Home Tech News Explained පිටපත් මිලියන 300 අලවි කරන ලද Minecraft
ExplainedGamesTech News

පිටපත් මිලියන 300 අලවි කරන ලද Minecraft

Share
blank
Share

Minecraft නිකුත් කර ලබන වසර වනවිට අවුරුදු 15ක් සපිරෙනව. Minecraft කියන්නෙ දැනට තියන ඉතාමත්ම ජනප්‍රිය ක්‍රීඩාවක්. Minecraft සංවර්ධකයන් මීට දින කිහිපයකට පෙර නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබුනේ ඔවුන් මේ වනවිට Minecraft පිටපත් මිලියන 300 විකුනා තිබෙන බවයි.

මෙය එදාමෙදාතුර පරිගණක ක්‍රීඩාවක් අලෙවි කරන ලද වැඩිම පිටපත් ගණනක් ලෙස හදුන්වන්න පුලුවන්. කවුරුත් දන්න Grand Theft Auto V ක්‍රීඩාව පවා තවමත් අලෙවි කර තිබෙන්නෙ පිටපත් මිලියන 185 පමනයි. නමුත් Minecraft ක්‍රීඩාව පිටපත් මිලියන 200ක කඩයිම පසු කරන ලද්දෙ 2020 වසරෙදීයි.

මෙම ජයග්‍රහන වෙනුවෙන් පවත්වන ලද උත්සවයේදී Mojang Studios, එනම් Minecraft සංවර්ධකයන් මෙම ක්‍රීඩාවට එක්කිරීමට බලාපොරොත්තු වන නව විශේෂාංග පිලිබදවත් පවසා තිබුනා. ඒ අතර නව Star Wars: Path of Jedi DLC සහ Planet Earth DLC සංවර්ධනය වෙමින් පවතින අතර පිළිවෙලින් නොවැම්බර් 7 සහ ලබන වසරේ මුලදී මේවා ලබාගත හැක.

Minecraft නිශ්චිතව නිකුත් කිරීමේ දිනයන් ටිකක් අවුල් සහගතයි. නොච් ලෙස පොදුවේ හැඳින්වෙන ක්‍රීඩා සංවර්ධක මාර්කස් පර්සන්, 2009 දී Minecraft ප්‍රථම වරට මහජනයාට ලබා ගත හැකි ලෙස පවසා තිබුනත් ක්‍රීඩාව 2011 අග වන තෙක් නිල වශයෙන් නිකුත් කලේ නැහැ.

Persson ඔහුගේ නව සමාගම වන Mojang යටතේ 2010 දී feedback නිරීක්ෂණය කර ඇල්ෆා සහ බීටා ලෙස අප්ඩේට් නිකුත් කරමින් ක්‍රීඩාව වඩා ස්තාවර කිරීමට initial launch කිරීම අවස්ථාවක් ලෙස භාවිතා කරා. Jens Bergesten එම වසර අවසානයේදී ප්‍රධාන නිර්මාණකරු ලෙස භාර ගන්නා ලද අතර 2011 නොවැම්බර් මාසයේදී නිල වශයෙන් Minecraft ක්‍රීඩාව iOS සදහාත් නිකුත් කරා.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...