සහ W585x යන පරිගණක මාදිලි ද්විත්වය එළිදක්වා ඇති අතර මෙහි විශේෂත්වය වන්නේ intel හෝ AMD ප්‍රොසෙසරයක් භාවිත නොකර Huawei විසින් ම නිපදවන Kirin ප්‍රොසෙසරයකින් මෙම පරිගණක බලගන්වා තිබීමයි. ඒ අනුව Kirin 9000C නමින් හැඳින්වෙන නවතම Proccessor එකකින් මෙම පරිගනක ද්විත්වය බලගන්වා ඇත.

Kirin 9000C යනු 2.48GHz දක්වා Clock speed එකක් සහිත Cores 8කින් හා Theads 12කින් යුක්ත ප්‍රොසෙසරයකි. මෙහි තවත් විශේෂත්වයක් වන්නේ පසුගිය දිනක ඇමරිකානු රජය විසින් Intel සමාගමට Huawei වෙත ඔවුන්ගේ නිෂ්පාදන අලෙවි කිරීමේ බලපත්‍ර අහෝසි කිරීමත් සමඟ ම මෙම නිෂ්පාදන දෙක නිකුත් කිරීමයි. මෙය Huawei සමාගම බටහිර තාක්ෂණය මත පදනම්වීම ක්‍රමයෙන් අවම කිරීමේ තවත් පියවරක් ලෙස ද සැලකිය හැකි ය. ඒ අනුව Huawei සමාගම තම නිෂ්පාදනවලට අවශ්‍යය උපාංග තමා විසින් ම නිපදවාගෙන ස්වාධීන ව නැඟී සිටීමක් දක්නට ලැබේ.

Get Your Site Up with A2 Hosting


W515x පරිගනකය 8GB හෝ 16GB RAM සමඟ 256GB SSD, 256GB SSD සමඟ 1TB HDD, 512GB SSD හෝ 1TB HDD සමඟ 512GB SSD සමඟත්, W585x පරිගනකය 8GB RAM සහ 256GB SSD වලින් සමන්විත වන අතර, එහි පූර්ව නිෂ්පාදනය වන W585 හා සසඳන විට වඩාත් විධිමත් විකල්පයක් ලෙස සැලකිය හැකි ය.
මෙම පරිගණක ද්විත්වයෙහි ම Integrated graphics අඩංගු වන අතර අමතර ග්‍රැෆික් කාඩ්පත් භාවිතයකින් තොර ව එදිනෙදා සාමාන්‍ය කටයුතු සිදුකිරීම සඳහා ප්‍රමාණවත් බව සඳහන් වේ.

W515x පරිගනකයේ ඉදිරිපස 3.5mm ශ්‍රව්‍ය ජැක් එකක්, USB-C පෝට් එකක් සහ USB-A 3.2 Gen 1 ports තුනක් ඇතුළත් වේ.පිටුපස අමතර audio input/output, VGA port එකක්, HDMI port එකක්, Serial port එකක්, USB-A 3.2 Gen 1 ports හතරක් සහ RJ45 Ethernet port එකක් ඇතුළත් වේ.

මෙම නව පරිගනක Huawei සිය ecosystem එක කෙරෙහි ද අවධානය යොමු කරමින් KOS (Kirin OS) version 2403 සහ UOS version 1070 යන මෙහෙයුම් පද්ධති මේ සඳහා ඇතුළත් කර ඇත.

Huawei හි Qingyun පරිගනක මාදිලිය 2023 මාර්තු මාසයේදී දියත් කරන ලද අතර, සමාගම මේ වනවිට Notebook, Tablet, මුද්‍රණ යන්ත්‍ර, Huawei Car සහ Smart screen ඇතුළු Smartphone වලින් ඔබ්බට නිෂ්පාදන රැසක් දියත් කර ඇත. මීට පෙර Qingyun B730 සහ B530 ඩෙස්ක්ටොප් මාදිලි නිකුත් වූ අතර ඒවා Intel 12th Gen ප්‍රොසෙසර භාවිතා කර Windows 11 Home හෝ Professional මෙහෙයුම් පද්ධතිවලින් යුක්ත ව නිකුත් විය. නවතම මාදිලි දෙක Kirin 9000C ප්‍රොසෙසරය වෙත මාරුවීම බාහිර සැපයුම්කරුවන් මත යැපීම අඩු කිරීම මෙන් ම සමාගමේ තාක්ෂණික හැකියාව තව දුරටත් උද්දීපනය කිරීමක් වශයෙනුත් සැලකිය හැකි ය.

Source :- Gizmochina

Leave a Reply

Your email address will not be published. Required fields are marked *