Home Games Just Cause 3 පරිගණක ක්‍රීඩාව ගැන දැනගමු
Games

Just Cause 3 පරිගණක ක්‍රීඩාව ගැන දැනගමු

Share
blank
Share

Just Cause කියන්නෙ කුරිරු හමුදා පාලනයකට යටත්ව තිබෙන තම මව්බිම බේරා ගැනීම සඳහා සටන් කරන විශේෂ හැකියා සහිත තරුණයෙකු ගැන ප්‍රබන්ධ කතාවක් පාදක කර ගෙන තැනූ පරිගණක ක්‍රීඩාවක්.

Rico Rodriguez යනු සීඅයිඒ සංවිධානය යටතේ ක්‍රියාත්මකවූ දි ඒජන්සි නම් සංවිධානයේ හිටපු සාමාජිකයෙක්. ඔහුගේ දෙමාපියන් වාසය කර ඇත්තේ මෙඩිසි නම් ගමේ. කලකට කලින් දරුණු හමුදා ජෙනරල්වරයෙකු විසින් එම ගම යටත් කරගෙන හමුදා පාලනයක් ගෙන යනව. හමුදාව එම ප්‍රදේශය අත්පත් කර ගැනීමේ සටන්වලදී රිකෝගේ දෙමව්පියන් මරා දමා තිබෙනව. මේ අතරතුර සීඅයිඒ සංවිධානයෙන් සමු ගන්නා රිකෝ නැවත තම මව්බිම වෙත පැමිනෙනව. ඔහුගේ අරමුණ වන්නේ හමුදා පාලනයෙන් තම භූමිය නිදහස් කර ගැනීමයි. මෙහිදී පරිගණක ක්‍රීඩකයාට මෙහෙයවීමට ලැබෙන්නේ මෙම රිකෝ නම් සටන්කාමියායි.

ලෝකයේ අන් කිසිදු තැනකදී හමු නොවන ඛණිජ නිධියක් මෙඩිසි ගමේ පොළොව යට තිබෙනව. හමුදා පාලක ජෙනරාල්ගේ අරමුණ වන්නේ එම ඛනිජ අත් පත් කර ගෙන ගෙන ඉන් ලැබෙන ධනයේ බලයෙන් මුලු ලෝකයම තම පාලනයට යටත් කරගැනීමයි.

ඔහුගේ මෙම සැලසුමට විරුද්ධව සටන් කරන කණ්ඩායමක්ද එරට එහි සංවිධානය වෙමින් තිබෙනව. රිකෝගේ පාසැල් මිතුරෙක් එම කණ්ඩායමේ සිටිනව. නැවත පැමිණෙන රිකෝ ඔවුන් සමඟ එක් වෙනව. එතැන් සිට ඔවුන් සමඟ එක්ව හමුදා පාලනයෙන් තම භූමිය බේරා ගැනීමට ඔවුන් සටන් කරනව.

රිකෝ ඉතා දක්ෂ ලෙස සීඅයි ඒ සංවිධානයේ මෙහෙයුම් ගණනාවකට සම්බන්ධ වූ අයෙක්. එසේම ඒ වෙනුවෙන්ම පුහුණු කර සිරුරට විශේෂ තාක්ශනික උපාංග පවා සවි කර තිබෙනව. ගුවනේ පාවෙමින් ගමන් කළ හැකි විශේෂ තාක්ෂණික උපාංග ඔහුගේ ශරීරයට සවි කර තිබෙනව. එසේ ගමන් කරමින් භූමියේ පිහිටි ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කරන්න පුලුවන්. එසේම ඔහුගේ ඇඳුමට සවි කරන ලද විශේෂ පැර ෂුටයක්ද තිබෙනව. එමඟින් ගුවනේ පාවෙමින් පැමිණ නිවැරදි ඉලක්කය වෙත ගොඩ බැසීමට පුළුවන්. ඔහුගේ වම් අතේ සවි කර තිබෙන විශේෂ උපාංගයේ ඇති කොක්කක් වැනි කොටස දුරට විද එහි ඇති කේබලයෙන් යමක් අල්ලා තමා වෙතට ඇද ගැනීම වැනි වැඩද කරන්න පුලුවන්.

ජෙනරාල්ට එරෙහිව විවිධ මෙහෙයුම්වල යෙදීමට රිකෝට සිදුවෙනව. එම සෑම මෙහෙයුමක්ම සාර්ථක කර ගනිමින් හමුදා පාලනය බිඳ දැමීමට කටයුතු කිරීම පරිගණක ක්‍රීඩකයාට පැවරෙනව.

ජීවිත අවදානම් තිබෙන අවස්වලින් ඔහුව ආරක්ෂා කරගනිමින් මෙහෙයුම් කල යුතුයි. ජස්ට් කෝස් පරිගණක ක්‍රීඩාවේ යෙදෙන අතරතුර අධි තාක්ෂණික ආයුධ, වාහන, ගුවන් යානා, නැව් යනාදිය රිකෝට ලබාදී ඔහු සවි බල ගැන්වීමට පරිගණක ක්‍රීඩකයාට පුලුවන්. ක්‍රීඩා අවස්ථාවට වඩාත් සුදුසු දේ ලබා දෙමින් ඔහුගේ සටනට සහය වීමෙන් ක්‍රීඩාවේ ඉදිරියට යන්න පුලුවන්.

ජස්ට් කෝස් පරිගණක ක්‍රීඩාවේ ග්‍රැෆික් නිර්මාණ සහ ඉදිරිපත් කිරීම සාර්ථක ලෙස කිරීමට එහි නිර්මාණ ශිල්පීන් සමත්ව සිටිනව. ඇතැම් දර්ශනවලදී හැගෙන්නේ සත්‍ය ලෙසම තමන් එම සිදුවීම සිදුවන ස්ථානයේ සිටින බවක්. එතරම් තාත්වික ආකාරයට චරිත, ගොඩනැගිලි, පරිසරය යනාදී සියල්ලේ ත්‍රිමාන සජීවීකරණ වැඩ කර තිබෙනව.

කැමරා කෝණ, ආලෝකය සහ පසුබිම් ශබ්ද භාවිත කර තිබෙන්නේද චිත්‍රපටවලදී දක්නට ලැබෙන ආකාරයෙන්. මෙය අවි ආයුධ භාවිතා කරන, වේගවත් ක්‍රීඩාවක්. මෙම පරිගණක ක්‍රීඩාව පිළිබඳ වැඩි විස්තර justcause.com යන එහි නිල වෙබ් අඩවියෙන් බලාගන්න පුලුවන්.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

අඩුවට Games ගන්න Steam Winter Sale ආරම්භ උනා

PC ක්‍රීඩකයන් බොහෝ දෙනා බලා සිටින Steam Winter Sale වට්ටම් කාලය Valve...

ලබන අවුරුද්දෙ එන අලුත්ම Control Game එක

Control Resonant යනු 2019 දී පළමු Control ක්‍රීඩාව නිර්මාණය කළ Remedy Entertainment...

Red Dead Redemption 1 මොබයිල් සදහා නිකුත් වෙයි.

Rockstar Games හි ජනප්‍රිය Red Dead Redemption ක්‍රීඩාව 2025 දෙසැම්බර් 2 වන...

නොමිලේ Play කරන්න පුලුවන් අලුත්ම Game එක

Where Winds Meet යනු පැරණි චීනය කෙන්ද්‍ර කරගෙන නිර්මාණය කර ඇති නව...