Home Tech News Explained personal cellular network එකක් හදන ලේසිම විදිහ
ExplainedgadgetsInternetTech News

personal cellular network එකක් හදන ලේසිම විදිහ

Share
blank
Share

සාමාන්‍ය අන්තර්ජාල සම්බන්ධතාව ඇසුරෙන්, තමාගේම සෙල් සන්නිවේදන ජාලයක් සකසා ගත හැකි තාක්ෂණයක් දැන් හඳුන්වා දී තිබෙනව. මෙම තාක්ෂණය සහ එය යොදා ගන්නා උපාංග මොනවාදැයි යන්න ප්‍රසිද්ධ කර තිබෙන්නේ, ඇමෙරිකාවේ ukama නම් අලුත්ම සමාගමක් විසින්. මෙහි තාක්ෂණය ප්‍රචලිත කිරීම පිණිස අවශ්‍ය අරමුදල් රැස් කර ගැනීමේ කටයුතු අරඹා තිබෙන්නේ, උපාංග කලින් වෙන් කරවා ගැනීමේ ක්‍රමයටයි.

උකාමා සමාගම මේ වෙනුවෙන් තැනූ උපකරණ කීපයක්ම විකුණනව. ටවර් නොඩ් (Tower Node ) ලෙස හඳුන්වන්නේ එහි මූලික කොටසයි. තම නිවසට ලැබෙන අන්තර්ජාල සම්බන්ධතාව, සංඥා බවට හරවා විකාශය කරන්නට මෙම උපාංගයට පුළුවන්. එනම් එවිට ගොඩනැංවෙන්නේ එතැන් සිට සැතපුම් බාගයක පමණ වපසරියක් පුරා ටවර්නොඩ් ක්‍රියාත්මක වෙන සෙලියුලර් ඉන්ටනෙට් ජාලයක්.

මෙම ජාලයේ කෙළවරකට, තවත් ජාලයක කෙළවරක් සම්බන්ධ වෙන සේ ඊළඟ ටවර් නොඩ් උපකරණය තැබූ විට ජාල දෙක එක්වී සෙලියුලර් සන්නිවේදන කලාපයක් හැදෙනව. මේ ක්‍රමයට දිගින් දිගටම ටවර් නොඩ් උපකරණ සවිකරමින් ඕනෑතරම් දුරකට සෙලියුලර් සන්නිවේදන ජාලය ව්‍යාප්ත කරගන්නට පුළුවන්.

මෙම ටවර් නොඩ් එක හා සම්බන්ධ කර ක්‍රියාත්මක කළ හැකි ඇම්ප්ලිෆයර් උපාංගයක්ද මෙම සමාගම විකුනනව. එමඟින් මෙම ජාලයේ සන්නිවේදන පරාසයේ තීව්‍රතාව වැඩි කර ගන්නට පුළුවන්.

මෙසේ සෙලියුලර් ජාලයක් සකසා ගන්නට යොදා ගත හැකි නොඩ් උපාංග බල සම්පන්න වුවත් ඒවා සරල ලෙස ක්‍රියාත්කම වෙනව. එය තනි පුද්ගලයෙකුට සවි කර ගන්න පුලුවන්. අඩි කීපයක් උස දණ්ඩක, ගසක, වහලය මත, කණුවක හෝ බිත්තියක හෝ එය සවි කර ගන්නට පුළුවන්. නිශ්චිත උසක් නැහැ. අනෙක් අතට එය රළු පරළු කාලගුණික තත්ව වලට ඔරොත්තු දෙනව. නඩත්තුවට විශේශ දැනුමක් අවශ්‍ය නැහැ.

නොඩ් උපාංගය සමග සම්බන්ධ කරන සූර්ය පැනලයකින් වුව එය ක්‍රියාත්මක කරවන්නට පුළුවන්. එසේ නැත්නම් සාමාන්‍ය විදියට විදුලිය සැපයිය යුතු වෙනව.

මෙම සෙලියුලර් සන්නිවේදන ජාලය, තම නිවස පුරා පමණක් ක්‍රියාත්මක කළ යුත්තේ නම් ඒ වෙනුවෙන් සැකසු වෙනත් උපාංගයක් තිබෙනව. හෝම් නොඩ් (Home Node) ලෙස එය හඳුන්වනව.

සාමාන්‍ය දුරකතන සන්නිවේදන ජාලයක් ඉදි කිරීම පහසු නැහැ. ඒ වෙනුවෙන් ලොකු මුදලක් වැය කළ යුතු වෙනව. එය නඩත්තු කිරීම සහ නිසි සේ පවත්වා ගෙන යාමටත් තවත් මුදල් වැය කළ යුතු වෙනව. අනෙක් අතට භුවිෂමතා සහ කාලගුණික ලක්ෂණ අනුවත් සමහර තැන් වල සන්නිවේදන ජාල තැනිය නොහැකි වෙනව. එහෙත් ඕනෑම තැනකදී පහසුවෙන් සෙලියුලර් සන්නිවේදන ජාලයක් සැකසීමට මෙම තාක්ෂණය යොදාගන්න පුලුවන්.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...