Press ESC to close

දැන් සක්‍රීය කරගත හැකි Meta සමාගමේ paid verification program එක

Meta සමාගමේ paid verification program එක මේ වනවිට ඇමරිකාව තුල ක්‍රියාත්මක වෙනව. එම සමාගමේ CEO Mark Zuckerberg පවසා තිබුනේ මේ සදහා ලියාපදිංචි වුනු හැමදෙනාටම දැන් blue verification badge එක Facebook සහ Instagram සදහා ලැබෙන බවයි.

මෙම verification program එක නිසා ලැබෙන වාසි වන්නෙ දත්ත වලට අමතර ආරක්ශාවක් ලැබීම සහ customer support එක සදහා direct access ලැබීමයි. මේ සදහා මසකට $12 වැයවෙනව. ඒ වෙබ් පරිශීලකයන් සදහා. ඒවගේම iOS සහ Android පරිශීලකයන් සදහා මසකට $15 වැයවෙනව.

Get Your Site Up with A2 Hosting

මෙම පැකේජ සමග මෙයට සෑම මසකම stars ලැබෙන අතර ඒවා Facebook නිර්මාපකයින්ට tip ලබාදීමට බාවිතා කලහැක. මීට අමතරව Stories සහ Reels සඳහා බාවිතා කිරීමට ස්ටිකර් පැක්ද ලැබෙනව.

Meta සමාගම මෙම verification program එක පසුගිය මාසවලදී Australia සහ New Zealand වල දියත් කරනු ලැබුව. Twitter Blue verification එක ලබාගන්නවට වඩා මෙම Meta verification badge එක ලබාගැනීම වෙනස්. ඒ මෙම වැඩසටහන සදහා ලියාපදිංචි වීමට ඔවුන්ගේ ගිණුමේ නම සහ ඡායාරූපයට ගැළපෙන රජයේ හැඳුනුම්පතක් Meta වෙත සැපයීමට අවශ්‍ය වෙනව.

ඒවගේම මේ සදහා වයස අවුරුදු 18 හෝ ඊට වැඩි පුද්ගලයන් සහ two-factor authentication සක්‍රීය කර ඇති පරිශීලකයන් සදහා පමනයි බාවිතා කලහැකි වෙන්නෙ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *