Home Tech News cyber security BINANCE හැක් වෙයි
cyber securityTech NewsUpdates

BINANCE හැක් වෙයි

Share
blank
Share

Binance යනු ලොව විශාලතම cryptocurrency හුවමාරුව යි,හැකර්වරුන් පිරිසක් එහි Binance BSC Cross chain bridge එකක් හැක් කර ඩොලර් මිලයන 570ක් පමණ වටිනා BNB tokens මිලියන 2ක් සොරාගෙන ඇති බව ඊයේ (oct 7) CNBC තහවුරු කර තිබෙනවා.blockchain 2ක් අතර Cross Bridge එකක සිදුවූ මෙම සොරකම bug එකක් නිසා සිදුවූවක් බව හඳුනා ගැනීමෙන් අනතුරුව Binance BSC ජාලයේ සියලු ගනුදෙනු සහ හුවමාරු කිරීම් තාවකාලිකව අත්හිටුවා තිබුණා.

blank
Binance CEO

Binance හි CEO Changpeng zhao Twitter පණිවිඩයක් නිකුත් කරමින් පවසන්නේ දැනට ඇති මුදල් ආරක්ෂිත බවත් සහ සිදුවූ අපහසුතාවලට සමාව අයදින බවයි.ගියවර Binance සමාගම පවසාසිටියේ cryptocurrency සදහා ගෝලීය නියාමනයක් සහ නව නීති පද්ධතියක් ස්ථාපනය කළ යුතු බවයි.නමුත් එය පුස්සක් බවට පත්විය.

Binance ඉලක්කගත හැක් කිරීමකට (Targetted hack) ලක්වූ නවතම Crypto සමාගමයි.මීට පෙර අගෝස්තු මාසයේදී Nomad නම් Blockchain අතර crypto හුවමාරු සේවාවට එල්ලවූ හැකර් ප්‍රහාරයෙන් $200M ක්ද,ජුනි මාසයේ Harmony සමාගමට $100M ක්ද,මාර්තු මාසයේ $600M ලෙස crypto සොරාකැම් වාර්තා වි තිබෙනවා.

source:-https://www.cnbc.com/2022/10/07/more-than-100-million-worth-of-binances-bnb-token-stolen-in-another-major-crypto-hack.html

Share

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...