Home Tech News Microsoft සමාගමේ අලුත්ම Windows App එක
Tech News

Microsoft සමාගමේ අලුත්ම Windows App එක

Share
Share

Microsoft සමාගම අලුත්ම ඇප් එකක් හදුන්වා දී තිබෙනවා. ඒ තමයි Windows app කියල කියන්නෙ. මේ ඇප් එකෙන් අපිට desktop experience එකක් අපේ දුරකතන වලින් හෝ ටැබ්ලට් පරිගණක වලින් ලබාගන්න පුලුවන් වෙනවා. මෙමගින් අපෙ පරිගණකයෙ තියන වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියට ඕනෑම වෙලාවක ඕනෑම ස්ථානයක සිට තමන්ගෙ දුරකතනය මගින් පිවිසෙන්න ඉඩ ලබාදෙනවා.

මේ ඇප් එක මගින් අපෙ පරිගණකයට පිවිසෙන්න ඉඩ ලබාගන්නෙ Windows 365, Azure Virtual Desktop, Remote Desktop ඇතුලු තවත් resources කිහිපයක් උපයෝගී කරගෙනයි. මෙමගින් ඔබට Microsoft services, virtual desktop සහ local PC files පාලනය කිරීමේ හැකියාව දුරකතනයෙන් සිදුකරන්න පුලුවන් වෙනවා.

Screenshot

මීට අමතරව මේ ඇප් එකෙ තියන අනෙක් විශේෂාංග තමයි multi-monitor පහසුකම, customizable home screen එකක් තිබීම, dynamic display resolution පහසුකම, සහ device redirection පහසුකම. මේ device direction පහසුකම මගින් ඔබට webcams, USB drives, printers, සහ වෙනත් දෘඪාංග පරිගණකයෙ මෙන් ඔබෙ දුරකතනයට සම්බන්ධ කරගන්න ඉඩ ලබාදෙනවා.

මේ ඇප් එක බාවිතා කරන්න නම් ඔබට Microsoft work හෝ school account එකක් තිබීම අනිවාර්ය වෙනවා. මෙය බාගත කරගන්න Microsoft official website එක මගිනුත් Microsoft Store එක මගිනුත් දුරකතන හෝ ටැබ්ලට් පරිගණක සදහා Apple App Store හෝ Google Play Store එක මගිනුත් බාගත කරගන්න ඔබට පුලුවන්.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

මිනිසෙකු හා සමානව සංවාදයේ යෙදෙන ChatGPT 5.1

OpenAI විසින් නිකුත් කළ ChatGPT 5.1 මේ දිනවල ගොඩක් කතාබහට ලක්වෙන AI...

Chat Backup වලට අමතර ආරක්ශාවක් WhatsApp වෙතින්

WhatsApp වෙතින්, දැන් ඔයාලගේ chats ආරක්ශා කරගන්න තවත් විශේෂාංගයක් ලබාදීලා තියෙනවා. දැන්...

අලුතෙන් ආපු ChatGPT Atlas AI Browser එක

OpenAI සමාගම විසින් පසුගියදා ChatGPT Atlas නමින් AI-powered web browser එකක් නිකුත්...

නවතම Galaxy XR Headset එක ගැන දැනගමු

Samsung සමාගම විසින් ඔවුන්ගේ නවතම Galaxy XR headset එක එලි දැක්වුවා. දැනටමත්...