Home Tech News gadgets OnePlus නිකුත් කල ANC සහිත නවතම Nord Buds 2
gadgetsHardwareTech News

OnePlus නිකුත් කල ANC සහිත නවතම Nord Buds 2

Share
blank
Share

OnePlus සමාගම ඔවුන්ගේ නවතම දෙවන පරම්පරාවේ බජට් earbuds වන Nord Buds 2 එළිදැක්වූවා. එය කලින් නිකුත් කල මාදිලියට වඩා 50%කින් පමන මිල වැඩි අතර එම මුදලට සාපේක්ශව නව විශේෂාංග එයට එක්කර තිබෙනව.

මෙහි තිබෙන්නෙ පෙර මාදිලියේ තිබුනු 12.4mm titanium driver එකමයි. නමුත් එයට අමතරව මෙහි 25dBක active noise cancelation පහසුකම එක්කර තිබෙනව. ANC සහිත වෙනත් earbuds වල මෙන්ම Nord Buds 2 වලත් transparency mode එක දක්නට ලැබෙනව.

OnePlus සමාගම පවසන ආකාරයට Buds 2 තුල පැහැදිලි බව නැති කර නොගෙන හෝ විකෘති කිරීම් එකතු නොකර bass එක පැහැදිලිව ලබාදීම සදහා AI බාවිතා කර තිබෙනව. මෙහි Call ලබාගැනීම සදහා dual-mic system එකක් මගින් කටහඩ amplify කිරීමටත්, background Noice blur කිරීමටත්  call quality එක වැඩිකිරීමටත් මෙහි AI algorithm එකක් බාවිතා කර තිබෙනව.

ඒවගේම මෙහි  Dolby Atmos පහසුකමත් තිබෙනව. ඔබට මෙහි sound tune කිරීමට අවශ්‍ය නම් ඒ සදහා වෙනම  pre-defined equalizer profiles කිහිපයකුත් අඩංගු කර තිබෙනව. තවත් අමතර වශයෙන් මෙහි IP55 water සහ dust resistance පහසුකම මෙන්ම customizable touch controls කිහිපයකුත් එක්කර තිබෙනව.

OnePlus සමාගම පවසන ආකාරයට මෙහි බැටරිය එක්වරක් චාර්ජ් කර පැය හතක් බාවිතා කරන්න පුලුවන්. ඒවගේම ANC සමග මෙහි charging-case එකත් සහිතව පැය 36 බාවිතා කිරීමේ හැකියාව පවතිනව.

මෙම OnePlus Nord Buds 2 දැන් සුදු සහ අලු යන වර්ණ වලින් $60කට දැන් මිලදී ගන්න පුලුවන්.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...