Home Tech News ඔබේ රචනයන්ට වටිනාකමක් ලබාදෙන Substack සේවාව
Tech News

ඔබේ රචනයන්ට වටිනාකමක් ලබාදෙන Substack සේවාව

Share
blank
Share

Substack සේවය පිලිබදව ඔබ බොහෝ දෙනෙක් අසා නැතුව ඇති. මේ Sbustack කියන්නෙ කතෘවරුන්ට, මාද්‍යවේදීන්ට සහ ඕනෑම ආකාරයේ රචකයන්ට තමන් ලියන ආර්ටිකල් publish කරන්න පුලුවන් සේවාවක්.

මෙම Substack සේවාව බාවිතා කරන ලොවපුරා සිටින පිරිස මිලියන 50කට ආසන්නයි. රචකයන් පමනක් නෙවේ, මෙහි දිනපතා යන එන විශාල පාඨක පිරිසකුත් ඉන්නවා. ඔබත් විවිධ ක්ශේත්‍ර පිලිබදව කියවන්න කැමති නම් මෙම Substack සේවාවේ නොමිලේ ගිණුමක් සාදාගෙන කියවන්න පුලුවන්.

නමුත් මේ සේවාව බාවිතා කරන සමහර ප්‍රකාශකයන් ඔවුන්ගේ ආර්ටික්ල්ස් කියවීම සදහා පාඨකයන්ගෙන් මුදලක් අය කරනවා. වෙනත් platform වල මෙන් නොව Substack වලදි premium membership නමින් එක් නිශ්චිත මුදලක් නැහැ. ප්‍රකාශකයන්ට ඔවුන්ට අවශ්‍ය මුදලක් subscription එකක් ලෙස යොදාගන්න පුලුවන්. ඉතින් ලිවීමෙන් මුදලක් උපයන්න බලාපොරොත්තු වෙනවනන් ඔබටත් මේ සේවාව බාවිතා කර බලන්න පුලුවන්.

මෙහි විවිධ කශේත්‍ර වල විද්වතුන් මෙන්ම ඔවුන් රචනා කල වැදගත් ලිපි සහ විනෝදාස්වාදය සදහා කියවිය හැකි කෙටිකතාද තිබෙනවා. මෙහි වඩාත් ජනප්‍රිය ක්ශේත්‍ර අතර technology, politics, history, life, Artificial intelligence සහ travel හදුන්වන්න පුලුවන්.

පසුගිය දිනක Substack සේවාවෙන් හදුන්වා දුන්න අලුත් අප්ඩේට් එකෙන් පරිශීලකයන්ට ඔවුන්ගෙ ජංගම දුරකතන වලින්ම ලිපි ලියා පලකරන්න පුලුවන්. Substack ඇප් එක iOS සහ Android යන platform දෙකටම සහය දක්වනවා.

මීට අමතරව තවත් මේ වගේ ජනප්‍රිය සේවාවක් තමයි Medium කියන්නෙ. ඔබත් eReading වලට කැමති පාඨකයෙකු නම් මෙම සේවාවන් බාවිතා කර බලන්න. කියවන්න මෙන්ම ඔබේ නිර්මානශීලිත්වය බාවිතා කර මුදලක් උපයාගන්නත් මෙම සේවා බාවිතා කරන්න පුලුවන්.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...