Press ESC to close

Asus PRIME B250M-C/CSM Review

Business සහ Office වලට ගන්න PC වලට ගැලපෙන ඒ සදහාම විශේෂ අංග / පහසුකම් එක් කරපු Asus PRIME B250M-C/CSM motherboard review එකයි මේ.

Computer එකක් ඕන වෙන්නෙ Gaming වලටම නෙමෙයි. ඒ වගේම Office වල එක දිගටම වැඩකරන Computers බොහෝවිට දකින්න පුලුවන්. විශේෂ යන්ත්‍ර point of sales වගේම Stock market වගේ දැවැන්ත කාර්ය වලට ඕන වෙන මේ වගේ පරිගණක වලට ගැලපෙන්න තමයි ASUS PRIME-B250M-C motherboard එක හදල තියෙන්නෙ.

Get Your Site Up with A2 Hosting

Unboxing Package එක

Asus PRIME B250M-C/CSM motherboard package එකේ එන දේවල් වෙන්නෙ

  • Asus PRIME B250M-C/CSM motherboard
  • SATA Cable 2ක්
  • Driver/ Utilities DVD එක
  • Stainless Steel I/O Plate එක
  • User Manual එක

Asus PRIME B250M-C/CSM Motherboard එකේ unboxing video එකත් බලන්න.

Features

Asus PRIME B250M-C/CSM Motherboard එකේ විශේෂාංග කීපයක්ම තියෙනව අනික් Asus motherboards වලට එන්නෙ නැති.

Asus Control center කියන්නෙ වෙනම මිලදී ගන්නවනම් $60ක් වගේ වෙන (2018 අප්‍රේල් මිල ගණන්) පරිගණක ජාලයක් පාලනය කරන්න පුලුවන් software එකක්. මේ හරහා කරන්න පුලුවන් දේවල් ගැන සම්පූර්ණ විස්තරයක් මේ ලින්ක් එකෙන් කියවන්න පුලුවන්. – Asus Control Center

Anti Moisture coating

එක දිගටම වැඩ කරන්න සහ ඕනම පරිසරයක වැඩ කරන්න ඔරොත්තු දෙන විදිහට හදල තියෙන මේ board එකට Anti moisture (ආරද්‍රතාවය දරාගන්න පුලුවන්) coating එකක් ගාල තියෙනව. මේක board එකේ කල් පැවැත්ම සදහා උදව් වෙනව.

 

Corporate Stable Model (CSM)

Asus CSM කියන අංගය හරහා ලැබෙන තවත් පහසුකමක් තමයි මේ products වලට සාමාන්‍ය life cycle එකට වඩා මාස 13ක් වැඩිපුර කාලයක් නිෂ්පාදනය කිරීම. ඒ කියන්නෙ සාමාන්‍ය product එකක් නිෂ්පාදනය නැවැත්තුවම ඒක හොයාගන්න නැතිවෙනව. ඒත් Asus CSM badge එක තියෙන products නිෂ්පාදනය නවත්තල තවත් මාස 13ක් ඒ කියන්නෙ අවුරුද්දකට වැඩි කාලයක් මේක තියෙනව.

අනෙක් පහසුකම්

  • 6th 7th generation intel CPU support – LGA 1150
  • intel B250 Chipset
  • DDR 4 2400MHz RAm support – upto 64GB
  • 1 x PCIe 3.0/2.0 x16
  • 2 x PCIe 3.0/2.0 x1
  • 1 x PCI
  • M2 socket x 2
  • 6 x SATA 6Gb/s port(s)
  • intel Optane memory Ready
  • intel gigbit LAN
  • Realtek® ALC887 Chip – 8 channel Audio

Back IO ports

  • 1 x PS/2 keyboard (purple)
  • 1 x PS/2 mouse (green)
  • 1 x DVI-D
  • 1 x D-Sub
  • 1 x DisplayPort
  • 1 x HDMI
  • 1 x LAN (RJ45) port(s)
  • 4 x USB 3.1 Gen 1 (blue)
  • 2 x USB 2.0
  • 3 x Audio jack(s)

මේ board එකේ Display connectors හැම එකක්ම තියෙනව. ඒකට ප්‍රධාන හේතුව මේක වැඩිපුරම පාවිච්චි වෙන office PC වලදි බොහෝවිට onboard intel graphic පාවිච්චි වෙන නිසා ඒත් එක්ක පාවිච්චි කරන්න පුලුවන් ඕනම monitor එකකට support වෙන විදිහට පහසුකම් ලබාදීම Asus සමාගමෙන් කරල තියෙනව.

 

 

 

Pcguide

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *