Press ESC to close

දැන් Android දුරකතන වලට ලබාගත හැකි ChatGPT

මෑතකදි ඉතාමත් වේගයෙන් ජනප්‍රිය උනු යෙදුමක් තමයි ChatGPT කියන්නෙ. OpenAI සමාගම මීටපෙර නිවේදනය කර තිබුනු ආකාරයටම ඔන්න දැන් Android සදහා ChatGPT නිකුත් කර තිබෙනව. මීටපෙර දියත් කල iOS version එකෙ වගේම මෙහිත් ඔබට generative AI හට අවශ්‍ය දේ පවසා ඒ සදහා ප්‍රයෝජනවත් ප්‍රතිචාර ලබාගැනීමේ හැකියාව තිබෙනව.

OpenAI සමාගම විසින්ම සංවර්ධනය කර තිබෙන speech recognition මගින් ඔබට ඔබේ කඩහඩින් විධාන නිකුත් කිරීමෙ පහසුකමත් ලබාදි තිබෙනව. ChatGPT Plus ගිණුම් ඇති පරිශීලකයන්ට මෙහිදී GPT-3.5 සහ GPT-4 language models අතර මාරු වෙමින් වැඩ කරන්න පුලුවන්. ChatGPT Plus ගිණුමක් ඔබට මසකට $20 ගෙවා ලබාගැනීමේ හැකියාව තිබෙනව. එහි අමතර විශේෂාංග කිහිපයක්ම තිබෙනව.

Get Your Site Up with A2 Hosting

මෙම ඇප් එක බාවිතා කිරීමට අවම වශයෙන් ඔබේ දුරකතනයෙ Android 6.0 හෝ තිබීම අනිවාර්ය වෙනව. iPhone සදහා මෙම ඇප් එක මැයි මස සිට නිකුත් කර තිබුනු අතර ඊට දින කිහිපයකට පසු එයට iPad සදහා සහයත් ලබාදී තිබුන.

Bing Chat (GPT-4 මත ක්‍රියාත්මක වෙන), Bard සහ අනෙකුත් AI පද්ධති සමඟින් ඔබට ලැබෙන ප්‍රතිඵල මත සම්පූර්ණයෙන්ම විශ්වාසය තබන්න බැහැ. ChatGPT මගින් සමහර අවස්තාවල නිශ්චිත පිළිතුරු ලබා ගැනීමට හෝ නිරවද්‍යතාවය එතරම් අත්‍යවශ්‍ය නොවන නිර්මාණාත්මක රාජකාරි සඳහා උපකාර කරන්න පුලුවන්.

OpenAI සමාගම නිසා generative AI යෙදුම් බෙහෙවින් ජනප්‍රිය වුනත් තවමත් එහි ගැටලු තිබෙනව. ප්‍රවීණයන් සැලකිලිමත් වන්නේ මෙවැනි තාක්ෂණයන් වැරදි තොරතුරු පාලනය කිරීමට හෝ ප්‍රවර්ධනය කිරීමට ඉඩ ඇති බවයි. ඒ හේතුවෙන් සමහර රටවල් වල දේශපාලකයින් විසින් මෙයට විවිධ නියාමන දැමිය යුතු බවට බලපෑම් එල්ල කරමින් සිටිනව.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *