Press ESC to close

ChatGPT වල නවතම තරගකරුවා ERNIE

චීනයේ ප්‍රධාන තාක්ශනික සමාගමක් වන Baidu සමාගම ChatGPT වල තරගකරුවෙකු ලෙස ඔවුන්ගේ chatbot එළිදැක්වූවා. එය ඔවුන් හදුන්වන්නෙ ERNIE (Enhanced Representation through Knowledge Integration) නමින්. මෙය මොවුන් වසර කිහිපයක සිටම සංවර්ධනය කරමින් තිබූ වැඩසටහනක්.

මෙයට සමගාමීව පැවති press event එකේදි Baidu සමාගමේ CEO Robin Li පවසා තිබුනේ ERNIE හට GPT-4 සතුව ඇති හැකියාවන්ම තිබෙන බවයි. කෙසේ නමුත් මෙම chatbot චීන වෙළදපොල මූලික කරගෙන නිකුත් කරන බවයි එම සමාගම වැඩිදුරටත් පවසා තිබුනේ. එම හේතුව නිසා දැනට එහි පරිශීලකයන් අසන ප්‍රශ්නවලින් චීනයෙන් කලාපයෙන් පිටත ඇතැම් විෂයන් සඳහා පිළිතුරු දීමට නොහැක.

Get Your Site Up with A2 Hosting

මෙම ERNIE හටත් වචන වලට අමතරව images සහ videos මගින් වුවත් සෙවුම් කිරීමේ හැකියාව තිබෙනව. මෙහි පැවැත්වූ press event එක අතරතුරේදී ERNIE හට චීන විද්‍යා ප්‍රබන්ධ නවකතාවක් සාරාංශ කර දැක්වීමට හැකිවුනා.

ERNIE Bot හි තාක්‍ෂණය භාවිතා කිරීමට සමාගම් 650 ක් දැනටමත් අත්සන් කර ඇති බව Li පැවසූ අතර, එය තවමත් ප්‍රසිද්ධියේ ආරම්භ කිරීමට සූදානම් නැති බව ඔහු පවසා තිබුනා. Baidu සමාගම මෙහි දැනට ප්‍රවේශය ලබා දෙන්නේ දැනටමත් ආරාධනා ලැබී ඇති අයට පමණයි. නමුත් තවත් සමාගම්වලට Baidu ක්ලවුඩ් platform එක හරහා ඔවුන්ගේ නිෂ්පාදනවලට chatbot ලබාගැනීමට ඉල්ලුම් කරන්න පුලුවන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *