Home Tech News Ai AI වෙනුවට නැවත මානව පරිපාලකයන් යොදාගන්න සැරසෙන YouTube
Aisocial mediaTech News

AI වෙනුවට නැවත මානව පරිපාලකයන් යොදාගන්න සැරසෙන YouTube

Share
blank
Share

කොවිඩ් වසංගත කාලයේ සිටම YouTube වීඩියෝ විමසීම සිදුකරනු ලැබුවේ AI පාධක වැඩසටහන් මගින්. නමුත් නවතම නිවේදනයක් නිකුත් කරමින් YouTube සමාගම පවසා සිටියේ වීඩියෝ පිරිපහදුව සදහා පුද්ගලයන් දසදහසක් දෙනා බදවා ගන්නා බවයි.

YouTube වෙබ් අඩවිය තුල YouTube සේවයේ රෙගුලාසි වලට නොගැළපෙන වීඩියෝ විශාල ප්‍රමානයක් ඇත. ඒවා අතර සියදිවි හානි කර ගැනීම්, මිනිස් ඝාතන, අපරාධ මෙන්ම හිංසනය පෙන්වන වීඩියෝ තිබෙනව. ඒවගේම ළමා මනස විකෘති කරන වීඩියෝද ඇත. මේ ආකාරයේ නරක වීඩියෝ ඉවත් කිරීමට පෙර සිටම YouTube සමාගම යොදාගත්තේ කෘතිම බුද්ධි වැඩසටහන්ය.

මෙම කෘතිම බුද්ධි වැඩසටහන් ඉතාමත් උසස් තාක්ශනයක් සහිත ඒවා වන අතර ඒවා විශේෂයෙන්ම සමාජයට නරක දේ සොයාගැනීමට සකසා තිබෙනව. මේවා මගින් නරක වීඩියො 70%ක්ම YouTube වෙත එක්කර පැයක් යාමට පෙර හදුනා ගෙන ඉවත් කිරීමට පුලුවන්. අහිතකර comments හදුනාගෙන ඉවත් කරන්නත් මේවාට පුලුවන්.

ඒ නමුත් මෙම වැඩසටහන් වලට හසු නොවන ලෙස විවිධ උපා යොදමින් එම බාධාවන් මගහැර වීඩියෝ එක්කර තිබෙනව. මෙසේ එක්වුනු වීඩියො පිලිබදව මහජනතාව සහ ජනමාධ්‍ය ආයතන මගින් පැමිනිලි කිරීමත් සමග YouTube සමාගම මේ සදහා ඔවුන්ගේ කෘතිම බුද්ධි වැඩසටහන් වැඩිදියුනු කරන බව පැවසුව. නමුත් එය එතරම් සාර්තක වුනේ නැහැ. එයට විසදුමක් ලෙසයි ඔවුන් මානව පරිපාලකයන් මේ සදහා යොදාගන්න සැරසෙන්නෙ.

මේ සදහා ලොවපුරා රටවල් ගණනාවකින් මානව පරිපාලකයන් තෝරාගෙන තිබෙනව. ඒ වීඩියෝ පළ කෙරෙන සියලුම භාශාවන් ඔවුන්ගෙන් නියෝජනය වන නිසා. ඔවුන්ගේ රාජකාරිය වන්නෙ කෘතිම බුද්ධි වැඩසටහන් මගින් පෙරා දෙන වීඩියො වල තවත් නරක තිබේදැයි විමසා බලා ඒවා ඉවත් කිරීමයි. මේ සදහා දසදහසක සේවක පිරිසක් යොදාගෙන තිබෙනව.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...