Press ESC to close

Microsoft Launcher ඇප් එක ගැන දැනගමු

ඔයා Microsoft Launcher ඇප් එක ගැන මීට කලින් අහල තිබ්බද? Microsoft Launcher යෙදවුම 2020 මැයි මස 25 දින එළිදක්වන ලදි. Microsoft සමාගම නිර්මාණය කරන ලද මෙම යෙදුමෙන්, Microsoft සේවාවන් රැසකට ප්‍රවිශ්ඨ විය හැකි ලෙස සකසා ඇත. තවත් විදිහකට කිවහොත්, මෙය ඔබේ දුරකථනයට, Microsoft Phone එකක අත්දැකීම ලබා ගත හැකි වන ලෙස නිර්මාණය කළ යෙදුමක් ලෙස ද හදුන්වන්නට පුලුවන්.

Microsoft Copilot වැනි AI විශේෂාංග, Image searching ඇතුළුව, Bing Daily Wallpapers, Bing News, කාලගුණය සහ ඔබේ Android දුරකථනය ඔබේ Windows පරිගණකයේ ඇති Sticky notes, To-Do, Calendar, OneDrive වැනි යෙදුම් sync කිරීමට ද මෙම යෙදුම භාවිතා කළ හැක. Microsoft Launcher මඟින් ඔබගේ කාලය ඉතුරු කරගෙන වැඩ පහසු කර ගැනීමට මෙන්ම යෙදුම් භාවිත කරන කාලය, තිරය ක්‍රියාත්මකව පවතින කාලය, යෙදුම් සැඟවීම, Icon Customize කිරීම සහ විවිධ ක්‍රියාකාරකම් සඳහා gestures එකතු කිරීම වැනි විශේෂාංග වලින් සමන්විත වීම හා ඔබේ දුරකථනයට අලුත් මුහුණුවරක් එක් කිරීමට ද මෙම යෙදවුම සමත් වේ.

ඉතිං, ඔබටත් මෙම යෙදවුම භාවිතා කර බලන ලෙස මම ආරාධනා කරනවා. මෙය Playstore මගින් බාගත කළ හැකි අතර ඒ සඳහා පහත සබැඳිය භාවිත කළ හැක. මේ ගැන කල වීඩියෝවක් පහලින් ඇති අතර එයද නරඹන මෙන් ආරාධනා කරනවා ඔබගේ අදහස පහලින් තියන්න.

Nadun nethmalaka herath

I am an ICT student (after A/L) and a small YouTuber. I enjoy video editing and graphic designing. I have some knowledge about modern technology, and I know tips and tricks for laptops, desktops, and mobile phones. I hope to help you with my knowledge. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *