Press ESC to close

iPod Prototype එක

පසුගිය ඔක්තෝබර් 23 දිනට Apple Inc. සමාගම විසින් iPod උපාංගය හදුන්වා දී වසර 20 ක් සපිරුණි. අතේ රැගෙන යා හැකි කුඩා audio player එකක් වූ මෙය 2001 ඔක්තෝම්බර් 23 දින වෙළදපොළට හඳුන්වා දුන් අතර ලොව පුරා ඉතා ජනප්‍රිය මෙන්ම සංගීත රසවින්දනයේ විශාල පෙරළියක් සිදුකළ ඩිජිටල් උපාංගයක් විය.

මේ අතරතුර MacOS සහ iOS සඳහා මෟදුකාංග හා වීඩියෝ ක්‍රීඩා සංවර්ධනය කරන සමාගමක් වන Panic Inc. හි නිර්මාතෘවරයෙක් වන Cabel Sasser විසින් iPod හි විසි වන උපන් දිනය නිමිත්තෙන් මුල් iPod උපාංගයේ මූලාකෘතියක (prototype) ඡායරූප Panic සමාගමේ නිල blog අඩවියේ පළ කර තිබිණි. මේ prototype එක ලැබුණේ කොහෙන්දැයි පැවසීමට හෝ ලබාගත්තේ කෙසේද යන්න නොදන්නා බව ඔහු පවසා සිටී. 

Get Your Site Up with A2 Hosting

කෙසේ වෙතත් අදාළ ඡායරූප අන්තර්ජාලයේ සංසරණය වන දුටු iPod උපාංගයේ නිපැයුම්කරු වන Tony Fadell එය සැබෑම iPod prototype එකක් බව තහවුරු කළේය. ඔහු එය හඳුන්වා දුන්නේ P68/Dulcimer යන කේත නාමයෙනි.

බාහිර වශයෙන් ගත් කල iPod prototype එක විශාල, සාක්කුවේ දමා ගෙන යා නොහැකි උපාංගයක් ලෙස පෙනුනද, ඇත්ත වශයෙන්ම සිදුව ඇත්තේ Apple සමාගම iPod උපාංගය වෙළදපොළට හදුන්වාදීමට පෙර එහි අවසාන සැලසුම කිසිවෙකුටත් අනුමාන කිරීමට අසීරු අයුරින් වසන් කිරීමට බොත්තම් සහිත විශාල ප්ලාස්ටික් චැසියක උපාංගය අන්තර්ගත කර තිබීමයි. නමුත් අද දක්නට ඇති iPod උපාංගයේ මෙන් කුඩා LCD තිරය, scroll wheel (iPod හි සුප්‍රසිද්ධ click wheel එක), navigation buttons යනාදිය මෙම prototype එකෙහි අන්තර්ගත ය.

චැසිය විවෘත කිරීමෙන් බැලූ විට එහි අභ්‍යන්තරය බොහෝ දුරට හිස් අවකාශයකින් යුතු අතර. අවසන් උපාංගයේ navigation keys වලට අදාළ පරිපථය ප්ලාස්ටික් බොත්තම් සහිත පාලක සංරචක හා සම්බන්ධ කර ඇති අතර ඇත. ඒ නිසා අභ්‍යන්තර පරිපථ සැකැස්ම බොහෝ දුරට නිල iPod උපාංගයේ ප්‍රමාණයටම සමීප වේ. උපාංගයට බාහිරින් FireWire හා audio port සම්බන්ධය දී ඇති අතර පරිපථ දෝෂ නිරාකරණයට උපකාරී වන JTAG (Joint Test Action Group) අතුරුමුහුණතකින් (interface) ද සමන්විතය.

තිරය හා සම්බන්ධ පරිපථයේ ආවරණ කොටස මත 2001.9.3 ලෙස දිනය සලකුණු කර ඇත. එනම් Fadell සහ ඔහුගේ කණ්ඩායම iPod හි අවසාන නිපැයුම දියත් කිරීමට මාස එකහමාරකට පමණ පෙර මෙම prototype එක නිර්මාණය කර ඇති බවට ඉඟියකි. නිල වශයෙන් iPod උපාංගය ලොවට හඳුන්වා දීමෙන් පසු මෙම prototype එක ඉවත දමන්න ඇතැයි සිතිය හැක.

Apple Inc. සමාගම තම නිකුත් නොකළ නිෂ්පාදන රහසිගතව වසන් කිරීම සම්බන්ධව දිගු ඉතිහාසයක් ඇති අතර ඇතැම් නිර්මාණ සැලසුම් වල තොරතුරු එම සමාගම තුළ සිටින ප්‍රධාන සංවර්ධකයන් හෝ ඉංජිනේරුවරුන් පවා නොදන්නා බවට ප්‍රසිද්ධය.

Pcguide

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *