Home Tech News social media දැන් සක්‍රීය කරගත හැකි Meta සමාගමේ paid verification program එක
social mediaTech Newswebsites

දැන් සක්‍රීය කරගත හැකි Meta සමාගමේ paid verification program එක

Share
blank
Share

Meta සමාගමේ paid verification program එක මේ වනවිට ඇමරිකාව තුල ක්‍රියාත්මක වෙනව. එම සමාගමේ CEO Mark Zuckerberg පවසා තිබුනේ මේ සදහා ලියාපදිංචි වුනු හැමදෙනාටම දැන් blue verification badge එක Facebook සහ Instagram සදහා ලැබෙන බවයි.

මෙම verification program එක නිසා ලැබෙන වාසි වන්නෙ දත්ත වලට අමතර ආරක්ශාවක් ලැබීම සහ customer support එක සදහා direct access ලැබීමයි. මේ සදහා මසකට $12 වැයවෙනව. ඒ වෙබ් පරිශීලකයන් සදහා. ඒවගේම iOS සහ Android පරිශීලකයන් සදහා මසකට $15 වැයවෙනව.

මෙම පැකේජ සමග මෙයට සෑම මසකම stars ලැබෙන අතර ඒවා Facebook නිර්මාපකයින්ට tip ලබාදීමට බාවිතා කලහැක. මීට අමතරව Stories සහ Reels සඳහා බාවිතා කිරීමට ස්ටිකර් පැක්ද ලැබෙනව.

Meta සමාගම මෙම verification program එක පසුගිය මාසවලදී Australia සහ New Zealand වල දියත් කරනු ලැබුව. Twitter Blue verification එක ලබාගන්නවට වඩා මෙම Meta verification badge එක ලබාගැනීම වෙනස්. ඒ මෙම වැඩසටහන සදහා ලියාපදිංචි වීමට ඔවුන්ගේ ගිණුමේ නම සහ ඡායාරූපයට ගැළපෙන රජයේ හැඳුනුම්පතක් Meta වෙත සැපයීමට අවශ්‍ය වෙනව.

ඒවගේම මේ සදහා වයස අවුරුදු 18 හෝ ඊට වැඩි පුද්ගලයන් සහ two-factor authentication සක්‍රීය කර ඇති පරිශීලකයන් සදහා පමනයි බාවිතා කලහැකි වෙන්නෙ.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...