Home Tech News Phones Android 13 පළමු Developer Preview සංස්කරණය නිකුත් වේ
PhonessoftwareTech News

Android 13 පළමු Developer Preview සංස්කරණය නිකුත් වේ

Share
blank
Share

Google ආයතනය විසින් Android 13 හි පළමු Developer Preview එක මේ වෙනකොට නිකුත් කරල තියනවා. මේකත් එක්ක privacy settings වැඩි දියුණු කිරීම්, Material You design වෙනස්කම් සහ තවත් වැඩිදියුණු කිරීම් කිහිපයක්ම හඳුන්වාදෙන්න සූදානම් වෙනවා.

මේ Developer Preview එක app සංවර්ධකයන්ට තමන්ගෙ apps ඊලඟ Android සංස්කරණයට ලෑස්ති කිරීම සඳහා පරික්ශා කිරීමට ලබාදෙන අතර සාමාන්‍ය පාරිභෝගිකයින් මේ Developer Preview එක තමන් පාවිච්චි කරන device එකට install කරගැනීම කිසිසේත් අනුමත කරන්නේ නෑ.

Android 13 වල විවිධ releases නිකුත් වෙන්නෙ කවද වගේද කියල අදහසක් ගන්න Google ආයතනය timeline එකකුත් නිල නිවේදනයට ඇතුලත් කරල තියනවා.

Android 13 වල යාවත්කාලීන වුන Photo Picker API එකෙන් අපිට app එකකට memory එකේ තියන ඔක්කොම photos වලට access දෙන්න ඕන නෑ, ඒ මගින් අපි තෝරගන්න photos වලට විතරක් app එකකට access ලබාදෙන්න පුලුවන්, ඒක පෞද්ගලිකත්වය ආරක්ශා කරගන්න වැදගත් පහසුකමක්. Location data භාවිතය අවම කරන්න අලුතෙන් Wi-Fi සැකසුම් කිහිපයකුත් මේ අලුත් Android සංස්කරණයේ හඳුන්වලා දීලා තියනවා. ඒ වගේම app සංවර්ධකයන්ට user පාවිච්චි කරන භාෂාව පිලිබඳ විස්තර ලබාගන්නත් අලුත් API එකක් නිකුත් කරල තියනවා, මේ එක්ක එක් එක් app එකට වෙන වෙනම භාෂාව වෙනස් කරන්න users ලට අවශ්‍ය වෙන එකක් නෑ. System එකේ default language එක සකස් කරාම අනෙක් apps ඒ භාෂාවට සහය දක්වනවනම් ඉබේම අවශ්‍ය භාෂාවට සැකසේවී.

Material You වල තිබුන dynamic app icons පහසුකම Android 13 වල සියලු apps වලට ලබාදෙන්නත් කටයුතු කරල තියනවා. මේ නිසා සංවර්ධකයන්ටත් මේ dynamic app icons තමන්ගෙ apps වලට යොදාගන්න පුලුවන්.

Pixel 6 Pro, Pixel 6, Pixel 5a 5G, Pixel 5, Pixel 4a 5G, Pixel 4a, Pixel 4 XL, හෝ Pixel 4 දුරකථනයක් තියෙනවනම් සංවර්ධකයන්ට මේ Android 13 Developer Preview එක install කරගෙන පරික්ෂා කරන්න පුලුවන්. ඒ වගේම Android 13 වල beta සංස්කරණය මේ අවුරුද්දෙ අප්‍රේල් වල වගේ නිකුත් වේවී, stable release එක බොහෝවිට අගෝස්තු හෝ සැප්තැම්බර් වල අපිට දැකගන්න හැකි වේවී.

Share
Written by
Pasindu Ruwandeniya

An internet kid who loves open-source software and new technologies.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...