ලංකාවේ අපිට වගේම ඇමරිකාවට මේ කාලය මැතිවරණ උණුසුම දැනෙන කාලයක් එයට හේතුව එහි ජනාධිපතිවරණය පැවැත්වීමයි.ඉතින් දිනෙන් දින ඉහළ යන මැතිවරණ උණුසුමත් සමග අද අපි කතා කරන්න හිතුවා රසවත් තාක්ෂණික මාතෘකාවක්, ඒ තමයි පෘථිවියට කිලෝමීටර් ගණනක් උඩින් අභ්‍යවකාශය ඉඳගෙන ඇමරිකාවේ නාසා ආයතනයේ ගගනගාමීන් කොහොමද තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ප්‍රකාශ කරන්නේ කියලා. ඉතින් මේ විදිහට චන්දය ප්‍රකාශ කිරීමට යොදාගන්නේ ඉලෙක්ට්‍රෝනික ක්‍රමවේදයක් මේ ක්‍රමවේදය මගින් ප්‍රථමයෙන්ම ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට නාසාහි හූස්ටන් පිහිටි ප්‍රධාන මධ්‍යස්ථානයට ලැබෙන එම ඡන්දය පසුව අදාළ මැතිවරණ ආයතන වෙත යොමු කිරීමක් සිදුවෙනවා.
මෙවර අභ්‍යවකාශයේ සිට ඡන්දය ලබාදීම සිදුකිරීම ගැන ප්‍රසිද්දියක් ලැබුවේ මෑත කාලයේදී ආන්දෝලනයකට තුඩු දුන් අභ්‍යවකාශයේ සිරවුණු ගගනගාමීන් දෙපළමයි(Butch Wilmore සහ Suni Williams) නමුත් ඔවුන් තමන්ගේ ඡන්ද භාවිතා කිරීමට මෙම ලැබෙන අවස්ථාව ගැන ප්‍රශංසා කරලා තියෙනවා,ඉතින් අපි අද කතා කරාට මේ අභ්‍යවකාශයේ සිට ඡන්දය භාවිතා කිරීම ගැන මෙය පළමුවෙන්ම ආරම්භ වෙලා තියෙන්නේ 1990 දී ගගනගාමියෙක් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගෙනයි, ඒ අනුව 1997 දී ඩේවිඩ් වුල්ෆ් නමැති ගගනගාමිය තමයි පළමුවෙන්ම අභ්‍යවකාශයේ සිට ඡන්දය ලබා දීලා තියෙන්නේ තියෙන්නේ.

කෙසේ වෙතත් කලින් භාවිතා කරපු ක්‍රමවේදය අනුව චන්දය භාවිතා කිරීමට නම් ඡන්ද පත්‍රිකාවන් අභ්‍යවකාශයට රැගෙන යා යුතුයි, එයට පිලියමක් ලෙස මෙවර ගගනගාමීන් තමන්ගේ අයිපෑඩ් භාවිතා කිරීමට සැරසෙන බව ආරංචි මාර්ග වල දැක්වෙනවා.ඔවුන් තමන්ගේ චන්දය භාවිතා කළ පසු ඡන්දය encrypt(අතරමගදී කිසිවකුට විවෘත කිරීම හෝ වෙනස් කිරීමට නොහැකි) කරලා පෘථිවිය වෙත ලබාදෙනවා.ඉතින් මෙය කියවන ඔබට මෙය හුදෙක් පුද්ගලයන් දෙදෙනෙක් ඡන්දය භාවිතා කිරීමක් විතරක් වෙන්නත් පුළුවන් නමුත් අනාගතයදි අපි හැමෝම ඡන්ද භාවිතා කරන ක්‍රමවේදය මෙය වෙන්නත් හැකියාවක් තියෙනවා














Leave a comment