Home Tech News Events Anonymous හැකර් කණ්ඩායම Elon Musk ට අනතුරු අඟවයි.
EventsTech News

Anonymous හැකර් කණ්ඩායම Elon Musk ට අනතුරු අඟවයි.

Share
blank
Share

SpaceX සහ Tesla වගේ ප්‍රසිද්ධ සමාගම් ‍රැසක ප්‍රධානියා වෙන Elon Musk ට මේ වෙද්දි ප්‍රසිද්ධ hacker group එකක් වෙච්ච Anonymous විසින් අනතුරු ඇඟවීමක් නිකුත් කරල තියනවා. ඔවුන්ගෙ official YouTube channel එක විදිහට හඳුන්වන channel එකකින් මේ විදිහට අනතුරු අඟවල video එකක් upload කරල ඔවුන් සඳහන් කරන්නෙ Musk ගෙ වගකීම් විරහිත twitter භාවිතය නිසා crypto investors ල විශාල පිරිසකගෙ ජීවිත, අවධානමකට ලක් වෙලා තියනව කියලයි.

Elon Musk කරපු tweets වලින් Bitcoin සහ Dogecoin වල මිලට විශාල බලපෑමක් සිද්ද උනා කියන එක කවුරුත් පිලිගන්න දෙයක්. Bitcoin වල මෑතකදි සිද්ද වුන සීඝ්‍ර මිල ඉහල යෑමට වගේම පහල යෑමටත් Elon Musk මුල් උනා. ආරම්භයේදි Tesla සමාගම Bitcoin වල අයෝජනය කරා පමණක් නෙවෙයි තමන්ගෙ payment method එකක් විදිහටත් Bitcoin පිලිගන්න බව ප්‍රකාශ කරා. නමුත් පස්සෙ Cryptocurrency mining වලින් එල්ල වෙන නරක පාරිසරික බලපෑම ගැන සලකල බලල ඒ තීරණය නවත්වන්න Tesla සමාගම තීරණය කරල තිබුනා. ඊට අමතරව සමාගම මිලදීගත් Bitcoin වලින් කොටසක් විකිණීමටත් පියවර ඇරන් තිබුන වගේම ඉතුරු Bitcoin ප්‍රමාණය විකුණන්නෙ නැති බවටත් Tesla සමාගම පොරොන්දු වෙලා තියනවා.

Anonymous කණ්ඩායම පවසන ආකාරයට මේ විදිහට Elon Musk, Tesla ආයතනයේ Bitcoin වලට තියන සම්බන්ධය නවත්වන්න උත්සහ කරන්නෙ එයින් රජයෙන් Electric වාහන නිශ්පාදකයන්ට ලැබෙන වාසි සහ ආධාර නැවතීමට ඉඩ තිබෙන නිසයි, මොකද cryptocurrency mining කියන්නෙ ඇමරිකාවෙ බලශක්තිය සැලකිය යුතු ප්‍රමාණයක් භාවිතා කරන ක්ශේත්‍රයක් වගේම ඒ නිසා පරිසර හානියටත් යම්තාක් දුරකට උදව් කරන area එකක් කියල හුඟක් විද්වත්තු සඳහන් කරනවා. ඉතින් Tesla වගේ සමාගමක් ඒ වගේ දේකට අත් උදව් දෙනව කියන එක සමාගමේ ප්‍රතිරූපයට එච්චර හොඳ දෙයක් නෙවෙයි.

Video එකේ අන්තිමට Anonymous member කෙනෙක් තර්ජනාත්මකව සඳහන් කරනවා, “You may think you are the smartest person in the room, but now you have met your match. We are Anonymous! We are legion. Expect us.”

ටික කාලයකින් Bitcoin වල ඉහල ගිය මිල වේගයෙන් පහල ගිය නිසා අමතර ආදායමක් උපයගන්න බලන් හිටපු කුඩා ප්‍රමාණයේ ආයෝජනකරුවන් විශාල ප්‍රමාණයක් අමාරුවෙ වැටිල තියනවා. Cryptocurrency කියන්නෙ කිසිම රජයකින් හෝ ආයතනයකින් පාලනය නොවන විමධ්‍යගත මූල්‍ය වර්ගයක්. මේ හේතුව නිසා තමා හුඟක් සාමාන්‍ය පුද්ගලයන් මේ Cryptocurrency වල ආයෝජනය කරන්න පෙලඹෙන්නෙ, නමුත් මේ Elon Musk ගෙ ක්‍රියාකලාපයෙන් හුඟක් දෙනෙක්ට තේරුන දෙයක් තමා මහා පරිමාණයේ අයෝජනකරුවන්ට මේ Cryptocurrency වල වටිනාකම තමන්‍ට ඕන විදිහට පාලනය කරන්න හැකියාව තියන බව. කොහොම උනත් කිසිම දෙයකට පූර්ව පර්‍යේෂණයක් නැතුව ආයෝජනය කරන එක හොඳ දෙයක්නම් නෙවෙයි.

Share

8 Comments

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...