Home Tech News Ai දැන් Android දුරකතන වලට ලබාගත හැකි ChatGPT
AiPhonesTech News

දැන් Android දුරකතන වලට ලබාගත හැකි ChatGPT

Share
blank
Share

මෑතකදි ඉතාමත් වේගයෙන් ජනප්‍රිය උනු යෙදුමක් තමයි ChatGPT කියන්නෙ. OpenAI සමාගම මීටපෙර නිවේදනය කර තිබුනු ආකාරයටම ඔන්න දැන් Android සදහා ChatGPT නිකුත් කර තිබෙනව. මීටපෙර දියත් කල iOS version එකෙ වගේම මෙහිත් ඔබට generative AI හට අවශ්‍ය දේ පවසා ඒ සදහා ප්‍රයෝජනවත් ප්‍රතිචාර ලබාගැනීමේ හැකියාව තිබෙනව.

OpenAI සමාගම විසින්ම සංවර්ධනය කර තිබෙන speech recognition මගින් ඔබට ඔබේ කඩහඩින් විධාන නිකුත් කිරීමෙ පහසුකමත් ලබාදි තිබෙනව. ChatGPT Plus ගිණුම් ඇති පරිශීලකයන්ට මෙහිදී GPT-3.5 සහ GPT-4 language models අතර මාරු වෙමින් වැඩ කරන්න පුලුවන්. ChatGPT Plus ගිණුමක් ඔබට මසකට $20 ගෙවා ලබාගැනීමේ හැකියාව තිබෙනව. එහි අමතර විශේෂාංග කිහිපයක්ම තිබෙනව.

මෙම ඇප් එක බාවිතා කිරීමට අවම වශයෙන් ඔබේ දුරකතනයෙ Android 6.0 හෝ තිබීම අනිවාර්ය වෙනව. iPhone සදහා මෙම ඇප් එක මැයි මස සිට නිකුත් කර තිබුනු අතර ඊට දින කිහිපයකට පසු එයට iPad සදහා සහයත් ලබාදී තිබුන.

Bing Chat (GPT-4 මත ක්‍රියාත්මක වෙන), Bard සහ අනෙකුත් AI පද්ධති සමඟින් ඔබට ලැබෙන ප්‍රතිඵල මත සම්පූර්ණයෙන්ම විශ්වාසය තබන්න බැහැ. ChatGPT මගින් සමහර අවස්තාවල නිශ්චිත පිළිතුරු ලබා ගැනීමට හෝ නිරවද්‍යතාවය එතරම් අත්‍යවශ්‍ය නොවන නිර්මාණාත්මක රාජකාරි සඳහා උපකාර කරන්න පුලුවන්.

OpenAI සමාගම නිසා generative AI යෙදුම් බෙහෙවින් ජනප්‍රිය වුනත් තවමත් එහි ගැටලු තිබෙනව. ප්‍රවීණයන් සැලකිලිමත් වන්නේ මෙවැනි තාක්ෂණයන් වැරදි තොරතුරු පාලනය කිරීමට හෝ ප්‍රවර්ධනය කිරීමට ඉඩ ඇති බවයි. ඒ හේතුවෙන් සමහර රටවල් වල දේශපාලකයින් විසින් මෙයට විවිධ නියාමන දැමිය යුතු බවට බලපෑම් එල්ල කරමින් සිටිනව.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...