Press ESC to close

OnePlus නිකුත් කල ANC සහිත නවතම Nord Buds 2

OnePlus සමාගම ඔවුන්ගේ නවතම දෙවන පරම්පරාවේ බජට් earbuds වන Nord Buds 2 එළිදැක්වූවා. එය කලින් නිකුත් කල මාදිලියට වඩා 50%කින් පමන මිල වැඩි අතර එම මුදලට සාපේක්ශව නව විශේෂාංග එයට එක්කර තිබෙනව.

මෙහි තිබෙන්නෙ පෙර මාදිලියේ තිබුනු 12.4mm titanium driver එකමයි. නමුත් එයට අමතරව මෙහි 25dBක active noise cancelation පහසුකම එක්කර තිබෙනව. ANC සහිත වෙනත් earbuds වල මෙන්ම Nord Buds 2 වලත් transparency mode එක දක්නට ලැබෙනව.

Get Your Site Up with A2 Hosting

OnePlus සමාගම පවසන ආකාරයට Buds 2 තුල පැහැදිලි බව නැති කර නොගෙන හෝ විකෘති කිරීම් එකතු නොකර bass එක පැහැදිලිව ලබාදීම සදහා AI බාවිතා කර තිබෙනව. මෙහි Call ලබාගැනීම සදහා dual-mic system එකක් මගින් කටහඩ amplify කිරීමටත්, background Noice blur කිරීමටත්  call quality එක වැඩිකිරීමටත් මෙහි AI algorithm එකක් බාවිතා කර තිබෙනව.

ඒවගේම මෙහි  Dolby Atmos පහසුකමත් තිබෙනව. ඔබට මෙහි sound tune කිරීමට අවශ්‍ය නම් ඒ සදහා වෙනම  pre-defined equalizer profiles කිහිපයකුත් අඩංගු කර තිබෙනව. තවත් අමතර වශයෙන් මෙහි IP55 water සහ dust resistance පහසුකම මෙන්ම customizable touch controls කිහිපයකුත් එක්කර තිබෙනව.

OnePlus සමාගම පවසන ආකාරයට මෙහි බැටරිය එක්වරක් චාර්ජ් කර පැය හතක් බාවිතා කරන්න පුලුවන්. ඒවගේම ANC සමග මෙහි charging-case එකත් සහිතව පැය 36 බාවිතා කිරීමේ හැකියාව පවතිනව.

මෙම OnePlus Nord Buds 2 දැන් සුදු සහ අලු යන වර්ණ වලින් $60කට දැන් මිලදී ගන්න පුලුවන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *