Home Tech News OS Microsoft සමාගම Windows 10 විකිණීම නවතා දැමේ
OSTech News

Microsoft සමාගම Windows 10 විකිණීම නවතා දැමේ

Share
blank
Share

ලොව තවමත් වැඩිම පරිගණක සංක්‍යාවක බාවිතා වන Windows 10 2025 වනවිට වැඩිදියුනු කිරීම නවතා දමන බව මීටපෙර Microsoft සමාගම නිවේදනව කරා. එම නිවේදනයට සමගාමීව Microsoft සමාගම තවත් නිවේදනයක් මගින් පවසා තිබුනේ Windows 10 Home and Pro සදහා බාගත කිරීම් අලෙවිය ජනවාරි 31 වනදා නවතා දමන බවයි.

එම දිනය Windows 10 download කිරීමට සහ license keys මිලදී ගැනීමට දෙන අවසාන දිනය බව Microsoft සමාගම ප්‍රකාශ කර තිබුන. කෙසේ නමුත් Windows 10 සදහා security updates 2025 ඔක්තොම්බර් වනතෙක් ලබාදෙන බව එම සමාගම කියා තිබුන.

පාරිබෝගිකයන්ට Windows 11 මිලදී ගැනීමට දිරිමත් කරමින් ඔවුන් පවසා තිබුනේ Microsoft official site එකෙන් Windows 10 මිලදී ගැනීමට ලැබෙන්නෙ 2023 ජනවාරි 31 වනතෙක් බවයි. කෙසේ නමුත් වෙනත් දැනට Windows 10 Keys නිකුත් කර ඇති Shops සහ OEM වලින් Windows 10 මිලදී ගැනීමට ඉදිරියටත් පවතීවි.

Windows 10 මුලින්ම නිකුත් කලේ 2015දි වන අතර නිකුත් කර වසර 10කින් එය නවත්වනු ඇත. Windows 11 නිකුත් වනතෙක් Windows 10 සදහා නව විශේෂාංග එක්වෙමින් වැඩි දියුනු වෙමින් පැමිනියා.

Windows 11 නිකුත් කිරීමෙන් පසුව එහි ඇති system requirements පිලිබදව වැඩි කතාබහට ලක්වුනා. ඒ හේතූන් නිසා වාර්තා වලින් දැක්වෙන්නෙ තවමත් Windows 10 වෙතින් පරිශීලකයන් Windows 11 වෙත මාරු වීම මන්දගාමී බවයි.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

Chat Backup වලට අමතර ආරක්ශාවක් WhatsApp වෙතින්

WhatsApp වෙතින්, දැන් ඔයාලගේ chats ආරක්ශා කරගන්න තවත් විශේෂාංගයක් ලබාදීලා තියෙනවා. දැන්...

අලුතෙන් ආපු ChatGPT Atlas AI Browser එක

OpenAI සමාගම විසින් පසුගියදා ChatGPT Atlas නමින් AI-powered web browser එකක් නිකුත්...

නවතම Galaxy XR Headset එක ගැන දැනගමු

Samsung සමාගම විසින් ඔවුන්ගේ නවතම Galaxy XR headset එක එලි දැක්වුවා. දැනටමත්...

Windows 10 ඇත්තටම ඉවරද, ඊලගට මොකද කරන්නෙ…?

ලොව පුරා මිලියන ගණනක් පරිශීලකයන් විසින් භාවිතා කරන ලද Windows 10 මෙහෙයුම්...