Press ESC to close

ඉන්දියාව Cryptocurrency වලට වැට බදින ලකුණු

පසුගිය දවසක ඉන්දියානු රජය ඔවුන්ගෙ 2022 සඳහා වූ අයවැය ඉදිරිපත් කරා, ඒ මගින් virtual digital වත්කම් මගින් උපයන ඕනෑම ආදායමක් වෙත 30%ක බද්දක් පනවලා තියනවා. මේ බද්දෙන් නිදහස් කිරීම් සහ බදු අඩු කිරීම් වලට නව අයවැයෙන් ඉඩ ලබාදීල නෑ. cryptocurrency සහ NFT ත් මේ digital වත්කම් ගණයට තමයි වැටෙන්නෙ. ඒ අනුව ඉන්දියානු ජනතාවට cryptocurrency trading සහ NFT හරහා උපයන ඕනෑම ලාභයකට 30% ක බද්දක් ගෙවීමට සිදු වෙනවා.

ඉන්දියානු මුදල් ඇමති නිර්මලා සිතර්මන් විසින් තවදුරටත් මේ පිලිබඳ ප්‍රකාශ කරේ අත්පත් කර ගැනීමේ පිරිවැය හැර කිසිදු අඩු කිරීමක් සිදු නොවෙන බවයි. ඒ වගේම ත්‍යාගයක් විදිහට virtual currencies ලැබෙන දෙපාර්ශවයකින් තෑගි ලබන්නාගෙන් මේ බදු අය කිරීම සිදු කෙරෙනවා.

Get Your Site Up with A2 Hosting

මේ යෝජනාව පැමිණ තිබෙන්නෙ cryptocurrencies සහ NFTs ඉන්දියාව තුල ප්‍රචලිත වෙමින් තිබෙන අවස්ථාවකයි. එරට තරුණයන් වර්තමානයේ cryptocurrency trading පිලිබඳ උනන්දු වෙන අතර සමහර පිරිස් විශාල මුදල් ප්‍රමාණයක් ඉපයීම සඳහා NFTs විකිණීම ආරම්භ කරල තියනවා.

මේ බදු පැනවීමත් එක්ක හුඟක් දෙනෙක්ට ඇතිවුන ප්‍රශ්නයක් තමයි ඉන්දියානු රජය නිල වශයෙන් cryptocurrencies පිලිගැනීමට සූදානම් වෙනවාද කියන එක. ඒකටත් ඉන්දියානු මුදල් ඇමතිවරිය අලුත් අයවැයේ පිළිතුරක් සපයල තියනවා. ඒ අනුව ඉන්දියාවේ මහ බැංකුව වන Reserve Bank of India (ඉන්දියානු සංචිත බැංකුව) විසින් ඔවුන්ගේම digital currency එකක් හඳුන්වාදීමට කටයුතු කරන් යනව කියල ඉන්දියානු මුදල් ඇමතිවරිය තහවුරු කරල තියනවා.

මේ digital මුදල් ඒකකය දැනට central bank digital currency (CBDC) ලෙස හඳුන්වන අතර blockchain සහ ඊට අදාල වෙනත් තාක්ෂණයන් භාවිතයෙන් මේක සංවර්ධනය වෙනවා. මේ මුදල් ඒකකය digital ආර්ථිකයට විශාල ශක්තියක් වෙනු ඇතැයි ඇමතිවරිය ප්‍රකාශ කරල තියනවා.

සාමාන්‍ය මුදල් භාවිතා කරනව වගේම digital ආකාරයට භාවිතා කිරීමට මේ Central bank digital currency (CBDC) පාවිච්චි කරන්න පුලුවන්. දැනටමත් පවතින cryptocurrencies නිල වශයෙන් පිලිගැනීමට ඉන්දියානු රජය සූදානම් නෑ, ඒ වෙනුවට විශ්වාසදායී, නියාමනය කරන ලද සහ නීත්‍යානූකූල ඔවුන්ගේම cryptocurrency එකක් ලබාදීම මෙමගින් බලාපොරොත්තු වෙනව කියල අපිට හිතන්න පුලුවන්.

Pasindu Ruwandeniya

An internet kid who loves open-source software and new technologies.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *